වරාය විකිණීමට/බදුදීමට මුදල් අමාත්‍යාංශයේ ලේකම් අත්සන් කල ගිවිසුම ව්‍යවස්ථාව විරෝධීයි.. ව්‍යවස්ථාවට අනුව ඔහුට දඩුවම් නියමයි..

December 18, 2016 at 1:20 pm | lanka C news
වරාය විකිණීමට/බදුදීමට මුදල් අමාත්‍යාංශයේ ලේකම් අත්සන් කල ගිවිසුම ව්‍යවස්ථාව විරෝධීයි.. ව්‍යවස්ථාවට අනුව ඔහුට දඩුවම් නියමයි..

ශ්‍රීලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුවේ 1979 අංක 51 දරණ ශ්‍රීලංකා වරාය අධිකාරිය පනත යටතේ ශ්‍රීලංකා වරායන් අධිකාරියක් බවට පත් කරමින් එවකට වරාය හා නාවුක අමාත්‍ය ලලිත් ඇතුලත්මුදලි අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට පනතක් ඉදිරිපත් කොට සම්මත කොට ඇත. එම පනත අනුව අධිකාරියේ බලතල, කර්තව්‍යය සහ කාර්ය පනතේ අංක 6 ඡේදයේ පැහැදිලිව සඳහන් වේ, ඒ අනුව වරාය අධිකාරිය යටතේ පවත්වාගෙන යනු ලබන සේවාවන් වැඩි දියුණුව කිරීම සඳහා කලයුතු කාර්යය පැහැදිලිව සඳහන් වන අතර වරාය තුල රේගු දෙපාර්තමේන්තුවට අයත් කටයුතු හැරුනු කොට අනිකුත් සියලු කාර්යය අධිකාරිය යටතේ හෝ අධිකාරිය විසින් ලිඛ්තව පවරනු ලබන පුද්ගලයකු හෝ ආයතනයක් විසින් සිදු කල යුතුය. එහෙත් පැහැදිලිවම වරාය ලැබෙන සියලුම ආදායම් සහ බදු ඇතුළුව දේපල සම්බන්ධයෙන් වරාය අධිකාරිය වගකිවයුතු වේ. එමෙන්ම වරාය අධිකාරිය යටතේ ඇති සියලුම කටයුතු ශ්‍රීලංකා දණ්ඩ නීති සංග්‍රහයට යටත් මෙන්ම අධිකාරිය අල්ලස් පනතේ අර්ථානුකුලව උපලේඛන ආයතනයක් ලෙස සලකනු ලැබිය යුතු අතර ඒ පනතේ විධිවිධාන ඒ අනුව තේරුම් ගත යුතුය.

ඉහත කරුණු අනුව පැහැදිලිවම වරාය අධිකාරියට අයත් කොටසක් හෝ එහි සේවාව පනතේ වගන්ති උල්ලංඝණය වන අන්දමට මොනම හේතුවක් නිසා හෝ අන්සතු කිරීම අධිකාරියේ පාලන බලයෙන් බැහර කිරීම නිතී විරෝධීය. එමෙන්ම අධිකාරිය සතු බලතල කිසියම් හෝ අවස්ථාවක මුදල් අමාත්‍යාංශයේ හෝ වෙනත් අමාත්‍යාංශයක ලේකම් වරයෙකුට ඔහුන්ගේ බලතල යොදා පවරා ගැනිම හෝ වරාය අධිකාරිය ලිඛ්ත අවසරයක් සහ අධිකාරියේ මණ්ඩල අනුමැතියට පරිබාහිරව කටයුතු කිරීම රටේ සමාන්‍ය නීතිය මෙන්ම ලේකම්වරයෙකු ලෙස ශ්‍රීලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අවභාවිතයේ යෙදවීමක් මෙන්ම උල්ලංඝනය කිරීමකි.

ඉහත කාරණාව සම්බන්ධයෙන් ඉතා ලෙහෙසියෙන්ම අල්ලස් හෝ දූෂණ කොමිසම වෙත කරුණු ඉදිරිපත් කිරීමන් සහ මහේස්ත්‍රාත් උසාවියක හෝ අභියාචනාධිකරණයේ නඩු පැවරීමෙන් මුදල් අමාත්‍යාංශයේ ලේකම් වරයා ඇතුළු අනිකුත් ලේකම්වරු දෙදෙනා තම බලතල ඉක්මවා රටේ සම්පත් විකිණීම/හෝ හෝ මහජන මුදල් අවභාවිතය හා සවාද්‍ය පරිහරනය කිරීමට අවශ්‍ය ඉඩ ප්‍රස්ථාවන් සලසා දීම යටතේ වැරදිකරවකු කිරීමට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන ශ්‍රීලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ලබාදි ඇත.

