වලිකාමම් උතුර අධිආරක්‍ෂිතයේ තිබූ අක්කර 683ක් මුදාහරී..

April 15, 2018 at 8:02 am | lanka C news
වලිකාමම් උතුර අධිආරක්‍ෂිතයේ තිබූ අක්කර 683ක් මුදාහරී..

28 වසරකට පසු හමුදා භාරයේ තිබූ යාපනයේ වලිකාමම් උතුර ප්‍රදේශයේ අක්කර 683 ක ඉඩම් ප‍්‍රමාණයක් මුල් හිමිකරුවන්ට ලබා දීමට කටයුතු කර ඇත.

පසුගිය 13 වන දා යුද හමුදාපති මහේෂ් සේනානායක විසින් මෙම ඉඩම් වල අයිතිය යාපනයේ දිස්ත්‍රික් ලේකම්වරයා වෙත නිල වශයෙන් භාර දී තිබේ.

එමෙන්ම තවද දීර්ඝ කාලයක් තිස්සේ වසා දමා තිබූ පේදුරු තුඩුව මයිලිටි හරහා පොන්නාලේ මාර්ගය ද යළි මහජනතාව සදහා ධිවා කාලයේදී විවෘත කිරීමද සිදු කර ඇත.

57 views
Main News