වරෙන්තු වූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් ඇමති විසින් ප්‍රභූ පර්යන්තයෙන් කැදවාගෙන එයි… බාරවී ඇප ගනී..
January 14, 2022 at 9:20 am | lanka C news
මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධව විවෘත වරෙන්තු නිකුත් කර සිටි ප්‍රධාන පෙළේ එතනෝල් ව්‍යාපාරිකයකු රාජ්‍ය ඇමැතිවරයකුගේ මැදිහත් වීමෙන් කටුනායක ගුවන් තොටුපොළේ ප්‍රභූ පර්යන්තයෙන් රැගෙනවිත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර පසුව ඇප ලැබීමේ පුවතක් අනාවරණය වේ.
මෙම එතනෝල් ව්‍යාපාරිකයා ඩුබායි සිට මෙරටට පැමිණ ඇත්තේ ඩුබායි සංචාරයකට සහභාගි වූ තවත් දේශපාලනඥයකු සමග බව ගුවන්තොටුපොළ ආරංචි මාර්ග කියයි.
ඊ.කේ. 652 දරන එමිරේටස් ගුවන් යානයෙන් ඉකුත් 10 වැනිදා අලුයම 12.45ට මෙම පිරිස කටුනායක ගුවන් තොටුපොළට පැමිණ ඇත. එහි දී ඔහු ප්‍රභූ පර්යන්තය ඔස්සේ රැගෙන යාමට රාජ්‍ය ඇමැතිවරයකු පැමිණ සිට ඇත.
ජයලත් ක්‍රිෂාන් පීරිස් නමැති මෙම එතනෝල් ව්‍යාපාරිකයාට එරෙහිව විවෘත වරෙන්තුවක් අධිකරණයෙන් නිකුත් කර තිබූ නිසා ගුවන් තොටුපොළේ දී ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන තිබේ.
විස්කි බෝතල්වලට වර්ණ ගැන්වූ වතුර කලවම් කිරීමේ සිද්ධියකට අදාළව මෙම සැකකරුට නිකුත් කළ විවෘත වරෙන්තුවක් මත ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප ලැබුණු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දුව කළ විමසුමක දී පැවසීය.
ග්ලෝබල් ට්රාන්ස්පෝටේෂන් ඇන්ඩ් ලොජිස්ටික් සමාගම පවත්වාගෙන යන ග්ලෝබල් පාක් ගුදමක තිබූ විසික් බෝතල් ඉවත් කර ඊට වර්ණ ගැන් වූ වතුර බෝතල් ආදේශ කළ චෝදනාවකට 2020 සැප්තැම්බරයේ දී එම ගබඩාවටද මුද්‍රා තැබීය.
දූෂිත රේගු නිලධාරීන්ගේද සහාය ඇතිව කළ බව කියන මෙම වංචාව ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ විමර්ශනයකින් 2020 අගෝස්තු 14 වැනිදා ග්ලෝබල් පාර්ක් ගුදමෙන් විස්කි පිටමං කළ බවට අනාවරණය වී ඇත.
මෙම විස්කි ජාවාරම සිදු වූ ගුදම පසුගිය යහපාලන රජය සමයේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ ප්‍රබල ඇමැතිවරයකුට අයත් එකකි.
මෙම විස්කි තොග ප්‍රති අපනයනය සඳහා මෙරටට රැගෙන ඒමේ ව්‍යාපාරයට සම්බන්ධ වූ ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගැනීමට යාමේ දී ඔහු විදෙස්ගතවීම නිසා ඔහුට විවෘත වරෙන්තු නිකුත් කිරීමට පියවර ගෙන තිබේ.
ඒ අනුව වසරකට වැඩි කාලයක් මෙරටට පැමිණීමට නොහැකිව සිටි ව්‍යාපාරිකයා දේශපාලනඥයන්ගේ සහාය මැද ලංකාවට පැමිණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර වී තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මෙසේ අත්අඩංගුවට ගත් ව්‍යාපාරිකයා පැය දහයක් තිස්සේ ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව ඉකුත් ඉරිදා (09 වැනිදා) දිනයේ වැඩබලන මහෙස්ත්‍රාත්වරයා හමුවට පමුණුවා ඇත. එහි දී ඔහුට ඇප ලැබී තිබේ.
කෙසේ වෙතත් සැකකරුට ඇප ලබාදීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විරුද්ධ වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.
– Aruna
System change hodai vs Ake Ratak Ake nitiyak
ඇත්තටම අර අම්බ්රෙල්ලාපොළ මැතිනියට මොකද වුනේ ? ස්වයන් නිරෝධායනයවත් වෙලාද
ඔන්න යුඑන්පී කාලෙ කරපු සෙල්ලම්
නිමල් ලන්ස තමා ඔය ඇමති. ලන්සට බයයි. ලන්ස දන්නව ඔය හැම ජාවාරකම මහ මොල කරුවෝ කවුද කියල .කැබිනට් සංශෝධනයේදී විමල් ගම්මන්පිල සරත් වීරසේකර එලියේ. ලන්ස අරුන්දික කැබිනට් එකේ ජොනීට තවත් ඇමති දූරයක්
නැතුව සවුභාග්‍යයේ දැක් මට යන්ඩ බෑ .
එන්න අපි ජෙප්පන්ට බනිමූ
Emma fatal eka nithiyak 😀😃😄😁🙃🙃🙃
Amathiyage nama kiyanna konda pana nedda?
Very good question Sir!
එකම රටක් එක නීතියක් යටතේ පොහොට්ටුවේ දේශපාලකයන් ට එහෙම කරන්න පුලුවන් නේද අපේ හාන්දුරුවනේ ?
joniya
Who is the Amathiya ?
Who is the Kudu Karaya ?
GIVE THEIR NAMES LankaCnews Editor.
me lankacnews paththare inna ponna kathruvarayaa ova kiyanne netha. uta danne nikan hitiya ahinsaka azad
saaliva ath adanguwata aran avurudu thunakma hirakoragena thabaageneema gena pitu gananakata liyandai.
ko ara ekama ratak ekama neethiyak kiyala esandahaa inna bauddha uru thadiya hora bhikshuwa pimpisaaraya