වරාය ජයබහලු පර්යන්ත සේවකයන් 30%ක් නිරෝධායනයට.. වරාය අසීරුතාව ගැන සභාපතිගෙන් නිවේදනයක්..

November 15, 2020 at 4:40 pm | lanka C news
වරාය ජයබහලු පර්යන්ත සේවකයන් 30%ක් නිරෝධායනයට.. වරාය අසීරුතාව ගැන සභාපතිගෙන් නිවේදනයක්..

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් වරාය මෙහෙයුම්වලට එය බලපා ඇති ආකාරය වරාය අධිකරිය විසින් පැහැදිලි කරයි.

එහි සභාපති ජෙනරාල් දයා රත්නායක මහතා විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය මෙසේය.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපතිතුමාගේ විශේෂ පණිවිඩය

ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ සමුද්‍රීය කේ‍ෂේත්‍රයට සම්බන්ධ සියලු පාර්ශවයන් වෙත නව අභියෝගයක් වෙත මුහුණු පෑමට සිදුව තිබේ. එය සමස්ථයක් ලෙස ගෝලීය අර්ථක්‍රමය ම මුහුණ දෙන අභියෝගයකි. මේ සඳහා වරාය හා සමුද්‍රීය කර්මාන්තයට සම්බන්ධ සියලු දෙනාගේ සහ අදාල පාර්ශවයන්ගේ අවංක කැපවීම හා එකමුතු බව උදෙක්ම අපේක්‍ෂා කරමි. මෙම අධි වසංගත තත්ත්වය හේතුවෙන් ගෝලීය සැපයුම් දාමයට දැඩි අභියෝග එල්ල වී තිබේ. එහි ප්‍රතිඵලයක් වශයෙන් බහුතරයක් වූ බහලු නෞකා සහ අනෙකුත් නෞකාවන්ට ලෝකයේ බොහෝ වරායන් වෙත ප්‍රවේශවීමට නොහැකි විය.

මා විසින් මීට පෙර නිකුත් කරනු ලැබූ පණිවිඩයේ සඳහන් කළ පරිදි, ශ්‍රී ලංකාව කිසිදු තත්ත්වයක් යටතේ සිය වගකීම් අත් නොහැරී ය. එහි ප්‍රතිඵලයක් වශයෙන් අපගේ වරායයන් බහලු නෞකා, මගී නෞකා, තොග කඩන හෙවත් සාම්ප්‍රදායික නැව්බඩු මෙහෙයුම් සහ අනෙකුත් නාවික සේවාවන් අඛණ්ඩව සපයනු ලැබීය. එහිදී අප විසින් සේවක කාර්ය මණ්ඩල හුවමාරු හා එම ක්‍රියාදාමයන්ට හා ඔවුන්ගේ සෞඛ්‍යමය තත්ත්වය සුරක්‍ෂිත කිරීමට ප්‍රමුඛතාවය ලබා දෙන ලදි. විශේෂයෙන්ම ගෝලීය සැපයුම් දාමයේ පළමු ගාමක බලවේගය නාවිකයින් බව මැනවින් වටහා ගනිමින් අදාල සියලූ සෞඛ්‍යාරක්‍ෂිත ආරක්‍ෂණ ක්‍රමවේදයන් අනුගමනය කළෙමු. නිරන්තරයෙන් අපගේ ප්‍රමුඛතාව වන්නේ සියලු දෙනා හැකි තරම් ආරක්‍ෂිතව තබා ගැනීම සඳහා අවශ්‍ය පියවර ගැනීම ය.

