වව්නියාවේ අතුරුදහන් වූවන්ගේ විරෝධාතවයේ සම්බන්ධන් හා සුමන්තිරන් භංග වේවා කියා දේව කන්නලව්වක්.. ගිනි තබති..

February 25, 2018 at 8:02 am | lanka C news
වව්නියාවේ අතුරුදහන් වූවන්ගේ විරෝධාතවයේ සම්බන්ධන් හා  සුමන්තිරන් භංග වේවා කියා දේව කන්නලව්වක්.. ගිනි තබති..

යුද්දය හේතුවෙන් උතුරේ අතුරුදහන් වූවන් වෙනුවෙන් පිළිගත හැකි විසඳුමක් ඉල්ලා ආරම්භ කරන ලද වවුනියාව සත්‍යග්‍රහයට මේ වන විට දින 366 ක් පසු වී ඇතත් තමන්ට මෙතෙක් විසඳුමක් නොලැබුනු බවට අතුරුදහන් වූවන්ගේ ඥාතීන් විසින් විරෝධතාවයක් දියත්කරමින් දෙමළ ජාතික සන්ධානයේ නායකයින්ට දැඩි විරෝධයක් පා සිටියහ.

දෙමළ ජාතික සන්ධානයේ නායක විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතාගේ සහ එම්.ඒ. සුමන්තිරන් යන අයගේ රූප අයත් පඹයින් තබා හූනියම් කරමින් ඔවුන්ට දැඩි විරෝධය පාමින් දේව කන්නලව්වක යෙදුනේ දෙමළ ජනතාවගේ ගැටලු විසඳීම වෙනුවෙන් දෙමළ නායකයින් කිසිදු පියවරක් නොගැනීම දැඩි කනගාටුවක් බවටයි.

වවුනියා තැපල් කාර්යාලය ඉදිරිපිටින් ආරම්භ කරන ලද විරෝධතාවය  වව්නියාව නගරය හරහා ගමන් කොට වව්නියාව කන්දසාමි කෝවිල ඉදිරිපිටදී දේව කන්නලව්වකින් අවසන් විය.

මීට වසරකට පෙර යුද්දය හේතුවෙන් අතුරුදහන් වූවන්ගේ ඥාතීන් විසින් සත්‍යග්‍රහයන් ආරම්භ කර සිටියේ අතුරුදහන් වූ සිය දරු මුණුබුරන් සොයා දෙන ලෙසටත් ඔවුන් වෙනුවෙන් විශ්වාශවන්ත පිළිගත හැකි විසඳුමක් ලබා දෙන ලෙසටත් ඉල්ලමිනි.

අදාල සත්‍යග්‍රහය අතරතුර රටේ නායකයාගේ සිට සියලුම බලධාරීන් හමු වී අතුරුදහන් වූවන්ගේ ඥාතීන් විසින් විවධ මට්ටමේ සාකච්ඡා පැවත්වුවද මෙතෙක් තමන්ට පිළිගත හැකි විසඳුමක් නොලැබුනු බවට සත්‍යග්‍රහයේ නිරතවූවන් කියා සිටියහ.

වව්නියාවේ ආරම්භ කරන ලද සත්‍යග්‍රහයට වසරක් ගෙවීම නිමිත්තෙන් එයට සහය ලබා දීමක් වශයෙන් වව්නියාවේ විවිධ වූ ස්වේච්ඡා සංවිධාන හා පුරවැසි කමිටු සාමාජිකයින්ද මේ දිනවල සත්‍යග්‍රහය ඉදිරිපිට හිඳමින් වත්මන් රජයට විරෝධය පලකරමින් කියා සිටින්නේ වසරක් ගෙවුනු සත්‍යග්‍රහයකට විසඳුමක් ලබා දිය නොහැකි රජයක් පිළිබඳව කෙසෙත් විශ්වාශයක් තැබිය නොහැකි බැවින් මෙම ගැටලුවට ජාත්‍යන්තරය හෝ මැදිහත් වී රජයට බලපෑමක් කොට පිළිගත හැකි විසඳුමක් ලබා දිය යුතු බවටයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

24 views

3 Comments to “වව්නියාවේ අතුරුදහන් වූවන්ගේ විරෝධාතවයේ සම්බන්ධන් හා සුමන්තිරන් භංග වේවා කියා දේව කන්නලව්වක්.. ගිනි තබති..”

