වල් ඌරන් ඝාතනයට තටු ලැබේ.. ශ‍්‍රීපාද අඩවිය වල් ඌරුමස්වලින් පිරේ..

October 2, 2018 at 8:40 am | lanka C news
වල් ඌරන් ඝාතනයට තටු ලැබේ.. ශ‍්‍රීපාද අඩවිය වල් ඌරුමස්වලින් පිරේ..

රජය විසින් වල් ඌරුමස් ප්‍රවාහනයට, විකිණීමට අවසර ලබා දීමට සදහා කටයුතු කරන බව වාර්තා වීමත් සමගින් ශ්‍රීපාද අඩවිය ආශ්‍රිත වල් ඌරන් ඝාතනය, මස් ප්‍රවාහනය සහ විකිණිම ප්‍රසිද්ධියේම සිදු කරමින් පවතී.

මෙතෙක් රහසිගතව කරන ලද මෙම කටයුතු දැන් ප‍්‍රසිද්ධියේම සිදු කරමින් ඇතැයි ‘අහිංසා’ ශ‍්‍රී ලංකා සත්ව හිමිකම් සහ සුභසාධන සංවිධානය කියා සිටී.

මේ තත්වය මත ඉදිරි ශ්‍රීපාද සමයේදී එම රක්ෂිතයේ වල් ඌරන් මරා විකණීම වේගවත් වීමේ හැකියාවක් ඇති බවත් ඉන් බෞද්ධ සංස්කෘතියට විශාල ලෙස හානි සිදුවන බවත් එම සංවිධානය පවසයි.

රජය ගෙනවිත් ඇති යෝජනාව වහා අවලංගු කරන්නැයි සංවිධාන ගණනාවක්ම මේ වන විට රජයෙන් ඉල්ලා ඇත.

1,067 views
Main News