වව්නියාවේ අතුරුදහන් වූවන්ගේ ඥාතීහු විසඳුම් ඉල්ලා පොල් ගසමින් දේව කන්නලව්වක…

November 26, 2019 at 2:09 am | lanka C news
වව්නියාවේ අතුරුදහන් වූවන්ගේ ඥාතීහු විසඳුම් ඉල්ලා පොල් ගසමින් දේව කන්නලව්වක…

යුද සමයේදී අතුරුදහන් වූවන් වෙනුවෙන් විසඳුම් ඉල්ලා වවුනියාවේ සත්‍යග්‍රහයක නිරත වී සිටින අතුරුදහන් වූවන්ගේ ඥාතීහු විසඳුම් ඉල්ලා පොල් ගසමින් දේව කන්නලව්වක නිරත වූහ.

වව්නියාව තැපල් කාර්යාලය ඉදිරිපිට අතුරුදහන් වූවන්ගේ ඥාතීන් විසින් ආරම්භ කොට ඇති සත්‍යග්‍රහයට මේ වන විට දින 1010 ක් ගෙවී ඇතත් ඔවුන්ට පිළිගත හැකි විසඳුමක් නොලැබීම හේතුවෙන් ඊයේ දින විරෝධතා පෙලපාලියකින් වව්නියාව කන්දසාමී කෝවිල වෙතට පැමිණීමෙන් පසුව තමන්ට විසඳුම් ලැබේවා යැයි දෙවයන්ගෙන් අයදමින් පොල් ගසා දේව කන්නලව්වක නිරත වූහ.

තම ගැටලු වෙනුවෙන් මෙතෙක් කිසිදු බලධාරියෙකුට විසඳුමක් ලබා දීම නොහැකි වූ බවටත් අත්අරුදහන් වූවන් වෙනුවෙන් යැයි පවසා පසුගිය රජයෙන් පත් කල අතුරුදහන් වූවන් පිළිබඳ සෙවීමේ කාර්යාල සම්පූරණ මුලාවක් බවටත් එය ජාත්‍යන්තරය රැවටීමට පසුගිය රජය ගත් උත්සහයක් බැවින් ජාත්‍යන්තරය මේ පිළිබඳව මැදිහත් වී තමන්ට සාධාරණයක් ඉටු කර දෙන මෙන් වව්නියාවේ අත්රුදහන් වූවන්ගේ ඥාතීහු වැඩි දුරටත් ඉල්ලා සිටියහ.

– වන්නි රොමේෂ් මධුෂංඛ

1,379 Viewers

One Comment to “වව්නියාවේ අතුරුදහන් වූවන්ගේ ඥාතීහු විසඳුම් ඉල්ලා පොල් ගසමින් දේව කන්නලව්වක…”

  1. UNP GAL IBBA says:

    මුං පොල්නොව දෙල් ගහන්න කියපියව් අපේ රටට ආපු සක්කිලියෝ අර සිරිමා ගිවිසුම නැවතත් ගෙන එනු සක්කිලියන් එලවනු ???

Leave a Comment

Main News