වරාය සභාපති මාධ්‍ය කැදවයි.. හෙට කැබිනට් පත‍්‍රිකාව ගැන අදම කියයි..

January 31, 2021 at 6:48 pm | lanka C news
වරාය සභාපති මාධ්‍ය කැදවයි.. හෙට කැබිනට් පත‍්‍රිකාව ගැන අදම කියයි..

2021.01.30 ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ජෙනරාල් දයා රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් සභාපති කාර්යාලයේ දී විශේෂ මාධ්‍ය හමුවක් පැවැත් විණි.

එහිදී ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වත්මන් තත්ත්වය පිළිබඳ සභාපතිවරයා විසින් මෙලෙස අදහස් දක්වන ලදි.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නැගෙනහිර පර්යන්තය පිළිබඳ මේ දිනවල විශාල ආන්දෝලනයක් ඇතිවෙමින් පවතී. නැගෙනහිර පර්යන්තය වෙනත් විදේශ සමාගමකට එනම් ඉන්දියාවේ අදානි සමාගමට පවරාදීමට යන බවට මේ දිනවල විශාල කතිකාවක් ගොඩනැගී ඇත. මේ තත්වය නිර්මාණය වීමත් සමග රජය විසින් කමිටු දෙකක් පත්කර තිබේ. එම කමිටු විසින් මෙම තත්වය පිළිබඳ සලකා බලා විශේෂ වාර්තාවක් හෙට දිනයේ ලබා දීමට කටයුතු කරනු ඇත. එම වාර්තාව වරාය හා නාවික ගරු අමාත්‍යතුමා වෙත භාරදීමෙන් අනතුරුව ගරු අමාත්‍යතුමා විසින් එය ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
මේ වනවිට ඉතා සුභවාදීව මෙම තත්වය සඳහා අපහට මුහුණ දීමට හැකිවෙනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි. හෙට දිනයේදී මෙම නැගෙනහිර පර්යන්තය පිළිබඳ ගරු අමාත්‍යතුමා විසින් කැබිනට් මණ්ඩලය වෙත අදහස් දැක්වීමට නියමිතය. එය ඉතා සුභවාදීව විසදෙනු ඇතැයි වරාය අධිකාරියේ සභාපතිවරයා ලෙස ඉතා වගකීමෙන් ප්‍රකාශ කරමි.

පසුගිය රජය විසින් ඇති කළ තත්වයක් මත නිර්මාණය වූ මෙම තත්ත්වය, විශේෂයෙන් ජාත්‍යන්තරය හා සම්බන්ධ අවබෝධතා ගිවිසුමකට එළඹීමෙන් පසු එය විසදා ගැනීමේ යම් යම් ගැටළු අවස්ථා උද්ගතවන බවත් ඒ සඳහා නිසි ක්‍රමවේද ඔස්සේ පියවර ගන්නා බැව් වගකීමෙන් යුතුව මම ප්‍රකාශ කරමි.

නැගෙනහිර පර්යන්තය ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ මෙහෙයුම් කටයුතු සිදු කිරීමේ අවශ්‍යතාවය පදනම් කර ගනිමින් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සියලු වෘත්තීය සංගම් ඇතුළු පාර්ශවයන්ගේ අදහස් යෝජනා පදනම් කර ගනිමින් අප විසින් රජය වෙත ඉදිරිපත් කළ වාර්තාව රජය විසින් අනුමත කරන බවට දැඩි විශ්වාසයක් මා තුළ ඇත.

ඒ අනුව අපගේ සියලු බලාපොරොත්තු ඉටු කරමින් නැගෙනහිර පර්යන්තය ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේම මෙහෙයුම් කටයුතු සිදු කිරීමට අවකාශය හිමිවනු ඇත. එය සමස්ත වරාය අධිකාරියේ ම අපේක්‍ෂාවයි. ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කළමණාකාරිත්වය, සියලු සේවක මහත්ම මහත්මීන් හා සියලු වෘත්තීය සමිති මේ සඳහා එක්සත්ව කටයුතු කරමින් නැගෙනහිර පර්යන්තය ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ පවත්වා ගැනීමට නොපසුබට උත්සාහයෙන් කටයුතු කළ බවත් මම ප්‍රකාශ කරමි.

