වව්නියාවේ 03කට කොරෝනා.. ආයතනයක් හා වෙලදසැල් කිහිපයක් වසා දමයි..

October 23, 2020 at 6:28 am | lanka C news
වව්නියාවේ 03කට කොරෝනා.. ආයතනයක් හා වෙලදසැල් කිහිපයක් වසා දමයි..

වව්නියාව නෙදුන්කේනි ප්‍රදේශයේ  පෞද්ගලික කොන්ත්‍රාත් ආයතනයක සේවකයින් තිදෙනෙකුට කොවීඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් පසුව ඔවුන් තිදෙනා වව්නියාව මහරෝහලට ඇතුලත් කල බවට වව්නියාව මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය පවසයි.

අදාල කොන්ත්‍රාත් සමාගමේ සේවකයින්ගෙන් දකුණු ප්‍රදේශයේ පදිංචි 25 දෙනෙකු පි.සී.ආර්. පරික්ෂණයකට යොමු කිරීමෙන් පසුව ඉන් තිදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු විය.

මේ හේතුව නිසාවෙන් අදාල කොන්ත්‍රාත් සමාගම විසින් වව්නියාව වේප්පම්කුලම් ප්‍රදේශයේ පිහිටි වෙළඳසැල් තුනකික් ගනුදෙනු කර ඇති බවට අනාවරනය වීමත් සමග අදාල වෙළඳසැල් අද (22) දින වසාදැමීමට පියවර ගත් බවටත් එම වෙළඳසැල් වල සිටි පිරිස් හා ඇසුරුකරන ලද හඳුනාගත් පුද්ගලයින්ද නිරෝධායනය පිණිස යොමු කොට පී.සී.ආර්. පරික්ෂණයන් සඳහා යොමු කොට ඇති බවටද සෞඛ්‍ය පරික්ෂක වරුන් පවසා සිටියහ.

මේ අනුව කොරෝණා වෛරසිය වැළඳී ඇති බවට තහවුරු වූ පුද්ගලයින්ට ප්‍රතිකාර කිරීම සඳහා වව්නියාව මහරෝහලේ වෙනම වාට්ටුවක් වෙන්කොට ප්‍රතිකාර කිරීමේ කටයුතුද මේ වන විට සිදු කෙරෙයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

11,989 views

2 Comments to “වව්නියාවේ 03කට කොරෝනා.. ආයතනයක් හා වෙලදසැල් කිහිපයක් වසා දමයි..”

  1. Hudson says:

    bRANDIX POKURA HIC. HIC.

  2. Saradiel says:

    සියලු දෙනාට ඉක්මන් සුවය පතමු

Main News