කොළඹ වරායේ සහ වෙනත් පර්යන්තවල සේවක මහතුන් කිහිප දෙනෙකුට කොවිඞ්-19 වෛරසය ආසාදනය වූ බව ඔබ සෑමදෙනා දන්නා කාරණයකි. එය කොළඹ වරායේ මෙහෙයුම් ක්‍රියාවලියට යම් තරමින් බලපා ඇත. නමුත් එවන් වූ කෙටි බාධාවන් කඩිනමින් විසදා ගැනීමට කටයුතු කර ඇති අතර සියලුම වරායන් වල මෙහෙයුම් සහ අනෙකුත් සේවාවන් යථා තත්ත්වයට පත් කිරීමට හැකි විය. මෙම වෛරසය ආසාදනය වූ සියලුම සේවක මහතුන් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කරන ලදි. එම ආසාධිතයින්ගේ ආශ්‍රිතයින් වහාම හඳුනාගෙන පිළිවෙලින් සෞඛ්‍ය මාර්ගෝපදේශ ක්‍රමෝපායන් අනුගමය කරමින් ක්‍රමානුකූල සෞඛ්‍ය ක්‍රියා පටිපාටි සහ නිරෝධායන ක්‍රමවේදයන්ට නිසි ලෙසින් යොමු කොට ඇත. මේ අතර අහඹු ලෙස තෝරාගත් සේවක මහතුන්ගේ සහ වරාය භාවිතා කරන්නන්ගේ සාම්පල පී.සී.ආර්. පරීක්‍ෂණ සඳහා අඛණ්ඩව යොමු කරනු ලැබේ. වරාය පරිශ්‍රයේ කටයුතු කරන සෑම අයවලෙකු ට ම දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූල විය හැකි සියලු පහසුකම් සලසා තිබේ.

කොවිඞ්-19 හේතුවෙන් සියළුම පුද්ගලයන්ට සහ ප්‍රජාවන් වෙත ඇතිවිය හැකි අවධානම කළමණාකරණය හා බලපෑම අවම කිරීම සඳහා නිසි පියවර ක්‍රියාත්මක කර ඇත. කොළඹ වරායේ ජයබහලු පර්යන්තයේ සේවක මහතුන්ගෙන් 30% ක් පමණ තවමත් සිය නිවෙස්වල නිරෝධායනයට ලක්කිරීමට සිදු වූ අතර, වරාය පරිශ්‍රයේ බහාලු මෙහෙයුම් කටයුතු සඳහා පුහුණු මානව සම්පත් ප්‍රමාණවත් නොවීම හේතුවෙන් මානව සම්පත් සැපයුම් සමාගම් හරහා අතිරේක කාර්ය මණ්ඩලයක් බඳවා ගැනීමට පියවර ගෙන තිබේ. මේ තුළින් වරායේ මෙහෙයුම් ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් පවතින අතර, මෙම සතිය තුළ කොළඹ වරාය එහි සුපුරුදු කාර්යක්‍ෂමතාවයෙන් මෙහෙයුම් ක්‍රියාත්මක වන බවට අපට සහතික විය හැකි ය.

ජෙනරාල් දයා රත්නායක
සභාපති
ශ්‍රී ලංකා වරාය අධිකාරිය

23,853 views

14 Comments to “වරාය ජයබහලු පර්යන්ත සේවකයන් 30%ක් නිරෝධායනයට.. වරාය අසීරුතාව ගැන සභාපතිගෙන් නිවේදනයක්..”

  1. Nawodhi says:

    Failed totally failed.

    • ආදරෙයි ලක් මවුනි says:

      මේ දන්න මගුලක් කියනවා ඕයි.එතකොට ලෝකේ අනිත් රටවල් pass ද .මෝඩ චූන් ගන්න එපා

      • ක්‍රිමිනල් says:

