වව්නියාවේ ගමක් මැද ටයර් පුළුස්සයි.. ජනතාව දැඩි බියකින්.. ආරක්ෂාව තර කෙරෙයි..

March 7, 2018 at 5:30 pm | lanka C news
වව්නියාවේ ගමක් මැද ටයර් පුළුස්සයි.. ජනතාව දැඩි බියකින්.. ආරක්ෂාව තර කෙරෙයි..

වවුනියාවේ පූන්තෝට්ටම් අන්නා නගර් හා මදීනා ගම්මානය අතර පිහිටි දේවස්ථානයක් ඉදිරිපිට අදා (07) අළුයම 2 ට පමණ කිසියම් පිරිසක් විසින් ටයරයක් පුළුස්සා යාම හේතුවෙන් ගම්වාසීන් දැඩි බියට පත්ව ඇති බවට එම වැසියන් කියා සිටිති.

අදාල ටයරය පිලිස්සීමත් සමග මදීනා නගරයේ ජනතාව පොලීසිය දැණුවත් කොට ඇති අතර පසුව යුද හමුදාව හා පොලීසිය එහි ගොස් අවශ්‍ය ආරක්ෂාව සපයා පරීක්ෂණ ආරම්භ කොට ඇත.

වව්නියාව පොලිසිය විසන් සිදු කරන ලද පරික්ෂණ වලින් අනතුරුව සැක පල කර සිටියේ අදාල ගිනි ගැනීම පරණ ටයරයක් බවටත් බිය වීමට කිසිදු හේතුවක් නොමැති බවටත්ය. නමුත් ගම්වාසීන් විසින් පොලීසියට එම ප්‍රදේශයේ රැඳී සිටින ලෙසට කරන ලද ඉල්ලීම හේතුවෙන් මේ වන තුරුත් එම ප්‍රදේශයේ ආරක්ෂාව තර කොට ඇත.

කෙසේ වෙතත් වවුනියාව පොලීසියේ නිලධාරීන් අද උදෑසනද මදීනා නගරය වෙත යැවූ බව වවුනියාව මුලස්ථාන පොලීසිය සඳහන් කළේය.

මදීනා නගරය යනු යුද්ධයෙන් පීඩාවට පත් ජනතාව පදිංචි කරණ ලද වවුනියාවේ පූන්තෝට්ටම් ප්‍රදේශයේ පිහිටි කුඩා ගම්මානයකි.

එහි දේවස්ථානය අසල මෙම පරණ ටයරය ගිනි ගැනීම සිදුව ඇතැයි වවුනියාව පොලීසිය වැඩි දුරටත් සදහන් කළේය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

9 views

3 Comments to “වව්නියාවේ ගමක් මැද ටයර් පුළුස්සයි.. ජනතාව දැඩි බියකින්.. ආරක්ෂාව තර කෙරෙයි..”

  1. Gadol says:

    මදිනා තියෙන්නේ මක්කම සිංහලේට මදිනා ආවේ කෙසේද?

  2. Love nature says:

    රටේ සමගිය නැති ක‍රන්නේ දෙමළ මුස්ලිම් මැති ඇමතිවරුන් තමන්ගේ මඩිය තරකරගන්න මහජනතාවගේ චන්දය රැගෙන මැතිසබයට ඇවිත්

    මිනිසුන් බේද කරවනවා දැන්වත් ජනතාව මෙය දැනගතු යුතුය රටක් දියුනු වෙන්න නම් සැම දෙනාම ශ්‍රී ලාන්කික යකු වීමය තමන් ඉපදුන රටට

    ආදරය කලයුතුය ආගම් ජාතිය වෙනුවෙන් බෙදි සිටීම නොවේ

  3. victor says:

    මේ ප්‍රශ්නය ඇති කරේ මුන්ගෙ ගවපාලනයම තමයි. බලයට ආපු වෙලාවෙ ඉඳන් සුලු ජාතීන්ට කත් ඇද්දා උන්ගෙන් ගත්ත චන්ද වලට. මහ ජාතියට පුලුවන් තරම් කෙනෙහිලි කරා සුලු ජාතීන්ව සතුටු කරන්න. පාදඩ දේශපාලු හැත්ත. හමදාම ගුටි කකා ඉන්න කොට ඉවසීමෙත් සීමාවක් තියෙනව. මුලින් මරපු තරුනයගෙ සිද්දිය මුල් කරගෙන මිනිස්සු පාරට බැස්සා හිතේ තද කරගෙන හිටපු තරහවත් මතුකරගෙන. ඒකයි මෙතන වෙන්නෙ. ඔය එක එක සෙල්ලම් දාන සුලු ජාතීන්ගෙ දේශපාලුවොයි අන්තවාදීනුයි තෙරුම් ගන්න ඕනෙ උන්ගෙ මිනිස්සුන්ව මේ ගෙනියන්නෙ හොඳ අනාගතයකට නෙවෙයි කියලා. මේ පටන් ගත්තා විතරයි.

Main News