වරාය නගර ව්‍යාපෘතිය ඉතා හොද එකක්.. විජේදාස පොදු අපේක්‍ෂක පෙරහුරුවක…- ජාතික සංවිධාන විජේදාසට වටකර ගුටි..

April 18, 2021 at 10:02 pm | lanka C news
වරාය නගර ව්‍යාපෘතිය ඉතා හොද එකක්.. විජේදාස පොදු අපේක්‍ෂක පෙරහුරුවක…- ජාතික සංවිධාන විජේදාසට වටකර ගුටි..

ජාතික සංවිධාන එකමුතුව අද (18) රාජගිරියේ පිහිටි සිය මූලස්ථානයේදී මාධ්‍යය සාකච්ඡාවක් පවත්වමින් දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහලේකම් වෛද්‍ය වසන්ත බංඩාර මහතා පවසා සිටියේ විජේදාස රාජපක්ෂ මහතා පෝට් සිටි ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ජනතාව නොමඟ යවන බරපතල මුසාවාදයන් ප්‍රචාරය කිරීමට දායකත්වය සපයන බවයි.

එහිදී වසන්ත බංඩාර මහතා අවධාරණය කර සිටියේ පෝට් සිටි ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවට වාසිදායක ලෙස සිදුවනවාය යන කාරණය මනාව තහවුරු වන්නේ ඉන්දියාව සහ අමෙරිකා එක්සත් ජනපදය, මෙම ව්‍යාපෘතියට අදාලව පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැරසෙනවාය යන කාරණය ප්‍රචාරය වූ වහාම දැක්වූ ප්‍රතිචාර හේතුවෙන් බවයි. වෛද්‍යය වසන්ත බංඩාර මහතා පෙන්වා දුන්නේ එම රටවල් කිසිම විටක අප රටේ ආර්ථික ස්වාධීනත්වය තහවුරු වන කිසිදු ව්‍යාපෘතියකට අතීතයේදී ආශිර්වාද පළ නොකළ බවයි. ඒ අනුව විජේදාස රාජපක්ෂ මහතා ඊළඟ ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයා වීමේ අරමුණු ඇතිව සමහර අදේශපාලනික හැසිරීම් වල නියැලෙන බව තහවුරු වන බවද පවසා සිටියේය.

විජේදාස රාජපක්ෂ මහතා අධිකරණ ඇමතිවරයාව සිටිද්දී පැයක් ඇතුලත පනත් හතලිස් ගනණක් සම්මත කිරීම මෙන්ම රණවිරුවන් ජාත්‍යයන්තර අධිකරණයට දැක්වීමට අදාල වන පනත් හතරක් සම්මත කිරීමට දායකවූ අයෙකු බවද සිහිපත් කළ වෛද්‍යය වසන්ත බංඩාර මහතා විජේදාස රාජපක්ෂ මහතා හිතාමතා ජනතාව නොමඟ යවන බවද අනාවරණය කළේය.

මෙම පෝට් සිටි ව්‍යාපෘතියට විරුද්ධව ඇමරිකාව සහ ඉන්දියාව ප්‍රසිද්ධියේ මෙන්ම අප්‍රසිද්ධියේත් කටයුතු කරණ බව කවුරුත් දන්නා බවත් පෝට් සිටිය මුදල් විශුද්ධිකරණ නගරයක් බවට පත්වේයැයි ඇමරිකානු තානාපතිනිය ප්‍රකාශ කළ ද මුලු ඇමරිකාවම මුදල් විශුද්ධිකරණ දේශයක් මෙන්ම එහි උපත සහ ප්‍රචලිත කිරීම තිබෙන්නේ ඇමරිකාවේම බවත් ඔහු පවසය්

ජාතික සංවිධාන එකමුතුවේ කණ්ඩායමට ඇති පූර්ව අත්දැකීම් අණුව ඉන්දියාවත් ඇමරිකාවත් යම්කිසි දෙයකට පක්ෂපාතී වන්නේ නම් හැමවිටම ඒ දෙස සැකයෙන් බැළිය යුතු වන අතරම ඉන්දියාවත් ඇමරිකාවත් යම්කිසි දෙයකට විරුද්ධ වන්නේ නම් මුලින්ම එයට පක්ෂපාතීව ඒ දෙස බැලීම කණ්ඩායමේ භාවිතාව බවත් ඔහු වැඩිදුරටත් පවසයි. ඒ තුළ යම් යම් අඩුපාඩු පවතින්නේ නම් එය නිවැරදි කරගැනීමට කටයුතු කරන බව ද ඔහු පවසයි.

