වව්නතිව් සිදුවීම ගැන වගකීම ජනපතිගේ හා අගමැතිගේ..- හෙල උරුමය

December 1, 2018 at 8:02 am | lanka C news
වව්නතිව් සිදුවීම ගැන වගකීම ජනපතිගේ හා අගමැතිගේ..- හෙල උරුමය

ජාතික හෙල උරුමය විසින් නිකුත් කල මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

වව්නතිව් සිදුවීම් පිටුපස සත්‍ය හෙළිදරව් කර ගැනිමට වහා විධිමත් පරික්ෂණයක් පවත්වන්න.

මඩකළපුව වව්නතිව් පොලිස් මුරපොළක සේවයේ යේදී සිටි පොලිස් නිලධාරින් දෙදෙනෙකු ඝාතනය කොට ඔවුන් සතු ගිනිඅවි දෙක පැහැරගෙන ගොස් ඇත. මෙම සිදුවීම් බරපතල සිදුවීමක් ලෙස සලකා වහාම අවධානය යොමුකොට විධිමත් පරීක්ෂණයක් පවත්වා මෙම ඝාතනය පිටුපස සිටින්නේ කවුරුන්ද යන්න සොයා බලා රටට සත්‍ය තොරතුරු හෙළිදරව් කිරීමට වහාම පියවර ගත යුතුය. බෙදුම්වාදී කොටි ත්‍රස්තවාදය පරාජය පත් කිරීමෙන් පසු ගෙවීගිය වසර 09 තුළ විවිධ සිදුවීම් උතුරු නැගෙනහිර ප්‍රදේශවලින් වාර්තා වු අතර ඒ පිටුපස විවිධ මුහුණුවරින් කටයුතු කරන අන්තවාදි ත්‍රස්තවාදී කණ්ඩායම්වල හෙවනැල්ල වැටී තිබු බව එම සිදුවීම අධ්‍යනය කිරිමේ දී දැකගත හැකිවිය.

ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් පසු එල්.ටී.ටී.ඊ.හිතවාදී දේශපාලන කණ්ඩායම් හා ප්‍රචණ්ඩත්වය ගැන විශ්වාසය තබන කණ්ඩායම් විවිධ මුහුණුවර වලින් ස්වරූපවලින් විවෘතවත් රහසිගතවත් කටයුතු කරමින් සිටින බව නීරික්ෂණය කළහැකි විය. එහෙත් ඝාතන හෝ ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා නොවුනු අතර මෙම සිදුවිම තුළින් පෙන්නුම් කරන්නේ කවර තත්ත්වයක්ද යන්න පිළිබඳව වහාම ආරක්ෂක අංශවල හා බුද්ධිඅංශවල අවධානය යොමුකළ යුතුය. රටතුළ නිර්මාණය වී ඇති දේශපාලන ව්‍යාකූලත්වය සහ ආරාජිකත්වය ප්‍රයෝජනයට ගනිමින් ත්‍රස්තවාදය පිළිබඳ විශ්වාසයක් තබන කණ්ඩායමක් මෙය ප්‍රයෝජනයට ගනිමින් සිටින්නේද යන්න පිළිබඳවත් එසේ නැතිනම් පටුදේශපාලන අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා වෙනත් හස්තයකින් ක්‍රියාත්මක වන්නේද යන්න පිළිබඳවත් වහාම සොයා බැලිය යුතු අතර රටේ අවධානය හා දේශපාලන පසුබිම වෙනතකට යොමු කිරීම සඳහා සැළසුම් සහගත කූඨ කුමන්ත්‍රණයක් ද යන්න පිළිබඳව වහාම සොයාබලා රටට හෙළිදරව් කළ යුතුය.

තෙල්දෙණිය, දිගන හා අම්පාර ප්‍රදේශයේ ඇතිවූ සිදුවීම් හා ඒවා පිටුපස සිටි කල්ලි කණ්ඩායම් හා දේශපාලන හස්තයන් හෙළිදරව්වෙමින් ඇති අතර මේ මොහොතෙ මඩකළපුව-වව්නතිව් සිදුවීම් ද ප්‍රශ්නාර්ථයක් මතුකරන බැවින් මේ පිළිබඳව වහාම සොයාබලා සත්‍ය හෙළිදරව් කිරීම පොලිස්පතිවරයාගෙත්, ආරක්ෂක ලේකම්වරයාගේත්, සේනාධිනායක ලෙස ජනාධිපතිවරයාගේත් වගකීම වේ. රට දේශපාලන අස්ථාවරභාවයකට, ව්‍යාකූලතත්වයකට හා අනාරක්ෂිත තත්ත්වයකට ඇඳදැමීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනත්, ඊනීයා අගමැති මහින්ද රාජපක්ෂත්, ඊනීයා කැබිනට් මණ්ඩලයත් වගකිව යුතු බව අප අවධාරණය කරන අතර මෙම සිදුවීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වා සත්‍ය තොරතුරු රටට හෙළිදරව් කරන මෙන් ඉල්ලා සිටින අතර කවරෙක් කළද මෙම ඝාතන දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින අතර මෙම පොලිස් නිලධාරින් දෙදෙනාගේ බිරිඳ දරුවන් සහ ඥාතින්ට අප පක්ෂයේ බලවත් සංවේගය ද පළකර සිටිමු.

ස්තුතියි!

නිශාන්ත ශ්‍රීවර්ණසිංහ
ජාතික සංවිධායක
ජාතික හෙල උරුමය

56 views

17 Comments to “වව්නතිව් සිදුවීම ගැන වගකීම ජනපතිගේ හා අගමැතිගේ..- හෙල උරුමය”

  1. vishnu says:

    පර අපතයො දෙන්න ඉන්න හැටි
    මූකලන් බස්සො දෙන්නෙක් වගේ

  2. chandapala says:

    අලි – කොටි සමග දීගකන උන්ට මොන හෙළ උරුමයක්ද.? සිංහල කරුමය

  3. ගෙම්බා says:

    කම්ල මල්ලී රනිල් සම්බන්ධන් එක්ක බුදියගෙන අවදි වෙලා වගේ…. පචා රනිල් එක්කද බුදිය ගත්තෙ. මල්ලි සම්බන්ධන් එක්කද හිටියෙ… ඇයි නැගිට් ටේ තව ටිකක් ඕකුන් එක්කම බුදිය ගනින්…. උන්ටම පුක දීපන්

    • These people,who have betrayed the patriotic voters in our Motherland,by turning through 180degrees to join the Jon Juan’s(as their so called leader himself had addressed him,before getting brain washed by Ranil)past government and had all the past three and a half years ,have helped in eveeryway to endorse the Ranil’s moves to ruin the Country’s National defense ,Culture and Sovereignity, now talk nonsense to the people.Do you all think that people are fools?

  4. Anju says:

    Mr Pacha Ranawaka should ask these questions from his buddy Ponil the butterfly who was prime minister untill 25 Oct. Ranawaka should remember that he too was a party who proactively supported the well planned strategy to support the ltte rump which was successfully put down by former President Rajapaksa. Ranawaka was an active participant who was responsible for the plunder of assests of Mother Lanka.

  5. Devadsoma says:

    MaRa Tuma Nagitta Dan ekata Inna koti athe paye Hiri Arinawaa .

    Ko me Mosaalawansaya Voice cut denna awe nadda?

Main News