වරාය නව සභාපතිගේ පැටිකිරිය ෆීජි රටෙන් හෙලිවේ.. ෆීජිලීක්ස් සියල්ල හෙලි කරයි..

June 6, 2017 at 11:20 am | lanka C news
වරාය නව සභාපතිගේ පැටිකිරිය ෆීජි රටෙන් හෙලිවේ.. ෆීජිලීක්ස් සියල්ල හෙලි කරයි..

වරාය අධිකාරියට පත්කොට ඇති නව සභාපති ආචාර්ය පරාක්‍රම දිසානායක ශ්‍රීලංකාවේ සුප්‍රසිද්ධ ව්‍යාපාරික හැරි ජයවර්ධනගේ ලගම හිත්වතකු වන අතර මොහු මීට පෙර රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ වරාය අධිකාරියේ සභාපතිවරයා ලෙස සිටි පුද්ගලයෙකි. එමෙන්ම මොහුගේ නව පත්වීම පිටුපස සුප්‍රසිද්ධ දේශපාලන මෙන්ම තවත් අයෙකු සිටින බව ආරංචි මාර්ග සඳහන් කරයි. Link

ශ්‍රීලංකාව එන විදේශීය ආයෝජන වෙනුවෙන් මැදිහත්කරුවෙකු ලෙස ක්‍රියාත්මක වන මොහු සහ ඔහුගේ හිතවතා වන හැරි ජයවර්ධන විසින් ලෝකයේ ඕනම රටක් සමඟ ආණ්ඩු දෙකක් අතර සිදුවන ගණුදෙනු සඳහා මැදිහත් කරුවෙකු ලෙස ක්‍රියා කරන පුද්ගලයින්ය. එමෙන්ම ඔහු හැරි ජයවර්ධනට අයත් එයිට්කන් ස්පෙන්ස් සමාගමේ අධ්‍යක්ෂවරයෙකු වන අතර ඔහු ෆැසිෆික් දූපත් වල පිහිටි ෆිජි රාජ්‍යයේ ව්‍යාපාර කටයුතු සිදු කරනු ලබයි.

පරාක්‍රම දිසානායක ෆිජි රාජ්‍යයේ ශ්‍රිලංකා කොන්සල් ජන්රාල්වරා ලෙස කටයුතු කෙරෙනු සමයේදි තම සමාගමක් වන සයිනෙක් CINEC සමාගම හරහා ෆිජි රාජ්‍යයේ නාවික විද්‍යාලය ආරම්භ කිරීමට එම ආණ්ඩුවෙන් ඇමරිකානු ඩොලර් මිලියනයක් එනම් රුපියල් මිලියන 154 ක් ලබාගෙන ඒ සඳහා කිසිම කටයුත්තක් මෙතෙක් සිදු නොකොට ඇති බැව් ෆිජිලීක්ස් වෙබ් අඩවිය සඳහන් කරයි.

මෙම ගිවිසුම ෆිජි ආණ්ඩුව සමඟ අත්සන් කොට ඇත්තේ 2014 වර්ෂයේ දීය.

එමෙන්ම ඒ සඳහා ෆිජි රාජ්‍යයේ අමාත්‍යවරයෙකු මෙන්ම එරට නීතිපති ලෙස කටයුතු කරන අයියාස් සේඩ් සමඟ මෙම ගිවිසුම අත්සන් කොට ඇති බවයි.

එම ඇමතිවරයා සම්බන්ධවත් එරටේ දූෂණ චෝදනා රාශියක් එල්ල වී ඇති අතර ඔහු මේ දිනවල නිවාඩුවක් ගතකිරීම සඳහා ශ්‍රීලංකාවේ සංචාරයක යෙදි සිටින බැවින් ඒ සඳහා වියදම් දරන්නේ කවුද යන්නත් ෆිජිලීක්ස් වෙබ් අඩවිය වැඩිදුරටත් ප්‍රශ්න කරයි. Link

48 views

10 Comments to “වරාය නව සභාපතිගේ පැටිකිරිය ෆීජි රටෙන් හෙලිවේ.. ෆීජිලීක්ස් සියල්ල හෙලි කරයි..”

  1. ප්‍රගතිශීලියා says:

    ඉංග්‍රීසියෙන් කතා කරන ටයි ගහ ගත්තු යහපාලන කම්බ හොරුන්ට සභාපති කම් ලබාදී රාජ්‍ය සම්පත් කුණු කොල්ලයට විකිණීමට සැරසේ.

  2. Rabok says:

    Congratulations !! He is the most qualified and suitable person in the country to occupy this seat – I am sure he will do 1000% better job than the previous Jokers who occupied this seat

  3. shantha kuru says:

    sandra y

  4. lalkantha says:

    ගානක් නැහැ, යහපලනෙට හැම දේම වරදුනනේ, අගමැති වැරදුනා, මුදල් ඇමති වැරදුනා, මහා බැංකුවේ ලොක්කා වැරදීම, කොටින්ම කිවොත් රටේ ජනදිපතිත් වැරදීමකින් පත් උණු කෙනෙක්. ඒ නිසා මේ කවුද

  5. Maxwell Silva says:

    This is a man who will sell even his mother if he gains something. Most unpopular character at Ceylon Shipping Corporation.

  6. Mathugamaya says:

    Read the Link.If it is True He is the Right Man for the Job.Please Don’t Look at everything through Political colored Glasses.

    • Boo says:

      From that link I cannot get anything to verify if he is the right man for the job.

      If anything, it reveals that this man received some money from Fiji government and didnt do anything to the country using that money.

      Either you cannot read english or may be i cannot read English!

  7. shan says:

    Finally,, a qualified person instead of a atapass !!!

Main News