වරාය නගරය හැදුවේ සරුංගල් අරින්න නොවෙයි..

April 20, 2021 at 8:40 am | lanka C news
වරාය නගරය හැදුවේ සරුංගල් අරින්න නොවෙයි..

වරාය නගරය චීන කොලනියක් වෙනවායැයි පැවසීම මුළුමනින්ම පදනම් විරහිත කතාවක් බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක හා මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඊයේ ප්‍රකාශ කළේය.

කුරුණෑගල සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සවයකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ

‘1978 දී මහා කොළඹ ආර්ථික කොමිසම යටතේ කටුනායක නිදහස් වෙළඳ කලාපය උපාලි විජේවර්ධනගේ නායකත්වය යටතේ පිහිටුවන විට මේ වගේම කතා කිවුවා. බොරු බිල්ලො මැවුවා.අපනයන සැකසුම් කලාප (EPZ ), කාර්මික උද්‍යාන (IPZ) සහ වතු ඇතුළු විශේෂ ආර්ථික කලාප (SEZ) දැන් අපට තියෙනවා. අප සතුව දැනට රට පුරා අපනයන සැකසුම් කලාප 12 ක් සහ කාර්මීක උද්‍යාන තියෙනවා. ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා මෙම විශේෂ ආර්ථික කලාප ඉතා වැදගත් එදා මහ කොලඹ ආර්ථික කොමිසම මගින් කටුනායක අපනයන සැකසුම් කලාපය පිහිටුවන විට ඇති වූ බය බියගම සහ කොග්ගල කලාප පිහිටුවන විට තිබුණෙ නෑ. මේ වරාය නගරයත් තවත් විශේෂ ආර්ථික කලාපයක්.වරාය නගරය තුල බදු නිදහස් කිරීම් සහ ආයෝජකයින් සඳහා වැඩි ආකර්ෂණයක් ලැබෙන පරිදි සකස් කල විශේෂ ආර්ථික කලාපයක් .

පසුකාලීනව ආයෝජන මණ්ඩලය බවට පත් වූ මහා කොළඹ ආර්ථික කොමිෂන් සභාවේදී මෙන් වරාය නගරය පාලනය කිරීම සඳහා විශේෂ කොමිසමක් පත් කරලා තියෙනවා. ඒ සඳහා රජය විසින් පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙනවා. විශේෂ කලාපයකට වෙනත් රටක ජනපදයක් බවට පත්විය නොහැකියි..

UNCTAD විසින් විශේෂ ආර්ථික කලාප හඳුනාගෙන ඇත්තේ ‘මූල්‍ය හා නියාමන දිරිගැන්වීම් සහ යටිතල පහසුකම් ලබාදීමෙන් ආයෝජකයින්ට පහසුකම් සපයන ප්‍රදේශයක්’ ලෙස වන අතර එවැනි කලාප බොහෝ සංවර්ධිත හා බොහෝ සංවර්ධිත ආර්ථිකයන්හි බහුලව භාවිතා වෙනවා.

ඒ හා සමාන සීමා සහිත ප්‍රදේශවල රජයන් මූල්‍ය හා නියාමන දිරිගැන්වීම් සහ යටිතල පහසුකම් භාවිතා කරමින් ආර්ථික ක්‍රියාකාරකම් සඳහා පහසුකම්ද සපයනු ලබනවා.ලොව පුරා ආර්ථිකයන් 147 ක් තුළ මෙවැනි විශේෂ ආර්ථික කලාප 5,383 ක් පමණ තියෙනවා. “එම රටවල කිසිවකටත් ඔවුන්ගේ හෞමික අඛණ්ඩතාව අහිමි වී නැති අතර ඔවුන්ගේ ස්වෛරීභාවයට තර්ජනයක් වෙලත් නෑ. අපට දැනටමත් විශේෂ ආර්ථික කලාප ඇති අතර ඉන්දියාවේද ඒවා තියෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා මෙම පනත් කෙටුම්පත හරහා වරාය නගරය චීන යටත් විජිතයක් බවට පත්වනු ඇතැයි පැවසූ බවට මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්, අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මෙසේ පැවසීය.

පනතේ කොතැනකවත්, වරාය නගරය චීනයේ කොලනියක් බවට පත්කිරීමට රජය කටයුතු කරලා නෑ.පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා මාධ්‍ය හමුව පැවැත්වීම වෙනුවට කණ්ඩායම් රැස්වීමේදී වරාය නගරය ගැන සිය අදහස් ඉදිරිපත් කලා නම් වඩා හොද බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. මේ සම්බන්ධයෙන් ඔහුට බෞද්ධ සාහිත්‍යයේ උගන්වා ඇති දේ අනුගමනය කරන්න තිබුණා.ගෙදර ගිනි පිටත නොදෙන්නත් එලියෙ ගිනි ඇතුලටත් නොගන්නත් තිබුණා යැයි අමාත්‍යවරයා පැවසීය.

ගාලු මුවදොර අසල මුහුද ගොඩකර වරාය නගරය ඉදිකලේ රට සංවර්ධනය කිරීමේ අරමුණින් මිස සරුංගල් අරින්න නොවන බවත් අමාත්‍යවරයා පැවසීය.

