වව්නියාවට බෝම්බ ඇතුලු ආයුද ගෙන ආ සැකකරුගේ නිවසින් තව ආයුධ හමුවෙයි.. තිදෙනෙක් අත්අඩංගුවට..

January 8, 2019 at 2:02 am | lanka C news
වව්නියාවට බෝම්බ ඇතුලු ආයුද ගෙන ආ සැකකරුගේ නිවසින් තව ආයුධ හමුවෙයි.. තිදෙනෙක් අත්අඩංගුවට..

වව්නියාව පුලියන්කුලම පූතූර් කෝවිල ප‍්‍රදේශයේදී අතුරුමාර්ගයක බෝම්බ සහිත බෑගයක් දමා පලා ගිය සැකකරු පදිංචි වූ නිවස හා අවට ඊයේ (06) දින සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී තවත් බෝම්බ හා ගිනිඅවියක් සමග කාන්තාවක් ඇතුලු තිදෙනෙකු අත්අඩංගුවට ගත් බවට පුලියන්කුලම් පොලීසිය කියා සිටියේය.

බෝම්බ බෑගය දමා පලා ගිය ප්‍රධාන සැකකරුගේ බෑගයේ තිබී හමු වූ ජංගම දුරකතන පරික්ෂාවෙන් හෙලිකරගත් තොරතුරු වලට අනුව පළමුව කාන්තාවක් ඇතුලු සැකකරුවන් තිදෙනෙකු පුලියන්කුලම් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර පසුව අදාල සැකකරුවන්ගෙන් ලැබුනු තොරතුරුවලට අනුව ඊයේ (06) සවස් වන තුරු පුලියන්කුලම් පොලීසිය හා යුද හමුදාව ඒකාබද්දව සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකින් අනතුරුව පලාගිය ප්‍රධාන සැකකරු පදිංචිව සිටි බවට සැකකෙරෙන අත්අඩංගුවට ගත් සැකකාරියගේ නිවසේ හා අවට සිදු කරන ලද සෝදිසි මෙහෙයුමකදී තවත් ටී56 ගිනිඅවියක් හා මෝටාර් බෝම්බ දෙකක් හමුවී ඇත.

පලාගිය ප්‍රධාන සැකකරුට අවශ්‍ය මුදල් හා දුරකතන පහසුකම් ලබා දුන් සැකකරුවන් දෙදෙනෙකුහා සැකකරුට නවාතැන් දුන් නිවසේ සිටි කාන්තාවක් මෙලෙස පුලියන්කුලම් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන වව්නියාව අධිකරණයට ඉදිරිපත් කොට පැය 72 ක රඳවාගෙන ප්‍රශ්න කිරීමේ නියෝගය මත තවදුරටත් ප්‍රශ්න කිරීම් සිදු කෙරේ.

මේ අතර පලා ගිය සැකකරුට සහය දුන් තවත් සැකකරුවෙකු පසුගිය 05 වනදාද වවුනියාව පොලිස් කොට්ඨාශ නොවිසුඳුනු අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

පසුගිය පළමුවනදා පුලියන්කුලම පූතූර් කෝවිල ප‍්‍රදේශයේදී අතුරුමාර්ගයක ප්‍රධාන සැකකරු විසින් දමා ගිය බෑගයේ තිබී අත්බෝම්බ හතරක්, නවීන පන්නයේ මයික්‍රෝ පිස්තෝලයක්, මැගසින් එකක්, මිලිමීටර් 9  ජීවි පිස්තෝල උණ්ඩ 18ක් , මාලිමා යන්ත්‍රයක්, ජංගම දුරකතන දෙකක්, සෝල යන්ත්‍රයක්, හා කැලේ ජීවිත් වීමට හැකි වේදනානාශක බෙහෙත්පෙති, දත් බුරුසුවක්,දත් බෙහෙත් හා සරම් කිහිපයක් විවිධ වූ කෑම හා ඇඳුම් තොගයක් හමු වී ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

5,191 Viewers
Main News