වල් අලි රංචුවක් පැන ගමක් වනසති…

July 29, 2019 at 2:25 am | lanka C news
වල් අලි රංචුවක් පැන ගමක් වනසති…

බලන්ගොඩ මුල්ගම වල්ලකොළමුල්ල ගමිමානයට පැමිණි වල් අලි රංචුවක් තමන් වගාකර අැති වගාවන් සියල්ලම විනාශ කර දමා ගොස් ඇති බව වල්ලකොළමුල්ල ගමිමානයේ පදිංචි ගොවි ජනතාව පවසති.

කෙසෙල්,කිතුල්,පොල් ,බෝංචි වගාවන් ඇතුළු අනිකුත් එළවළු වගාවන්ද පාගා දමා විනාශ කර ඇති බව එම ජනතාව කියති.

ගමිමානයේ නිවාස වල මිදුලටම 28 අලුයමි කාලයේ්දි මෙලෙස වල්අලි පැමිණෙන ඇති බව ඔවුහු කියති.

වගාවන් විනාශ කිරිම හේතුවෙන් තමන්ට විශාල අලාභ හානියක් සිදු වි තිබෙන බව වල්ලකෙළමුල්ල ගමිමානයේ වගා කරැවන් සදහන් කරති.

මිට පෙර ද මෙම ප්‍රදේශයට වල් අලි පැමිණි මිනිස් ජිවිත පවා විනාශ කල බවද එම ජනතාව කියති.

– බලන්ගොඩ සම්පත් ප්‍රියනන්දන

1,799 Viewers

2 Comments to “වල් අලි රංචුවක් පැන ගමක් වනසති…”

  1. Love nature says:

    වන අලින්ගේ නිජ භුමිය විල්පත්තුව ඇතුළු වන රක්ෂිත විනාශකරද්දී ඒ අසරණ සතුන් ආහාරයට ගන්නේ කුමක්ද ? එනිසයි අලි ගම්වලට කඩා වදින්නේ ….මුස්ලිම් , දෙමල කොලනි හදන්න අලින්ව ඔවුන්ගේ කැලැ වලින් පලවා හරිද්දී..
    ඒ සතුන් කුමක් කරන්නද ? මේයට පරිසර ඇමති සිරිසේන වග කිවයුතුයි
    ලග එන ජන්දෙට සුළු ජාතීන්ගේ මනාප ගන්න අපේ රටේ ජාතික වස්තු විනාශ කිරීමේ සාපය සිරිසේන ඇතුළු යහපාලනේ හොර මැති ඇමතිලාට ලැබේවා

  2. cobra says:

    සුලුජාතින් (,මුස්ලිම් ,දෙමළ) ජාතිවාදීන් විල්පත්තුවේ වන අලින් සිංහල ගම්මාන වලට පලවා හරින්නේ එම ගම්වල සිංහල ජනතාව පලවා හැර එම ගම්මාන අයිති කරගැනීමට ..සිරිසේන නිදිද ? නැවත විල්පතු විනාශකරපු දේශද්‍රෝහියා ඇමති කමට ලජ්ජයි
    සිරිසේන ,රනිල් පාර්ලිමේන්තුව විසුරුවාහරින්න

Main News