පෝට් සිටි ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ගැඹුරින් කළ අධ්‍යයනයට අණුව මේ දූපත ශ්‍රී ලංකා රජයත් චීන ව්‍යාපාරික ආයතනයත් ගිවිසුම්ගතව නිර්මාණය කිරීමේදී එම චීන ව්‍යාපාරික ආයතනය ශ්‍රී ලංකා මුහුදෙන් වැලි මෙට්‍රික් ටොන් මිලියන 100 පොම්ප කිරීම සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 1.4ක් වියදම් කර ඇති බවත් එම වැලිවල වටිනාකම එමෙන් දෙගුණයක් බවත් මෙම දූපතේ විදේශ ආයෝජන ක්‍රියාවළිය කඩාකප්පල් කිරීමකින් තොරව ඉදිරියට යායුතු වන අතර එය කඩාකප්පල් කිරීමට උත්සාහ දැරීම බරපතළ වරදක් බවත් ඔහු පෙන්වාදෙයි.

මෙම දූපතේ හෙක්ටයාර 116ක් බදු පදනමින් චීන සමාගමට අයත් වන අතර ශ්‍රී ලංකාවට හෙක්ටයාර 62ක් අයත් වෙයි. උද්‍යාන, මාර්ග සහ සෙසු පොදු භූමිය ශ්‍රී ලංකා රජය මගින් පාළනය වේ. චීන සමාගමට අයත් හෙක්ටයාර 116ට ඔවුනට ඇත්තේ බදු අයිතියක් පමණි. මෙම පණතින් පිහිටුවන කොමිෂන් සභාව මගින් එහි ආයෝජනයන් නියාමණය කිරීම සිදුවන බවත් ඒ නිසා මින් චීන කොළනියක් ඇතිවන බවට කරණ ප්‍රකාශ බොළඳ ප්‍රකාශයන් වේ.

පසුගිය රජයේ ජනාධිපතිතුමා විසින් මෙම භූමිය කොළඹ නගරයේ කොටසක් ලෙස ප්‍රකාශයට පත් කරමින් පළමු ගැසට් නිවේදනය නිකුත් කර ඇති අතර ඉන් පසු එම භූමිය නාගරික සංවර්ධන අධිකාරියට පැවරීම ද කර ඇත. ඉන් පසු එවකට නාගරික සංවර්ධන ඇමති ලෙස කටයුතු කළ පාඨලී චම්පික රණවක මහතා විසින් අදාල ගැසට් නිවේදනය නිකුත් කර ඇත. ඉන් පසු හෙක්ටයාර 116ක් පමණක් 99 අවුරුදු බදු පදනමින් චීන සමාගමට ලබාදී තිබේ.

ඒ අනුව චීන සමාගමට හැකි වන්නේ එම හෙක්ටයාර 116 වෙනත් සමාගම් සඳහා නැවත බදු දීමක් පමණක් වන අතර වෙනත් අයිතියක් ඔවුනට හිමි නොවේ.

මෙම ගැසට් නිවේදනයන් අධ්‍යයනය කරණ විට විජේදාස රාජපක්ෂ මහතාගේ පළමු ප්‍රකාශය බොරුවක් බව හෙළිවෙයි. 1934 දෙසැම්බර් 26 දින බළාත්මක කරණ ලද රාජ්‍යයන්හි අයිතීන් සහ වගකීම් පිළිබඳ මොන්ටිවීඩියෝ සම්මුතිය උපුටා දක්වමින් මෙතන වෙනම රටක් හැදෙන්න පුලුවන් යනුයෙන් ඔහු කළ ප්‍රකාශය ද ඉතා බොළඳ ප්‍රකාශයක් වන අතර වෙනම රටක් හැදීමට නම් එම භුමියේ පාරම්පරිකව පදිංචිව සිටි ජන කොට්ඨාශයක් සිටිය යුතුය. වීසා බළපත්‍රයකින් එම ස්ථානයේ පදිංචිව සිටින පුද්ගලයින් සිටි පමණින් වෙනම රටක් නිර්මාණය කිරීමේ පදනමක් ගොඩනොනැගේ.

ඔහු හිටපු අධිකරණ ඇමති වරයෙක් ලෙස කරණ මෙම ප්‍රකාශ පිළිබඳව බරපතළ ලෙස සලකා බැලීමට සිදුවෙයි.