මාධ්‍ය ඒකකය
මහාමාර්ග අමාත්‍යාංශය

16,747 views

16 Comments to “වරාය නගරය හැදුවේ සරුංගල් අරින්න නොවෙයි..”

  1. Gayan says:

    Katha nayakaa issehara me minha hasiruna vidiha apita matahtaki me wage hal paruo ta vote kerene untai gahala panne oni

    • Assassin says:

      Nimal lansata chande denawanm,rohitha abegunawardanata chande denwanm owa monwada bro

      • Sky says:

        විශේෂ කලාපයකට වෙනත් රටක ජනපදයක් බවට පත්විය නොහැකියි.–. එසේ වන්නේ ඒවා වෙනස්කල හැකි ලෙස ගිවිසුම් අත්සන් කලොත් පමණි ..පාර්ලිමේන්තු පනතකින් වරයා නගරය චීනයට පැවරීම අනතුරු දායකයි එය වෙනස්කල නොහැක සම්පුර්ණ බලය චීනය සතුයි ඒ ගැන ආණ්ඩුව වගකීමෙන් කටයුතු කල යුතුයි ..ජනතාව රැවටීමට බොරුකීමෙන් අපේ රටේ උරුමය විදේශිකයින් සතු වීමයි සිදු වන්නේ …අපේ රටේ දේශපාලකයින් කිසිවකු විශ්වාස කල නොහැක ..

  2. ශිරා says:

    සරුංගල් අරින්න නෙවේ. පුළුවන් තරම් කොමිස් එන විදියට ඩීල් දාලා ජනතාවට අරින්න

    • Jepi buster says:

      ඩීල් නම් අනුර
      අනුර නම් ඩීල්

      වැසිකිලියට ගිහින් සල්ලි මල්ලක් ගත්තා.
      කට උල් කර පච විද්දා.
      පක්ශ අරමුදල ලක්ශ 72,000ක් වුනා.
      අයර්ලන්තෙ ගෙවල් මැවුනා.

      • ශිරා says:

        ඩේසි ආචිචිගේ මැණික් මල්ලක් තිබ්බා.
        අයිතිකාරයන් නැති මාළිගාවක් මල්වානේ තිබ්බා.

        ඩීල් නම් අනුර
        අනුර නම් ඩීල්

    • Love nature says:

      අපේ රටේ දේශපාලකයෝ වසර 72 කලේ සරුංගල් ඇරීම තමයි …මාරුවෙන් මාරුවට දේශපාලන පක්ෂ බලයට එනවා ..රට විනාශ කරනවා ..ණය ගන්නවා ..ඊට පසු එකිනෙකාගේ වැරදි පාර්ලිමේන්තුවේදී කියවනවා …රට එක තැනම පල් වෙනවා ..දේශපාලකයෝ ධනවත් වෙනවා ..කවදා අපේ රට දියුණු වේද ? දැන් චීන නගරය නිසා රටේ දියුණුව ඇතිවන බවට සුරංගනා කථා කියමින් ජනතාවට රවටනවා ….

  3. Haramanis says:

    We know. It was created to plunder money, rob the country and earn black money and finish the country. Thopilata hena gahala walatath henagahapiya.

  4. කේලමා says:

    ” වරාය නගරය හැදුවෙ සරුංගල් අරින්න නෙවෙයි ” කවුදැයි දන්නෙ කියන්නෙපෑ , අපි හිතුවෙ ත් ඒකට හැදුව කියලනෙ . අපරාදෙ හදාපු සරුංගලේ . ඒකට මක්කැයි දැන් කොරන්නේ , ආයිබෝං .

  5. මාක්ස්වාදී ජෙප්පා says:

    රටට ආදරේ ඇති ජොන්ස්ටන් ඇමතිතුමාල එක්ක ජෙප්පො තරහයි. අනුර හිවල බනින්නෙම ජොන්ස්ටන් ඇමතිතුමාට.කවදාහරි රට ගොඩගන්න ඉන්න උත්තමයෙක් ජොන්ස්ටන් ඇමතිතුමා.

  6. A Sri Lankan says:

    This is Donkey Talk. Nobody wants Port City to be a failure. The concern is predatory behavior of the Chinese. Therefore the SrI Lankans Government should have overall control over the management of the Port City. It has to be the Parliament of Sri Lanka and most ccertainly NOT the Executive President of Sri Lanka.

    • Wijebahu says:

      True, now they are trying to sidetrack the issue by saying opposition doesn’t like the port city. Everyone likes port city. During the previous government laws were compiled to make the port city to come under CMC. But now they are trying to take it off using a parliament act where no one can challenge in the future. Then the president can appoint whoever he likes to govern it does not matter whether that person is a countries citizen or not. Now you can realise why they badly wanted to get rid of dual citizenship close from 19th amendment.

  7. පොහොට්ටුවට කැස්ස මෝඩ බයියා says:

    කටුනායක එයාර්පෝර්ට් එකේ ඩියුටි ෆ්‍රී ෂොප් වල අයිතිය විපක්ෂ පක්ෂ සියලු දේශපාලනඥයන්ට. පිට කෙනෙකුට කඩයක් ගිහින් තියෙනවා නං ඒක එහෙමත් කෙනෙක්ට අයිති. ඔහු ත් ලොකු සල්ලිකාරයෙක් එහෙමත් නැත්තං දේශපාලනඥයෙක් ගේ අතකොළුවක්. ඉතිං මෙතනත් ලොකු වෙනසක් වෙන්නේ නෑ. කඩසාප්පු ගෙවල් සියලු දේම අයිතිකාරයෝ වෙන්නේ එතනෝල් මුදලාලිලා කසිප්පු මුදලාලි එහෙමත් නැත්තං කුඩුකාරයෝ. එහෙමත් නැත්තං සීයට විස්සේ ජනතා කොමිස් වලින් සැප විඳින පාදඩයෝ.

  8. Kassippuwa says:

    Not to fly Kites, but to distill Arrack!

Main News