වරාය නගර කෙටුම්පතේ අඩුපාඩු ගණනාවක් තිබෙනවා..- ගම්මන්පිල

April 24, 2021 at 6:28 am | lanka C news
වරාය නගර කෙටුම්පතේ අඩුපාඩු ගණනාවක් තිබෙනවා..- ගම්මන්පිල

වරාය නගරය කොමිෂන් සභා පනතට සංකල්පමය වශයෙන් පිවිතුරු හෙළ උරුමය එකඟ වුව ද එහි කෙටුම්පත් කිරීමේ අඩුපාඩු ගණනාවක් ඇතැයි පිවිතුරු හෙළ උරුමය නායක බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කරයි.

එම අඩුපාඩු ශේෂ්ඨාධිකරණය විසින් නිවැරදි කරාවි යැයි බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරයා කියා පවසයි.

විදේශිකයන් කොමිෂන් සභාවේ සාමාජිකයන් ලෙස පත් කිරීමට පක්ෂය එකඟ නමුත් එහි බහුතරය අනිවාර්යෙන්ම ස්වදේශිකයන් සතු විය යුතුයැයි ද හෙතෙම සඳහන් කරයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන කාර්යාලයේ  පැවති මාධ්‍ය හමුවක දීය.

එහි දී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා විදේශීය ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා දරන උත්සාහයේදී විදේශිකයන් සිතන පතන ආකාරය හරියටම තේරුම් ගැනීම සඳහා විදේශ ආයෝජන හා කලාපයක් ප්‍රවර්ධනය කිරීම පිළිබඳ අත්දැකීම් සහිත විදේශීය පුද්ගලයන් එම කොමිසමේ සාමාජිකයන් ලෙස වාඩිවීම කොමිසමට ආලෝකයක් වන නමුත් ඒ සඳහා වන වගන්තියේ, බහුතර සාමාජිකයන් අනිවාර්යෙන්ම ශ්‍රී ලාංකිකයන් විය යුතු යැයි සීමාවක් යෙදවිය යුතුයි යැයි ද කියා සිටියේය.

එම කොමිසමේ කෙටුම්පත් කිරීමේ දෝෂයන් මත ව්‍යවස්ථාවට අනුකූල නොවන තත්ත්වයන් පනත් කෙටුම්පතේ තිබීමට ඉඩ ඇතැයි ද එවැනි දේවල් කෙටුම්පත් කිරීමේ දෝෂ නිසා සිදුවෙන නමුත් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ලැබුණු පසු එම වගන්ති සංශෝධනය කර ගත යුතු යැයි ද නැතිනම් ඉවත් කර ගත යුතුයැයි ද කී අමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් නැතැයි ද කීය.

– lankadeepa

20,282 views

29 Comments to “වරාය නගර කෙටුම්පතේ අඩුපාඩු ගණනාවක් තිබෙනවා..- ගම්මන්පිල”

  1. පසන් says:

    විදෙස් ආයෝජන නැවැත්වීමට කතා කරණ එවුන් ට ඉගෙන ගන්න පාඩමක්. නැවැත්වීම නොව වැරදි අඩුපාඩු හදාගෙන ඉදිරියට යෑමයි අවශ්‍යය.

  2. sunimal says:

    අඩුපාඩු හිතා මතා කල දේවල්නම් බයානකයි.

  3. Piyarathne Gamage says:

    බැන බැන එල්ලිලාම හිටු..🤣😃

  4. D.Nimal says:

    There is no doubt about that Port City of Colombo which is ruled by indigenous people of an Island citizens. But Port City new projects of attract from Foreign Direct Investment( FDI) from all over world by Rich Nations and countries.Yes China is rich nation having largest Capital Market in world which is second to USA. We welcome both nation capital investment regardless their system of order of that. Having no experience to our citizens we have learn by working on such huge projects by ourselves.

Main News