වල් අලි රංචුවක් ගම්මානයකට කඩා වැදී විනාශ කරති…
May 15, 2018 at 2:07 am | lanka C news
වවුනියාව නැවත පදිංචි ගම්මානයක් වන බෝගස්වැව ප්රදේශයට වනඅලි රංචුවක් කඩා වැදීමෙන් ගම්මානයේ වගාවන් රැසකට හානි සිදුව ඇති බවට ගම්වාසීන් කියා සිටියහ.
බෝගස්වැව ගම්මානයේ වැසියන් වගා කොට තිබූ කෙසෙල් ,මංඤ්ඥොක්කා පොල් හා තේක්ක වගාවන්ට මෙලෙස වල් අලි කඩා වැදීම හේතුවෙන් දැඩි ලෙස හානි සිදුව ඇත.
මේ අතර ගෙවුනු දින කිහිපයේද බෝගස්වැව ,ඒරුපතාන මහකච්චකොඩිය හා පිරප්පම්මඩුව යන ප්රදේශය වල පිහිටි ගම්මානයන්හි වගාවන්ටද වන අලින් විසින් දැඩි ලෙස හානි කර ඇති බවටද එම ගම්මානවල වැසියන් කියා සිටිති.
මෙලෙස වන අලි තරුජනය මේ දිනවල දෛනිකව සිදුවන බැවින් එයට විසඳුමක් ඉල්ලන මෙම ගම්වාසීන් කියා සිටින්නේ බෝගස්වැව ප්රදේශයේ ඇති අලි වැට සියලු ගම් ආවාරනය වනපරිදි දීර්ඝ කොට ලබා දෙන ලෙසටයි.
– වන්නි රොමේෂ් මධුෂංඛ