කෙසේ වුවද රජය පැත්තෙන් මෙවැනි වැදගත් ව්‍යාපෘතියක් නීතිගත කිරීමේ පනත් සම්මත කිරීමේදී මීට වඩා මහජන සහභාගිත්වය ලබා ගැනීමට කටයුතු කළ යුතුව තිබූ බවද අවධාරණය කිරීමට වෛද්‍යය වසන්ත බංඩාර මහතා කටයුතු කළේය. එහිදී ඔහු පෙන්වා දුන්නේ පනත කාරක සභා අවස්ථාවට යොමු කළ විට සමාජයෙන් ඉදිරිපත් වන යම් යම් සාධනීය සංශෝධන පනතට ඇතුල් කිරීමට වග බලා ගැනීම ආණ්ඩුව පාර්ශවයේ වගකීමක් බවයි.

– lankaleadnews

56,840 views

14 Comments to “වරාය නගර ව්‍යාපෘතිය ඉතා හොද එකක්.. විජේදාස පොදු අපේක්‍ෂක පෙරහුරුවක…- ජාතික සංවිධාන විජේදාසට වටකර ගුටි..”

  1. sunimal says:

    අදිකරණය දෙන තීන්දුව ජනතාව පිළිගනී.

    • ජනතාව නොමග යැවීම සම්බන්ධයෙන් විජේදාසට එරෙහිව නඩු පැවරියයුතුය. වරද කරුවෙකු උවහොත් දඩුවමද කිසිම අඩුවක් නොමැතිව ක්‍රියාත්මක කලයුතුය. මෙම අවස්ථාව කිසිම අයුරකින් මග නොහරින්න. මෙය රටේ අනාගතය සදහා ඉතාමත් යහපත් දෙයක් වේ. මෙවැනි දෙයක් සිදුවූ විට මෙසේ බොරුවට සහ මුදල්වලට කෑගසන පට්ටපල් හොරුන් බිහිවීම වලක්වා ගත හැක. එසේ නොවුවහොත් මේ බොරුකාරයන් මුළු රටටම පිළිලයක් වනු ඇත. විජේදසගේ සහ අසාත් සාලිගේ අතර කිසිම වෙනසක් නැත.

    • Qed says:

      මිනිස්සු අතර සත්තුත් ඉන්නවනේ මේ රටේ. උන් කියයි චීන්නු අපේ අධිකරනයත් සල්ලි වලට අරගෙන කියලා.

  2. ළමයා says:

    වසන්ත බංඩාර බෝන් අගේන්ද? නිරාගමිකද?

    • No to american thuggery says:

      බෝන් අගේන්නම් ඉතින් වසන්ත බන්ඩාර ඇමරිකාව කියන දේම කියන්නෙ එපැයි. ඇමරිකාව කියන දේම කියන්නේ කවුද මේ ව්යාපෘතිය සම්බන්ධව? සජිත්, අනුර, පෙරට්ටො. ඔන්න බෝන් අගේන් කට්ටිය.

  3. සියළු ආරකෂාකාරි විදිවිධානය්ගෙන් සමන්විතව සැලසුම් සකස්කල යුතුයි..! says:

    යම් හෙයකින් ශ්‍රීලංකාවට / චිනයට අහිතකර පුද්ගලයන් සමාගම් ව්‍යාපාර හෝ රාඡ්‍යන් වරාය නගරය නගරය තුල ක්‍රියාත්මක වන්නේනම් ඹවුන්ව කෂනිකව නෙරපාදැමිමට සරළ ක්‍රමවේදයන් අනිවාර්‍යයෙන් භාවිතයට ගැනිමට සුදානම් කර තැබිය යුතුයි..!
    ඉන්දියාව අරාබිය ඇතුථ අමෙරිකාව දකුණු අප්‍රිකාව ඇතුළුව සුුද්දන්ගේ ආධිපත්‍යට යටවුන සියළුම රටවල්., බ්‍රිතාන්‍යය අයර්ලන්තය ස්කොට්ලන්තය හොලන්ඩ් නෙදර්ලන්ඩ් නිව්සිලන්ඩ් ඡර්මනිය ස්විස්ටර්ලන්තය නෝර්වේ ඡපානය ඹ්ස්ටේලියාව ඇතුළු බොහෝ බටහිර රටවල් ලෝක ආර්ථික මධ්‍යස්ථානය හෙවත් වරායනගරය විනාශකිරිමට නිරන්තරයෙන් කටයුතු කරනු පැහැදිලිවම නිරීකෂණය කරනුලබයි..!
    සියළු ආරකෂාකාරි විදිවිධානය්ගෙන් සමන්විතව සැලසුම් සකස්කල යුතුයි..!
    කිසිවෙකුගේ නොසැලකිලිමත් කිසිදු තින්දුවකට තිරණයකට නොයායුතුයි..!
    ක්‍රමෝපායන් සැලසුම් නොමැතිව කටයුතුකිරීමෙන්.!
    මහා ධන නිදානය මත සිටින යාචකයන් කසල ශෝධකයන් බවට ශ්‍රීලාංකීය ඡාතිය පත් නොවීමට පාළකයා සහ රඡය බුද්ධිමත්ව කටයුතු කළයුතුයි.! නොමැතිනම් හෙළ ඡාතිය සදහටම වඳවියාමටද ඉඩ ප්‍රස්ථා පහසුවෙන් නිර්මාණය වීමට නියමිතයි..! ම්න්දයත් දුර බැහැර සිටින ලඟ සිටින සහ රට තුල සිටින සියඵ සතුරන් මංපහරන්නන් ගේ ඵකමුතුව රටතළ/වරාය නගරය තුළ ක්‍රියාත්මක විම ඉතාම ගැඹුරින් අධ්‍යනය කළ යුතුමයි..!
    සහසියළු කාරණා සරළව නොතැකිය යුතුයි..!