නැගෙනහිර පර්යන්තය අදානි සමාගමට හෝ වෙනත් සමාගමක් වෙත ලබාදීමක් පිළිබඳ නොව ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් නැගෙනහිර පර්යන්තය පවත්වාගෙන ආ ආකාරයට ම ඉදිරියටත් පවත්වාගෙන යාමට, මෙම ගැටළුව සුබවාදීව විසදෙන බවට වරාය අධිකාරියේ සභාපතිවරයා ලෙසින් මා තුළ දැඩි විශ්වාසයක් පවතී. එසේම ඉදිරියටත් එලෙසම නැගෙනහිර පර්යන්තය ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ පවත්වාගෙන යමින් මෙහෙයුම් කටයුතු සිදු කිරීමට අපේක්‍ෂිතය.

නැගෙනහිර පර්යන්තය 2017 වර්ෂය වනවිට අවසන් කිරීමට තිබූ ව්‍යාපෘතියකි. නමුත් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ අඳුරුතම කාල පරිච්ඡේදය උදාවන්නේ 2015-2017 කාල වකවානුවේදීය. ඒ කාලය තුළ කිසිදු සංවර්ධන කටයුත්තක් සිදුවී නොමැත. අද දවසේ ඉතා උද්යෝගයෙන් කතා කරනා ඇතැම් පාර්ශවයන් ද මේ කාල තුළ කිසිදු හඬක් නොනැගීම කණගාටුවට කරුණකි. මෙම අඳුරු කාල පරිච්ඡේදයේ සිදු වූ විශාල ප්‍රමාදය අපගේ ව්‍යාපාරය වෙත දැඩි සේ බලපෑම් එල්ල කර තිබේ. වරාය ධාරිතාවය පිළිබඳව ද මේ වනවිට අපහට ගැටළුකාරී තත්වයක් පවතී. මේ තුළින් ඉතා විශාල පාඩුවක් වරායට මෙන්ම රටට ද සිදුවිය. මෙම ගැටුම්කාරී තත්වය මගහරවා ගැනීමට අප කඩිනමින් නැගෙනහිර පර්යන්තය පිළිබඳ නිරාකරණයකට පැමිණිය යුතුය. පසුගිය ඔක්තෝබර් මස නැගෙනහිර පර්යන්තයට සුදුසු ප්‍රශස්ත මට්ටමේ ග්‍රැන්ටි්‍ර දොඹකර නොමැතිව වුව ද, නැගෙනහිර පර්යන්තය බහලු මෙහෙයුම් කටයුතු සිදු කිරීමට පියවර ගන්නා ලද්දේ එබැවිනි.

නිසි ක්‍රමවේද ඔස්සේ නිසි ආකාරයෙන් කටයුතු කිරීම අකුරට වැඩ කිරීමක් ලෙසින් මම අර්ථකතනය කරමි. එබැවින් සියලු සේවක මහත්ම මහත්මීන්ගේ ප්‍රශස්ත දායකත්වය අපේක්‍ෂා කරමි. වෘත්තීය සමිති පාර්ශවයන් වෙත යම් ගැටළුකාරී තත්වයක් පවතීනම් එය විසදා ගැනීමට කටයුතුකිරීමට වරාය අධිකාරියේ සභාපතිවරයා ලෙස නිරන්තරයෙන් සහයෝගය දක්වන්නෙමි. යම්කිසි පාර්ශවයක් විසින් වරාය ක්‍රියාකාරිත්වය අඩපණ කිරීමට කටයුතු කරන්නේ නම් එය වරායට පමණක් නොව සමස්ත රටටම බලපාන්න වූ තීරණාත්මක සාධකක් වනු ඇත. එබැවින් වගකිවයුතු වෘත්තීය සමිතීන් ලෙසින් ඔවුන් විසින් සිය කාර්ය භාරය ඉටුකරනු ඇතැයි මම විශ්වාස කරමි.

