වලස් ප්‍රහාරයකින් යුද හමුදා සෙබලෙකුට බරපතල තුවාල

July 20, 2018 at 5:30 pm | lanka C news
වලස් ප්‍රහාරයකින් යුද හමුදා සෙබලෙකුට බරපතල තුවාල

මුලතිව් තන්නිමුරිප්පු රක්ෂිත කැලෑවකදී යුද හමුදා සෙබලෙකුට ඊයේ (19) වලසෙකු පහරදීම හේතුවෙන් යුද හමුදා සෙබලා බරපතල තුවාල ලබා රෝහලගත කොට ඇති බවට මුලතිව් පොලීසිය කියා සිටියේය.

තන්නිමුරිප්පු රක්ෂිත කැලෑවක් ආසන්නයෙ පිහිටි යුද හමුදා කඳවුරක සෙබලෙකු විසින් අසල පිහිටි කැලෑවට ගොස් ඇති අතර එහිදී එකවරම කඩා වැදුනු වලසෙකු විසින් යුද හමුදා සෙබලාගේ මුහුණට හා හිසට පහර දී ඇති අතර වලසා සමග යුද හමුදා සෙබලාද පොරබදා ජීවිතය බේරා ගෙන නැවත යුද හමුදා කඳවුර වෙතට දිව ආවද වලස් ප්‍රහාරයෙන් යුද හමුදා සෙබලාගේ හිස සහ මුහුණ බරපතල ලෙස තුවාල සිදුව තිබුණි.

බරපතල තුවාල ලබා සිටි යුද හමුදා සෙබලා එම අවස්ථාවේදීම මුලතිව් රෝහලට ඇතුලත් කළ අතර එහිදී වැඩි දුර ප්‍රතිකාර සඳහා පදවිය රෝහලට මාරු කොට යැවූ බවට මුලතිව් රෝහල් ප්‍රකාශකයෙකු කියා සිටියේය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

119 views
Main News