  4. වියත්මග ලොරිය අතරමග කෝ බං says:

    පෝට් සිටිය කියන්නේ තනිකරම භූ දේශපාලනයේ කඩඉමක්. පූට්ටු මරි මොල් ආණ්ඩුව දැනටමත් චීන මකරා ට අහු වෙලා ඉවරයි..අන්තිම පණ යනකන් ලැබෙන තාවකාලික වරප්‍රසදවලට වහල් වෙලා මේක පවා දීලා ..අවු පහ ඉවර උනාම මොකුත් උනේ නැති මොලේ හිරිවැතිච්ච උන් වගේ මාරු වෙයි. චීනා ගියපු එකම රටක් ණය ගෙවා ගන්න බැරුව සින්න කරගත්තා මිසක් ආයේ ගැලවුණා බොරු.
    ඔය වොයිස් කට් පුස් ගෙම්බෝ එකෙක් වත් නැහැ රටට වෙච්ච වින්නැහෙයියෙන් රට බේරා ගන්න එදාට.
    ඉල්ලන් කාපු බයියෝ ගැන හරි දුකයි.

  5. P Godagama says:

    Wijayadasa Rajaksha has proved himself to be a charalatan and political opportunist . He became so bigheaded and self important that he had thought the voters will buy every lie he utters. End of the political career of another rogue who has deceived Sinhaese for decades.

  6. Justin says:

    Another group of born again NGO crows. Crowing for yuan falling into their accounts. Damn traitors bone sucking bastered.

  7. කපිල සුරංජිත් says:

    මේවා ජාතික සංවිධානද චීනෙන් සල්ලි ගන්න විජාතික සංවිධානද? 😀

    • Nish says:

      ජාතික සංවිධාන කියන්නේ රට ජාතිය ශක්තිමත් කරන්න අවශ්යයි කියන හැගීමෙන් වැඩ කරන සන්විධාන. ඒකෙ ප්‍රධානම දෙය තමා ආර්ථිකය ශක්තිමත් කිරීම. එහෙම නැතුව ගල් යුගයේ ජීවත් වෙන, රට ජාතිය එක්ක වයිරයෙන් ජීවත් වෙන සමාජවාදී සංවිධාන නෙවේ මේවා.

  8. රටෙ එකා says:

    මේක කටුනායක වෙලද කලාපය වගේ එකක්. එකම වෙනස ඉලක්ක කරන්නේ ජාත්යන්තර මූල්ය වෙලදාම. එහෙම එකක් හදන්නනම් ඊට ගැලපෙන නීති අවශ්යයි. එහෙම නැතුව මේ යල් පැන ගිය නීති එක්ක අපි කොහොමද ඩුබායි, හොං කොං වගේ මූල්ය කේන්ද්‍රස්ථාන එක්ක තරග කරන්නේ?

    ඇමරිකාව ඉංග්‍රීසියෙන් කියන දේම අපේ සමාජවාදියෝ ටික සිංහලෙන් කියද්දි තේරෙන්න ඕනෙ මේක රටට වැදගත් ව්යාපෘතියක් බව.

  9. assanga says:

    It is very clear socall bloody wasntha bandara too may bean off shot of Rajapkasha. Please check with you DNA with that of Rajapaksaha. I am sure you mother should ahve gone and clean the toilets of Madamulana where rajapakshasa has hit the game
    cheers
    mahasona

  10. lotus says:

    The Crown again to ancient Royal family LAMBAKARNA.

Main News