වරාය නගරයට පනත් 07ක් බලපාන්නේ නෑ…- ඇමති සුසිල්

April 20, 2021 at 3:00 pm | lanka C news
වරාය නගරයට පනත් 07ක් බලපාන්නේ නෑ…- ඇමති සුසිල්

ආයෝජන දිරි ගැනීමට අදාළ පනත් හතක් හැර කොළඹ වරාය නගරයට ශ්‍රී ලංකාවේ සෙසු සියලුම පනත් බලපැවැත්වෙන බව රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා සඳහන් කළේය.

1978 වසරේදී මහ කොළඹ ආර්ථික කොමිසම පිහිටුවා නිදහස් වෙළෙඳ කලාප ඇති කරන විට කොරෝනා ප්‍රශ්නයක් ලෝකයේ ඇති වී නොතිබුණු බවද පැවසූ ඔහු අද තත්ත්වය ඊට වඩා හාත්පසින්ම වෙනස් බව ද පැවසීය.

කටුනායක බියගම සහ කොග්ගල වැනි නිදහස් වෙළඳ කලාප වලට වඩා මඳක් එහාට ගිය සහන වරාය නගරයට ලබාදෙන බවත් ආයෝජකයන් දිරිගැන්වීම සඳහා අනිවාර්යෙන්ම සහන දිය යුතු බවත් ඔහු පැවසීය.

වරාය නගරය මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ක්‍රියාත්මක වන බවත් එය කිසිදු අවස්ථාවක වෙනම රටක් වීමේ හැකියාවක් නොමැති බවත් ඔහු කියා සිටියේය.

ඒ මහතා මේ බව සඳහන් කළේ වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ ජනමාධ්‍ය අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

29,370 views

10 Comments to “වරාය නගරයට පනත් 07ක් බලපාන්නේ නෑ…- ඇමති සුසිල්”

  1. බයියට මොළයක් ජාතික ව්‍යාපාරය says:

    ගිය පාර අරලිය ගහ මැදුරේ කාමරේකට කැදෝලා දීපු කනේ පාරේ සැර මතක් වෙද්දි එහෙයි නියමයි නොකියා වෙන කුමක් පවසම්

  2. රන්ජා says:

    ආයෝජන ඇවිල්ලා, රට දිවුණු වුනොත් පීඩිත පන්තිය අඩු වෙනවා. එතකොට ජෙප්පන්ගෙ 3%ට කෙල වෙනවා. හිගන්නාට තුවාලෙ නැතුව බෑ මල්ලි.

  3. Buuwa says:

    What happens when Colombo Port City Commissioner s have legal immunity?

  4. දම්සෝ says:

    කෙටි කාලීන විසදුම සඳහා දැනට චීනයෙන් ආධාර,ණය අරගෙන,72වසරක අසමත්බවින් මිදෙන දිගු කාලීන විසදුම සඳහා වහාම චීන මොඩලයේ සමාජවාදී පාලනයක් ඇතිකර ගැනීම එකම විසදුමයි.
    අද චීනයෙන් ණය හිගන බංකොලොත් පෙරේතයින් හෙට රටට නියත දියුණුව උදාකරණ චීන මොඩලයේ පාලනයක් ලංකාවේ ඇති වනවාට කොහෙත්ම කැමති නැත.ඒ උන්ට තැන නැතිවන නිසාය.සමාජවාදය යටතේ ආගමට තැනක් නැති බව හෝ අද චීනයේ සමාජවාදය නැති බවට තම ඇම්බැට්ටයන් ලවා එවිට ඔවුන් කුහක ලෙස පවසනු ඇත.ඊයේ බටහිර සපත්තු ලෙව කෑ මොවුන් අද චීනයේ දෙපතුල් ලෙවකන්නේ චීනයට හෝ සමාජවාදයට ඇති හිතවත්කමක් නිසා නොව තම පැවැත්ම සඳහා මේ මොහොතේ වෙන විකල්පයක් නැති නිසාය.

    • ක්‍රිමිනල් says:

      චීන මොඩල් එකේ සමාජවාදය තුල කර්මාන්තශාලා ඇති කලා. ඇපල් (iphone), ටෙස්ලා ආදී ධනපති සමාගම් වලට ආයෝජන සදහා චීනයේ දොර විවර කලා. කම්කරු උද්ඝෝෂණ කරන්න බැරි වෙන්න නීති හැදුවා.

      නමුත් ලන්කාවෙ ජෙප්පන්ගෙ සමාජවාදී මොඩලය……

      ධනපතියන් නිසා දුප්පතුන් ඇතිවෙනවා කියලා ලන්කාවෙ තිබ්බ සියලුම කර්මාන්තශාලා ගිනි තබා විනාශ කලා. ඉතින් කොහොමද මුන් එක්ක රටක් දිවුණු කරන්නෙ.

      • කළු-තර says:

        උඹ දැක්කද ගිණි තියනව?
        ඕව ධනපති පන්තියෙ ගේම් යකෝ
        රැවටිලා රැවටිලා පාඩමක් ඉගෙනගන්නේ නෑ මේ රටේ මෝඩ හැත්ත.
        රටට කෙලවෙලා ඉවරය්
        තිස්ස සර්රුත් කිව්වෙ හොඳට ඉගෙනගෙන රට පලයල්ල කියල ළමයින්ට

        • ක්‍රිමිනල් says:

          ඔවු…… ගමේ ලී මෝලක පවා වැඩට ගියාටත් ජෙප්පො අහින්සක මිනිස්සුන්ව මැරුවා. CTB බස් ගිනි තිබ්බා.
          සමහර විට මේව වෙද්දි උබ ඉපදිලත් නැතුව ඇති.

          • මාක්ස්වාදී ජෙප්පා says:

            මේත් එක්කලම ජෙප්පො ටිකත් සුද්ද කරල දැම්මනම් ගේම ඉවරයි.

        • Gobbaya says:

          He (Tuition Tissa) also said take the vaccine, then people died of blood clots.

Main News