        ඇයි පැන් මුට්ටි බෛයො ! උබලා පම්පෝරී ගැහුවේ ලොකෙන් අංක දෙක කියලා , අපේ ස කොවිඩ්19 පාලනය කොලා කියලා …දැන් එහෙම නැද්ද ?
        බං ගොයියො නොදන්නවා උනාට , කොවිඩ්19 සාධනීයව පාලනය කරපු ( පාණ්ඩුවට කඩේ යන හොරණෑ වලින් නොව සත්‍ය වශයෙන්ම ) රටවල් තියෙනවා , අප්‍රිකාවේ චැඩ් ,මොරොක්කොව ,ටියුනීශියාව , ද.ඇමෙරිකාවෙව් ,බාර්බේඩොස් , ඩොමිනිකා , උරුගුවේ , ආසියාවේ ජපානය ,වියට්නාමය සහ කාම්බෝඩය සහ යුරොපයේ මොන්ටී නීග්‍රෝ ,අයිස් ලන්තය සහ ක්‍රොඑශියාව ,ඔශියානාවේ , ෆීජී , නව සීලන්තය සහ ඔස්ට්‍රේලියාව (බොහො දුරට) අන්න ඒ රටවල. එක එයාර්පොර්ට් එකක් පාලනය කරගන්න බෑ ! එවුනාට කෛයිවාරුව දෝලාවෙන් ,එකටම හරියන නයට කහින වහල්ලූ..

        • ක්‍රිමිනල් says:

          දොස්තර සජී තුමා කිවුව දේ අහල පකනිල් දුන්න නම් ඔහොම වෙන්නේ නෑනේ.
          කොහෙද ඉතින්, ගොන් බයියන්ට තේරෙන එකක් යැ.

    • බිස්කට් ලොක්කා says:

      එතකොට බන් ලෝකෙ වටේම රටවල් වලට කොරෝනා ආවෙ ජනාධිපතිලා ෆේල් නිසාද බන් 😂😂😂😂
      සීයට තුනකට බස්සගත්තු එවුන් ජනාධිපතිගෙ ෆේල් කම හොයන්න කලින් තොපෙ සීයට තුන බලාගනින් ඉස්සෙල්ලා. 😂😂😂😂

    • බූරු පුතා says:

      ඔව් ඔව්, පැකනිල් බූරු පුතා අලහන්තර රබ්බුක කයි ෆේල් තමා!

      පන නැති විපකෂේ ෆේල්!

  2. ක්‍රිමිනල් says:

    වරායෙ හැමෝටම පකනිල් දුන්න නම් වැඩේ ඉවරයිනේ.
    කොහෙද ඉතින්, ගොන් බයියන්ට තෙරෙනේ එකක් යැ.

    • ක්‍රිමිනල් says:

      ෆ්ලැකනිල් වැඩක් නෑ ! වරායට එලීයන්තගේ පැන් මුට්ටි දෙක තුනක් ඇතෑරලා , සේවකයන්ට සුදර්ශණි පැනිය පොවලා , පස්සේ දිලිත් ගෙනාපූ රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් එකක් කරලා , ඔන්නං ප්‍රාණජීවයකුත් ගස්සලා ගෙදර අරිමූ !…. 😂😂😂

    • පකනිල් says:

      පකනිල් දෙන්න කෙනෙක් නෑ පකනිල් දෙන බූරු පුතානෝ වයිරසේට බයේ ඇඳයට

  3. බිස්කට් ලොක්කා says:

    කැට හොල්ලන ජෙපි හිගන්නොයි අට පාස් සජියගෙ ටෙලිපෝන් කබ්බො සෙට් එකයි ෆේල් ෆේල් ගගා හැමිනෙන්නේ උන්ට තව කියන්න දෙයක් ඉතුරුවෙලා නැති නිසාද 😂😂😂😂

    • jhon the baptice says:

      කට උත්තර නැති හුලඟටත් වැනෙන විපක්ෂෙ ෆේල්!

  4. අහෝ says:

    Brandix ව්‍යප්තිය පිලිබදව කවුරුත් කතා නැහැ. Brandix පොකුර මිනුවන්ගොඩ පොකුර බවට පෙරලලා අනේ මෙහෙම රටක්

  5. Kalana says:

    ගොනා ආර්ථිකය කියල මුලදී රට Lock Down කලේ නැහැ, දැන් මොකද උනේ?

  6. Ab says:

    This pathetic crazy opposition members are first class useless gansters. According to them this corona virus is made by government & spread by government. So therefore government is failed. In fact all world class leaders failed too. They are many counrties struggling with this too. theHowever puthano plus jvp are using to gain popularity from this .As usual sri lankan people are believing this too.

Main News