වරෙන්තුකරු සගවාගත්තාට චන්ද‍්‍රිකාට නීතිය ක‍්‍රියාත්මක කල යුතුයි..

December 30, 2019 at 10:40 am | lanka C news
වරෙන්තුකරු සගවාගත්තාට චන්ද‍්‍රිකාට නීතිය ක‍්‍රියාත්මක කල යුතුයි..

අත්අඩංගුවට ගන්නා ලෙස වරෙන්තු නිකුත් කර තිබිය දී හිටපු ඇමති රාජිත සේනාරත්න මහතාට සැගව සිටීමට උදව් උපකාර කළ පුද්ගලයන්ට එරෙහිව ද නීතිය දැඩි ලෙස ක්‍රියාක්මක කළ යුතු බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

ඇමතිවරයා පෙන්වා දෙන්නේ රාජිත සේනාරත්න මහතාගේ කටේ නරිවාදම් දැන් රෙද්ද පල්ලෙන් බේරෙන බවයි. රාජපක්ෂවරුන්ට බොරු නඩු පටලවා සිරගත කිරිමේ යහපාලන ආණ්ඩු න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කළ අයෙකු වන රාජිත සේනාරත්න මහතාට දිට්ඨධම්ම වේදනීය කර්මය පටිසන් දෙමින් පවතින බවද රණතුංග මහතා සදහන් කරයි.

උඩුගම්පල ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු කාර්යාලයේ දී මිනුවන්ගොඩ තරුණ සංවිධාන නියෝජිතයන්ගේ හමුවකදි රණතුංග මහතා මේ බව සදහන් කළේය.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක්වු ප්‍රසන්න රණතුංග ඇමතිවරයා මෙසේ ද කිවේය.

” මිනිහෙකුට කරදරයක් වුණාම අපි කවදාවත් ඒක හොදයි කියපු අය නෙමෙයි. ඒත් රාජිත සේනාරත්න හිටපු ඇමතිවරයා මේ රටට කරපු විනාශය නිසා අද රාජිත අත් අඩංගුවට ගත්තාම අනේ අපොයි කියන කෙනෙක් නෑ. එදා මට මතකයි රාජිතලා; මහින්ද මහත්තයලා, ගෝඨාභය මහත්තයලා අත් අඩංගුවට ගන්නවා කියලා පම්පෝරි ගහපු හැටි”.

රාජිතලා එදා වැඩ කළේ රාජපක්ෂ පවුලෙන් පළි ගැනීමේ වුවමනාවට. ඒ අයට ඕන වුණේ රාජපක්ෂලා හිරේ දාන්න. ඒ වෙනුවෙන් යහපාලන ලොක්කෝ නීතිය නැමුවා. හැබැයි අපි එහෙම නෑ. අපි නීතිය නමන්නේ නෑ. නීතියට ක්‍රියාත්මක වෙන්න ඉඩ දෙනවා. රාජිතලාට, චම්පිකලාට වගේම යහපාලන හොරුන්ටත් නීතියෙන් ගැලවීමක් නෑ.

රාජිතව, චම්පිකව පොලිසිය අත්අඩංගුවට ගත්තාම දේශපාලන පළිගැනිම්ලු, පුදුම වැඩක් තමයි. එදා නාමල්ලා, යෝෂිතලා, ජොන්ස්ටන්ලා, විමල්ලා අත් අඩංගුවට ගන්නකොට ඒක නීතිය ක්‍රියාත්මක කිරීම. අද රාජිතව, චම්පිකව පොලිසිය අත් අඩංගුවට ගන්නකොට දේශපාලන පළි ගැනීම්ලු, පුදුම කථා මේවා.

මම දැක්කා රාජිතට වරෙන්තු කරලා තියෙනකොට දවස්  දෙකක්ම හැංගිලා හිටියේ මේ රටේ හිටපු නායිකාවකගේ ගෙදර කියලා සමහර වාර්තා පළවෙලා තියෙනවා. වරෙන්තුකරුවෙකු වූ රාජිතට රැකවරණ දුන්නේ කවුරු වුනත් ඒ අයගේ තරාතිරම නොබලා ඔවුන්ට එරෙහිවද නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කළ යුතුයි.

2015 ජනවාරි 08 තමයි මේ රටේ මෑතක දි ඇති වූ මූසලම දිනය. ඒ දිනයෙන් පස්සේ රට ආගාධයට ගියා. අපි දැන් අපේ රට ඒ ආගාධයෙන් ගොඩගැනීම සදහා අවශ්‍ය කටයුතු ද කරමින් ඉන්නවා. මේ රටේ ජනතාව ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පිළිබදව තබා ඇත්තේ සුළුපටු විශ්වාසයක් නෙමේ. ඒ විශ්වාසය අපි කිසිලෙසකවත් පළුදු කරන්නේ නෑ.

– ප‍්‍රදීප් අනුර කුමාර

70 views

6 Comments to “වරෙන්තුකරු සගවාගත්තාට චන්ද‍්‍රිකාට නීතිය ක‍්‍රියාත්මක කල යුතුයි..”

  1. Sun says:

    That is true. As a responsible she would have avoided doing such things against the law of the country. The leader is trying to redirect the country from the unlawful situations due to mismanagement of the law.

  2. Dahrmadaasa says:

    Whahama Lanka Hospital Bharayata Ganu

    AG

  3. බම්බුව තමා ..රාජිතට නැමුණු නිතිය... says:

    බම්බුව තමා ..රාජිතට දෙකට නැමුණු නිතිය…

  4. Critic says:

    Iam of the opinion that Mr President should resign if he cannot control the country properly.The justice system of the country is unblance and unfair.

  5. Angoda Buva says:

    බම්බුව තමයි. උඹල ඔක්කොම බයිල කාරයො. අන්න හැංගිල හිටපු රාජිතටත් ඇප දීල.

    මේ වගේ වැඩ නිසා උඹලට මේ පාර 2/3 තයා 1/2 වත් ෂුවර් නැහැ.

Main News