වරාය චීනයට විකිණීමේ කැබිනට් පත්‍රිකාව අගමැතිවරයා එහි වගකීම ජනාධිපතිගේ හිස මත තියයි.. කැබිනට් සංශෝධනයත් පුස්සක් වෙයි..

May 10, 2017 at 3:22 am | lanka C news
වරාය චීනයට විකිණීමේ කැබිනට් පත්‍රිකාව අගමැතිවරයා එහි වගකීම ජනාධිපතිගේ හිස මත තියයි.. කැබිනට් සංශෝධනයත් පුස්සක් වෙයි..

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මේ සතියේ රැස් වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදි හම්බන්තොට වරාය චීනයට පැවරිමේ අවසන් ගිවිසුම සහිත අනුමැතිය සඳහා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් අගමැතිවරයා ඉදිරිපත් කොට තිබුණි.

එය සාකච්ඡාවට ගත් අවස්ථාවේදි වරාය අමාත්‍ය අර්ජුන රණතුංග මහතා විසින් යම් යම් කරුණු ඉදිරිපත් කලහ. ජනාධිපතිවරයා ද බොහෝ අවස්ථාවන්වල අර්ජුන රණතුංග අමාත්‍යවරයාගේ අදහස් වලට එකඟතාවය පලකරන දුටු අගමැතිවරයා තීරණය කොට ඇත්තේ මෙම ගනුදෙනුවේ අවසාන තීරණය ජනාධිපතිවරයා විසින් ගත යුතුය යන්න පවසා එම අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව වගකීම ජනාධිපතිවරයා වෙත පවරා ඇත.

ඒ අනුව අද දිනයේදි විදේශ ගතවීමට නියමිතව සිටි වරාය අමාත්‍ය අර්ජුන රණතුංග මහතා එම ගමන නවත්වා මෙම ගනුදෙනුව සම්බන්ධව තව දුරටත් කරුණු හදරා ජනාධිපතිවරයා දැනුවත් කොට තීරණය ගැනීම සඳහා අද වෙසක් පෝය දිනයේ දී ද අමාත්‍යාංශයේ කටයුතු කිරීමට තීරණය කොට ඇත.

මේ අනුව වෙසක් පෝයට පෙර අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදුවන බව මාධ්‍ය බලාපොරොත්තුව සිටියත් ඊට වඩා බරපතළ ගැටලුවකට මෙන්ම අර්බුදයකට ජනාධිපතිවරයා ප්‍රමුඛව ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් ගමන් කරමින් සිටි.

64 views
Main News