එමෙන්ම ඉහත ගිවිසුම අනුව හම්බන්තොට වරාය සීයයට 80% චීනයය පැවරීම හා එහි කොටස් සීයයට 20% වරාය අධිකාරිය සතුව දැනට තබා ගෙන ඇ ඩොලර් බිලියන 1 දශම 2 කට වසර 99 කට පැවරිමට ගත් තීරණය සම්බන්ධයෙන් හා ඒ අනුව චීනයේ චයිනා මර්චන්ට් පොර්ට් හෝල්ඩිග්ස් සමාගම හා ශ්‍රීලංකාවේ වරාය අධිකාරි සමග පැවත්වීමට යෝජිත හවුල් ව්‍යාපාරය සම්බන්ධයෙන් නිතීපති තුමාගේ ද මතය වී ඇත්තේ අධිකාරිය සතු දේපල හෝ පරමාර්ථයන් මෙවෙනි විකිණීමකට හෝ හවුල් ව්‍යාපාරයකට පැවරීමකට 1979 අංක 51 දරණ ශ්‍රීලංකා වරාය අධිකාරිය පනත සංශෝධනය කිරීමකින් තොරව සිදු කිරීමට නොහැකි බවයි.

ඉහත ගිවිසුමට ශ්‍රීලංකාව වෙනුවෙන් අත්සන් කොට ඇත්තේ මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර් එච් එස් සමරතුංග, වරාය හා නාවුක අමාත්‍යාංශයේ ලේකම් එල් එම් ජයම්පති හා උපායමාර්ග සංවර්ධනය හා ජාත්‍යන්තර වෙලද කටයුතු අමාත්‍යාංශයේ ලේකම් චාන්දනී විජේවර්ධන මහත්මිය යන අයවලුන් වන අතර ඔහුන් විසින් අංක 51 දරණ පනතට පටහැනිව වරාය අධිකාරිය හෝ එහි අමාත්‍යවරයාට සහ රජයේ නීතිපතිවරයාට ගිවිසුම අනුව පනතේ වගන්තීන් උල්ලංඝණය වන කරුණු වසන් කරමින් පසුගිය දා මෙම ගිවිසුමට එලබ ඇත.

මූලාශ‍්‍රය මෙතනින්

3 views

18 Comments to “වරාය විකිණීමට/බදුදීමට මුදල් අමාත්‍යාංශයේ ලේකම් අත්සන් කල ගිවිසුම ව්‍යවස්ථාව විරෝධීයි.. ව්‍යවස්ථාවට අනුව ඔහුට දඩුවම් නියමයි..”

  1. රාජ් අබේධීර says:

    පොදු විපක්ෂය වහාම අල්ලස් හා දූෂණ කොමිෂමට මේ සම්බන්ධයෙන් පැමිණිලි කරන්න. රජයේ දේපල නිලධාරින්ට ඕන විදියට කුණු කොල්ලයට විකුණා දමන්න ඉඩ දෙන්න එපා.

  2. Champa says:

    I am too sad to make a comment. Our loss is immeasurable.

    Once completed, Magampura Port will be the “largest Inland Port in the world”. I have said this many times before.

    We lost the “Gateway” to International Maritime Trading which is one of the most priceless and strategically situated few sea portals in the world. Our loss was China’s gain. The will change the name too.

    Only an insane man or a man who hates his own country can sell one of country’s most valuable assets to foreigners for “198 years”!!!

    There are many ways to obtain Chinese assistance to develop Magampura port as individual or combined projects and convert it to a profitable venture while retaining the ownership.

    Who would believe the man who carried out one of the world’s most sophisticated plan to rob the Central Bank doesn’t know how to make Magampura Port profitable?

    I wish to make one last request to the President.

    The history will never talk about Prime Minister Ranil Wickremasinghe. The history will say “During President Maithripala Sirisena’s regime, the Magampura Port, which was regarded as one of country’s most precious assests, was sold to China for 198 years which is at present one of the busiests Ports in the world”.

