වලදමා තිබූ අත්බෝම්බ 5ක් හමුවෙයි…

June 15, 2019 at 5:30 pm | lanka C news
වලදමා තිබූ අත්බෝම්බ 5ක් හමුවෙයි…

වව්නියාව වේලංකුලම් ප්‍රදේශයේ ගෙවත්තක් පිලිසකර කිරීමට යාමේදී වලදමා තිබූ අත්බෝම්බ 5 ක් ඊයේ (12) දින හමු වූ බවට වව්නියාව පූවර්සන් කුලම් පොලීසිය පවසයි.

වේලංකුලම් ප්‍රදේශයේ නැවත පදිංචි වැසියෙකු විසින් සිය ඉඩම පිළිසකර කිරීම සඳහා එලිපෙහෙලි කරමින් සිටින අතරතුරදී සැකකටයුතු පාර්සලයක් පොළවේ වලදමා තිබී ඇති අතර පසුව එය පරික්ෂා කිරීමේදී අදාල අත්බෝම්බ දැක ඒ බව පූවර්සන්කුලම් පොලීසියට දැනුම් දී ඇත.

පසුව එම ස්ථානයට පැමිණ පූවර්සන්කුලම් පොලීසිය අදාල ස්ථානයේ කැනීමක් සිදු කොට වලදමා තිබූ අත්බෝම්බ 5ක් සොයාගෙන ඇති අතර එම අත්බෝම්බ යුද සමයේදී කොටි සංවිධානය විසින් වලදමන්නට ඇති බවට සැක පල කර සිටියි.

සොයා ගත් අත්බෝම්බ නිශ්ක්‍රීය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායේ සහය ලබා ගැනීමට පියවර ගෙන ඇති බවටද පරික්ෂණ සිදු කරන පූවර්සන්කුලම් පොලීසිය වැඩි දුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

4,098 Viewers
Main News