වව්නියාවේ කොරෝණා පොකුර ලොකුවෙයි…

January 12, 2021 at 2:28 am | lanka C news
වව්නියාවේ කොරෝණා පොකුර ලොකුවෙයි…

වව්නියාව නගරයේ කොරෝණා ආසාදිත පිරිස වැඩි වී ඇති බවටත් තවත් ආසාදිතයින් 08 දෙනෙකු අද (11) දිනයේදී වාර් ථා වී ඇති බවට වව්නියාව සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය පවසයි.

මේ අනුව වව්නියාව නගරයේ හුදකලා කරන ලද මාර් ග වල පිහිටි වෙළඳසැල්හි පුද්ගලයින් 06 දෙනෙකුට සහ වව්නියාව මහරෝහලට ඇතුලත් කරන ලද රෝගීන් දෙදෙනෙකුට කොරෝණා වෛරසය ආසාදනය වී ඇති බවට සිදුකරන ලද පී.සී.ආර්. පරික්ෂණයන්ගෙන් ආනාවරනය වී ඇත.

නව ආසාදිතයින් වශයෙන් වව්නියාව පට්ටානිචූර් ගම්මානයෙන් 6 දෙනෙකුද වව්නියාව රෝහලට ඇතුල් වූ රෝගීන් දෙදෙනා ඊච්චන්කුලම් සහ කැබිතිගොල්ලෑව ප්‍රදේශයෙ පදිංචිකරුවන් ලෙස හඳුනාගෙන ඇති අතර වව්නියාවේ පසුගිය සිතයක කාලය තුලදී කොරෝණා රෝගීන් 70 දෙනෙකු හමු වී ඇති බවටද වව්නියාව සෞඛ්‍ය පරික්ෂක කාර් යාලය පවසයි.

වව්නියාව දිස්ත්‍රීක්කයේ වසදමා ඇති සියලුම මාර් ග ඉදිරි දිනයන්හි යුදහමුදාව, පොලීසිය, පොලිස් විශේෂකාර් ය බලකාය සහ සෞඛ්‍ය නිලධාරීන් එක්ව පූර් ණ විෂබීජහරණයක් කිරීමට පියවර ගෙන ඇති බවට වව්නියාව දිසාපති සමන් බන්ධුලසේන මහතා පවසා සිටියේය.

මේ අතර වව්නියාව නගරයෙන් මේ වන විට පී.සී.ආර්. පරික්ෂණ 2000 කට ආසන්න ප්‍රමාණයක් සිදු කොට ඇති අතර එහි වාර් ථා ඉදිරි දින කිහිපය තුලදීද ලැබීමට නියමිත බවටද වව්නියවා සෞඛ්‍ය පරික්ෂක කාර් යාලය වැඩි දුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

6,783 views
Main News