    Mr. President, do you care to stop Ranil’s insanity?

    It is still not too late to stop this heinous crime to the country. We gain nothing out of this sale. Nothing. The government can always re-negotiate this agreement. The government can say that they have second thoughts.

    Mr. President, you were brave enough to bringing in new laws to safeguard our maritime boundary. I must say that no other President or the Prime Minister had the guts to do this in the past. The country should hail your courage and your ability to make strong decisions.

    If you could do something like that, saving Magampura Port at the eleventh hour is nothing to you.

  3. සමරතුන්ගයෝ ! ජයම්පතියෝ ! චාන්දනියෝ ! ….මේ ආණ්ඩුවට වැඩි ආයුෂ නෑ ! …මේක කඩා වැටෙනවා… සත්ත යි !
    එදාට මේ රටට කරපු අපරාදෙට …අත් වලට මාංචු කුට්ටම වැටෙන්නේ තොපේ ! තොපිගේ නහින දෙහින කලේ …!
    එදාට බොලාට අණ දුන්න ඇමතිවරු ..අගමැතිය ! ජනදිපතිය ! තොපිව පාවා දෙනවා ..නියතයි !

    ශ්‍රී වික්‍රම රාඡසිංහ රඡතුමාව…. සුද්දට පාවා දුන්න … මොල්ලිගොඩගේ .. එක්නැලිගොඩගේ පරම්පරාවේ උන්ට මොකද
    වුනේ ? සදාකාලික කුෂ්ට රෝගියෝ ! තොපිට ඔය මගුලට අත්සන් නොකර ..රස්සාව එපා කියල ගෙදර ගිය නම් අඩුම වශයෙන්
    රුවන්වැලිසෑය ! ජය ශ්‍රී මහා හාමුදුරුවෝ ! වැදලා …අනේ සාදු කියල තොපිට සැනසිල්ලේ මැරෙන්න තිබුන ..! දැන් පුලුවන්ද ?

    මේ රටේ ජනතාව තොපිව ..FCID දක්කන්නේ නෑ ! ජනතා අධිකරණයක් එදිරීයට පමුනුවල ..නඩු අහනවා සත්ත යි !
    අපේ ජනතා අධිකරණ පොතේ තියෙන්නේ සිංහල රජ කාලේ දඩුවම් ! අරාබි දඩුවම් මිසක් ..සුද්දදගේ දඩුවම් නෑ !
    ගොන් වස්සො ! වැස්සියෝ ! තොපිට ..තොපේ ලේ වලට .අනාගත ..ඉතිහාස පොතේ …සමාව ලැබෙන්නේ නෑ …නෑ …නෑ !

  4. Dickie Bird says:

    President Sirisevala, do you still continue to behave like a dunb ass, a moron and most of all an idiot?
    Act now.

  5. හෙනහුරා says:

    සම්මුති ආණ්ඩුවේ ලේකම්වරු වශයෙන් මෙවෙනි ආනත්ථර්‍ය පාප කර්මයක් කොට රට ජාතියට මෙන්ම ඉපදෙන අනාගත පරපුරට ජාතියේ හදවත බදු වටිනා හම්බන්තොට නැවුම් වරාය කුණු කොල්ලයට සහ තොපේ පුද්ගලික ලාබ ප්‍රයෝජනයට විකුණා දැමීම්ට කවදා හෝ දිනක තොපිට පමණක් නෙවි තොපි වැදු දෙමව්පියන්ට සහ තොපේ දරුවන්ට ද හෙන හත වැදිලා සුන්නත් දුලී වෙලා යන්න ඕන.

  6. Sri Lanka says:

    Good decision of the decade. Mahinda cannot do it and Habour was running at extreeme lost. COuntry cannot afford it. And even cannot find money to complete stage 2 and 3 of harbour.
    Good luck and all the best. Lets get revenue to Sri Lanka.

  7. podu says:

    වාරය කියන්නේ මොකක්ද රටෙන් පිටවෙන හා ඇතුල්වන ස්ථානායක් රේගුව වරාය රටේ හදවත වගේ යහපත් සිහිකල්පනාව තියන කිසිම කෙනක් මෙවගේ දේවල් කරන්නේ නැ

Main News