වව්නියාවේ ප්‍රාදේශීය සභාව සිගරට් අලෙවිය හා පොලිතීන් භාවිතය තහනම් කරන්න යෝජනාවක් සම්මත කරයි..
March 7, 2019 at 5:30 pm | lanka C news
මාර්තු මස පලවෙනිදා සිට වවුනියාව දකුණ දෙමළ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ සිගරට් අලෙවි කිරීම සම්පූර්ණයෙන්ම නතර කිරීමටත් පොලිතීන් භාවිතය තහනම් කිරීමටත් යෝජනාවක් සම්මත වී තිබේ.
අදාල යෝජනාව ඒකමතිකව සම්මත වී ඇති අතර අදාල ප්‍රාදේශීය සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සහයෝගයද ලබාගෙන එම යෝජනාව සාර්ථකව ක්‍රියාත්මක කිරීමට වවුනියාව දකුණු දෙමළ ප්‍රාදේශීය සභාව ඉදිරියේදී බලාපොරොත්තු වෙයි.
මීට පෙර වවුනියාව දකුණු සිංහල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ සිගරට් අලෙවි කිරීම සම්පූර්ණයෙන්ම නතර කිරීමට පළාතේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හා ප්‍රාදේශීය සභාව විසින් පළාත පුරා වැඩ පිළිවෙලක් දියත් කරණ ලද අතර එම වැඩ සටහන මේ වන අවිට 80 % ක් පමණ සාර්ථක වී තිබේ.
එමෙන්ම සමස්තයක් වශයෙන් ගත් විට වවුනියාව නගරයේ සිගරට් අලෙවිය 2018 වසරේ ඔක්තෝබර් මාසය වන විට 78% කින් පමණ පහත වැටී ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු වැඩි දුරටත් සදහන් කරයි.
– වන්නි රොමේෂ් මධුෂංඛ
සිගරට් කියන්නේ ධනපතියන්ගේ පානයක්.
සිගරට් නැති කරන්න පුළුවන් ඉතියෝපියාවේ මෙන් සියලුම ධනපතියන් නැති කිරීමෙන් පමණයි.
ඉතියෝපියාවේ මෙන් ධනපතියන් නැතිවී පීඩිත පන්තිය පමණක් ඉතුරු වූ විට සිගරට් අලෙවිය නවතිනවා.
මත් උවදුරට එකම විසදුම අපේ දර්ශණය බව මෙයින් ඔප්පු වෙනවා.
-මත් උවදුර දුරු වේවා. අරගලයට ජය වේවා-
Well done. Follow this example in all the provinces.