වව්නියාවේ නැවත පදිංචි වූවන්ට මේ වර අවසන් වන්නට පෙර ස්ථීර නිවසක්..
August 25, 2017 at 2:10 am | lanka C news
ජාතික නිවාස සංවර්ධන අධිකාරිය හා අවතැන් වූවන් පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකය එක්ව ව්නියාවේ නැවත පදිංචි වූවන් වෙනුවෙන් ස්ථීර නිවාස 2000 කට ආසන්න ප්‍රමාණයක් ඉදිකිරීමට පියවර ගෙන ඇති බවට වව්නියාව දිසාපති එම්.බී.ආර්.පුෂ්පකුමාර මහතා කියා සිටියේය.
ඔහු මේ බව කියා සිටියේ වව්නියාව දකුණ ප්‍රදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ගම්මානයන්හි නැවත පදිංචි කිරීමේ අමාත්‍යංශය හා නිවාස සංවර්ධන අධිකාරියේ මෙන්ම අවතැන් වූවන් පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් එක්ව ඉදිකරමින් පවතින් ස්ථීර නිවාස නිරීක්ෂණය කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.
මෙහිදී නැවත පදිංචි කිරීමේ අමාත්‍යංශය හා ජාතික නිවාස සංවර්ධන අධිකරිය විසින් ඉදිකරන ලද නිවාස වෙතට රුපියල් ලක්ෂ පහක මුදලක් ආධාර වශයෙන් ලබා දෙන අතර අවතැන් වූවන් පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් ඉදිකෙරෙන ස්ථීර නිවාස 850 ක් සඳහා එක නිවසකට රුපියල් ලක්ෂ අටක මුදලක් ආධාර වශයේ නිවාස හිමියන්ට ලබා දීමට පියවර ගෙන ඇත.
නැවත පදිංචි වූවන් වෙනුවෙන් ඉදිකෙරෙන ස්ථීර නිවාස මේ වසර අවසන් වීමට පෙර ඉදිකොට අවසන් කිරීමට අවශ්‍ය දිරිගැන්වීම් හා උපදෙස් වරින් වර දිසාපති කාර්යාලය හරහා සහ ජතික නිවාස සංවර්ධන අධිකාරයේ නලධාරීන් හරහා සිදු කෙරෙන බවටද වව්නියාව දිසාපති එම්.බී.ආර්.පුෂ්පකුමාර මහතා වැඩ දුරටත් කියා සිටියේය.
– වන්නි රොමේෂ් මධුෂංඛ