– SLPA media

56,965 views

9 Comments to “වරාය සභාපති මාධ්‍ය කැදවයි.. හෙට කැබිනට් පත‍්‍රිකාව ගැන අදම කියයි..”

  1. මාක්ස්වාදී ජෙප්පා says:

    අදානි නැමති ඉන්දියානු ධනපතියා නිසයි මේ ඔක්කොම ප්‍රශ්ණ.

    අපි 88/89 ලන්කාවෙ ධනපතියන් විනාශ කලා වගේ ඉන්දියාවෙ උන් කැරලි ගහල ඉන්දියාවෙ ධනපතියන් විනාශ නොකරපු එකේ ප්‍රථිපල තමා මේ.

  2. Gotaimbara says:

    Thank you, Excellent news. Jayawewa

    • thari baiya says:

      Yes, all JVP SJB bastards, those buggers were trying to sell the port to discredit the government. our Loku Sir and Podi Sir came and rescued it. Respect Sirs.

  3. Piyadasa Yalagala says:

    We are in an era of wealth creation for Development of national Economy by and large build sovereignty of Economy of second Republic of Lanka just start under SLPP leadership of GR+ MR. …since 2019 Nov .Have to go longway for that revitalization of Economy after 2015 Jan 8th . An Eastern terminal of harbour is not that so large but it is just jump start by Port of Colombo .Last regime of UNP led Ranil Wicka of Christaen leadership and CBK has misled whole country by name of “Good governance and rule of law “let our nation has gone no where in World. We have to redress by UNP mismanagement of political and Economy by new mode of Democracy and Development against as soon as possible .

  4. ක්‍රිමිනල් says:

    දයාට පකනිල් පෙත්තක් දුන්නනම් හරිනෙ…කොහෙද ඉතින් ගොන් මෝඩ වහල් ගූ කන ගොන් බයියන්ට තේරෙන එකක් යෑ.

  5. Kamalini says:

    ඉන්දියාවේ මේ වෙන කොට ලොකු විරෝධතා පෙළපාලි අදානිට විරුධව, දිල්ලි නගරයේ එක් අයෙක් මරුට. අපේ වෙලාවට සිදුවූ විරෝධතාවයක්, අපේ අයට ඇස් ඇරෙන්න.Believe someone above is protecting our country.

  6. Wijebahu says:

    Now no one was going to sell the harbour? Except JVP and SJB🤣🤣🤣🤣 most comical government ever to exist.

  7. Open mind says:

    දේශීය දේ විකිණීම අනුමත කරන අය ඉන්නවා නේද. එය සිදුවිය යුත්තේ ඒ ඒ අය අදහන දේශපාලන වහල්කම අනුව යි.
    .

  8. යක්කු රැවට්ටුවෝත්... මරැවා සමඟවාසේ..! says:

    හරියට හරි ..!
    අන්න ඵහෙම වරෙල්ලකො..
    ඵහෙමනම් ඉතිං අපි නැවතත් ඡනාධිපතිතුමා සමඟ..!
    අපිත් කිව්වොත් කිව්ව ..අද මැරැනත් හෙට මැරැන් කොහෙමැරැනත් සදා කළ් මාත්‍රෘභුමියත් ඵක්ක…!

    ආන්ඩු හදන්නෙත්, රකින්නෙත්,බැරිමතැන.. කියනදේ නාහනකෙට ගෙදර යවන්නෙත් අපිම තමයි බොලව්..!
    දන්නෝ දනිති..!

    යක්කු රැවට්ටුවෝත්… මරැවා සමඟවාසේ..!

Main News