වලදමා තිබූ බෝම්බයක් හමු වෙයි…
December 18, 2017 at 5:30 pm | lanka C news
වව්නියාව තිරුනාවක්කුලම් ප්රදේශයේ ගෙවත්තක වලදමා තිබූ මෝටාර් බෝම්බයක් ඊයේ (17) සවස හමු වූ බවට වව්නියාව තිරුණාවක්කුලම් පොලීසිය කියා සිටියේය.
තිරුණාවක්කුලම් ප්රදේශයේ වැසියෙකු සිය ගෙවත්ත එලි පෙහෙලි කිරීමේදී අදාල මිලිමීටර් 60 වර්ගයේ මෝටාර් බෝම්බය දැක ඒ පිළිබඳව තිරුණාවක්කුලම් පොලීසියට දැනුම් දී ඇති අතර පසුව පොලීසිය එම ස්ථානයට පැමිණ ආරක්ෂාව යොදා ඇත.
අදාල මෝටාර් බොම්බය නිශ්ක්රීය කිරීම සඳහා වව්නියාව පොලිස් විශේෂ කාර්යා බලකායට දැනුම් දී ඇති අතර මෙම බොම්බය යුද සමයේදී එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් වලදමන්නට ඇති බවට තිරුණාවක්කුලම් පොලීසිය සැක පල කර සිටියේය.
– වන්නි රොමේෂ් මධුෂංඛ