  1. Nuwan says:

    ඉංග්‍රීසි ජාතිවාදීන් වන සුමන්තිරන්, වැලිඅමුණ, පාක්‍යසෝති, වැනි අයත් ඔවුන් සමග ඩීල් දාන NGO සම්මන්ත්‍රණ කියන මනෝහර සහ ගොම්මන්පිලත් (2017.02.21 දින මොවුන් තුම්මුල්ල සමුබුද්ධත්ව මන්දිරයේ ඩොලර්වලින් ෆෙජරල් සම්මන්ත්‍රණයක් පවත්වා ඇත.) මේ නටන්නේ අහිංසක සිංහල-දෙමළ ජනතාව ගේ ජීවිත සමග සෙල්ලමයි. පච රණවකයා එක පැත්තකින් සිංහලයා රවටයි. සුමන්තිරන් නඩය වැල්ලවත්තේ සිට අනික් පැත්තෙන් දෙමළුන් රවටයි.

  2. CAT says:

    ඔය අතුරු දහන්වුවන් සියලු දෙනාම ව්‍යාජ නම්වලින් යුරෝපයේ කැනඩාවේ සරණාගතයන් ලෙස ජිවත් වේ ඔවුන් වෙනත් කාන්තාවන් විවාහ කරගෙන නව ජිවිත ගත කරයි මේ අසරණ කාන්තාවන් ඔවුන් එනතුරු බලා සිටි …දැන් පිටරවල සිටින මේ අතුරු දහන්වුවන් විදේශ පුරවැසි භාවයද ලබා ඇත// සැපසේ ජිවත් වේ ..මේ මිනිස්සු සත්‍යග්‍රහ කරමින් ඔවුන් සොයයි එය නිෂ්පල ක්‍රියාවක්
    මෙම ගැටලුවට ජාත්‍යන්තරය හෝ මැදිහත් වී සියලුම දෙමල සරණාගතයින්ගේ සත්‍ය විස්තර සොයා බැලුවොත් මේ සරණාගතයින් සොයා ගත හැක ..ඔවුන් දැන් pro -LTTE ඩයස්පෝරාවේ සාමාජිකයින් වී TNA පක්ෂයේ propaganda machine බවට පත්ව ඇත ..එනිසා කිසිම දවසක මේ දෙමල ජනතාවට ඔවුන් සොයා ගත නො හැකි වනු ඇත

  3. sky says:

    වව්නියාවේ අතුරුදහන් වූ සිංහල ජනතාව ගැන සොයා නොබලන්නේ මන්ද ? මෙලෙච්චේද LTTE ත්‍රස්තවාදීන් මරාදමනලද සිංහල ජනතාව ගැන සොයා බලා ඔවුන්ට වන්දි මුදල් TNA පක්ෂය ලබා නොදෙන්නේ මන්ද ?
    සිංහල ජනතාවේ සතු ඉඩම් දේපල කොල්ළෑකමින් ඔවුන් එළවා අද දෙමළ ජනතාව පදිංචි වී ඇත
    යාපනේ සිටි දෙමල ජනතාව වව්නියාවේ පදිංචියට ආවේ මිනීමරු පිරපාකරන් ඇතුළු LTTE ත්‍රස්තවාදීන් සිංහල ජනතාව මරා දමා ත්‍රස්තවාදී බලයෙන් සිංහල ජනතාවගේ ඉඩම් අත්කර ගත් නිසයි ..වහාම දෙමළ ජනතාව සිංහල ජනතාවට ඔවුන්ගේ ඉඩම් බාර දී පිට විය යුතුයි .. UNP පක්ෂය මේවාට වගකිවයුතුයි

Main News