වලදමා සැගවූ රත්‍රං සොයා පොළව හාරයි.. පොලිසියෙන් රැකවල්..

April 13, 2018 at 6:30 am | lanka C news
වලදමා සැගවූ රත්‍රං සොයා පොළව හාරයි.. පොලිසියෙන් රැකවල්..

යුද සමයේදී එල්.ටී.ටී.ඊ. සංවිධානය වලදැමූ බවට සැකකෙරෙන රත්‍රං තොගයක් සොයා කිලිනොච්චිය අරවියල් නගරයෙරයේ කැනීමක් 11 සවස සිට  ආරම්භ කළ බවට කිලිනොච්චිය පොලීසිය කියා සිටියේය.

කිලිනොච්චිය පොලීසිය විසින් පොලීසියට ලැබුනු තොරතුරකට අනුව කිලිනොච්චිය මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් අධිකරණ නියෝගයකට අනුව අරවියල් නගර් ප්‍රදේශයේ කැලෑවක මෙම කැනීම සිදු කරනු ලැබීය.

පැය තුනකට අධික කාලයක් පස්කපන යන්ත්‍රානුසාරයෙන් කැනීම සිදු කළද කිසිවක් හමු නොවීමෙන් කැනීම් කටයුතු නවතා දැමීමට පියවර ගැනුනු අතර 12 දිනයේදී එම ස්ථානයේදීම තවත් කැනීමක් සිදු කිරීමට නියමිත බවටද කිලිනොච්චිය පොලීසිය වැඩි දුරටත් කියා සිටියේය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

36 views
Main News