වරාය සහ ඉඩම් අක්කර 15000 අරන් චීනා ලංකාවෙන් අමතක නොවන පාඩමක් ඉගෙන ගනී..

January 11, 2017 at 3:50 pm | lanka C news
වරාය සහ ඉඩම් අක්කර 15000 අරන් චීනා ලංකාවෙන් අමතක නොවන පාඩමක් ඉගෙන ගනී..

ශ්‍රීලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 126 ව්‍යවස්ථාව Article 126 of the Constitution අනුව “විධායක හෝ පරිපාලන ක්‍රියාවක් මගින් කඩකිරීමට අත්‍යසන්නව පැවතිම හා සම්බන්ධ කවර වූ හෝ ප්‍රශ්නයක් විභාග කොට තීරණය කිරිමේ තනි හා අනන්‍ය අධිකරණ බලය ශ්‍රේෂ්ඨාධිකරණයට ඇත්තේයෙ”

පසුගිය 2003 චන්ද්‍රිකා බණ්ඩාරනායක සහ රනිල් වික්‍රමසිංහ රජය මගින් ආයෝජකයන් වෙත අමාත්‍ය මණ්ඩල තීරණය සහ අනිකුත් ව්‍යයවස්ථාපිත මණ්ඩල අනුමැතියන් යටතේ ලබා දුන් පහත සඳහන් ව්‍යාපති වෙනුවෙන් පෙත්සම්කරුවන් විසින් මූලික අයිතිවාසිකම් පිලිබඳ නඩු පැවරීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය ශ්‍රීලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 126 ව්‍යවස්ථාව මගින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ලබා දි ඇති ප්‍රතිපාදන ක්‍රියාත්මක කොට එම සියලු ගිවිසුම් අහෝසි කොට එසේ පැවරූ සියලු දේපල සහ වත්කම් නැවතත් රජයට පවරා ගන්නා ලදි.
රජයේ ආරාධනනය පරිදි ශ්‍රීලංකා ආයෝජන මණ්ඩල Bord Of Investment-Sri Lanka අනුමැතිය යටතේ ආයෝජනයන් කල ආයෝජකයන්හට එම රජයට පවරා ගත් සියලු දේපල සහ වත්කම් වෙනුවෙන් මේ වන තෙක් ආණ්ඩුව සහන සැලසීමක් හෝ වන්දි ගෙවීමක් සිදු කොට නොමැත.

එම දේපල පහත සඳහන් පරිදි වේ.

1. ලංකා මැරයින් සර්විසස්. (LMS) වන්දිය මිලියන 1200 – ජෝන් කීල්ස් බන්කර්රින් ඉන්වෙස්ට්මන් John Keels Bunkering Investment LTD වන්දිය ගෙවා නැත.
2. ශ්‍රි ලංකා ඉන්ෂුවරන්ස් සමාගම, වන්දිය මිලියන 6000 – මිල්ෆෝඩ් ඉන්වෙස්ට්මන්ට්. Milford (හැරි ජයවර්ධන මහතාට අයත් සමාගමක්) වන්දිය ගෙවා නැත.
3. වෝටර්ස් එජ් ගොල්ෆ් ක්ලබ් සහ තරු පහේ හෝටලය, වන්දිය මිලියන 2000 – ඇක්සස් ඉන්ටර්නැෂනල් (සුමල් පෙරේරා මහතාට අයත් ) වන්දිය ගෙවා නැත.
4. අත්තිඩිය වෙට් පාර්ක් අයිලන්ඩ් රෙසෝට්, වන්දිය මිලියන 350යි- අත්තිඩිය වෙට් පාර්ක් ප්‍රයිවේට් ලිමිටඩ්. (අනිල් කොස්වත්ත මහතාට අයත්) වන්දිය ගෙවා නැත.

එවැනි තත්ත්වයක් තුල නිසි නීතිමය අවසරයකින් තොරව මහජනතාවගේ දැඩි විරෝධතා හමුවේ විධායක හෝ පරිපාලන ක්‍රියාවක් මගින් මෙසේ ලබා දෙන හම්බන්තොට වරාය සහ ඒ අවට පාරම්පරික ගොවි ජනතාවගේ ඉඩම් අක්කර 15000 ක් සම්බන්ධයෙන් මූලික අයිතිවාසිකම් සම්බන්ධව පෙත්සමක් ඉදිරිපත් කොට ශ්‍රීලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 126 ව්‍යවස්ථාව මගින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ලබා දි ඇති ප්‍රතිපාදන ක්‍රියාත්මක කොට එම සියලු ගිවිසුම් අහෝසි කොට එම සියලු දේපල සහ වත්කම් රජයට පවරා ගන්නා ගැනීමට කිසිම බාධාවක් නොමැති බව ශ්‍රීලංකාවේ ආයෝජකයින් මෙන්ම නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් පවසයි.

කරුණු එසේ වුවහොත් ලෝකයේ ලොකුම බලවතා වන චීනය සමඟ විශාල අර්බුදයකට මුහුණ දීමට ශ්‍රීලංකාවට මේ අනුව බොහෝ දුරට ඉඩ ඇත.

කරුණු එසේ වුවහොත් ලෝකයේ ලොකුම බලවතා වන චීනය සමඟ විශාල අර්බුදයකට මුහුණ දීමට ශ්‍රීලංකාවට  මේ අනුව බොහෝ දුරට ඉඩ ඇත.  ඉහත ගිවිසුමට එම චීන සමාගම සමඟ ශ්‍රීලංකාව වෙනුවෙන් මේ වනවිටත්  අත්සන් කොට ඇත්තේ මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර් එච් එස් සමරතුංග, වරාය හා නාවුක අමාත්‍යාංශයේ ලේකම් එල් එම් ජයම්පති හා උපායමාර්ග සංවර්ධනය හා ජාත්‍යන්තර වෙලද කටයුතු අමාත්‍යාංශයේ ලේකම් චාන්දනී විජේවර්ධන මහත්මිය යන ලේකම්වරුන් ය.

234 views
Main News