ජුම්මා පල්ලිය ඉදිරිපිට කඩ පෙලක් එක වර ගිනි ගනී.. පෙට්‍ර්ල් බෝම්බ ගහලා..
November 20, 2017 at 6:48 pm | lanka C news
වව්නියාව ජුම්මා මුස්ලිම් පල්ලිය ඉදිරිපිට පිහිටි වෙළඳසැල් කිහිපයක අද (20) අළුයම ඇති වූ හදීසි ගිනි ගැනීමක් හේතුවෙන් වෙළඳසැල් දෙකක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර තවත් වෙළඳසැල් දෙකකට හානි සිදුව ඇත.
අද අළුයම 01 ට පමණ මෙම ගින්න ඇතිව තිබෙන අතර වෙළෙන්ඳන් කියා සිටියේ කිසියම් පිරිසක් විසින් අදාල වෙළඳසැල් දෙසට පෙට්‍රල් බෝම්බයක් විසිකොට පලා ගිය බවටයි.
නමුත් වව්නියාව පොලීසිය කියා සිටියේ අදාල ගිනි ගැනීම් සම්බන්ධයෙන් නිශ්චිතව තවමත් කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවටත් වෙළඳසැල තුල වූ විදුලි කාන්දුවක් හේතුවෙන් මෙම ගිනි ගැනීම සිදු වන්නට ඇති බවටත් ගින්නට හේතුව සම්බන්ධයෙන් පුලුල් පරික්ෂණයක් ආරම්භ කොට ඇති බවටයි.
වෙළඳසැල් පෙලේ ගින්න ඇති වීමත් සමග වව්නියාව නගරසභාවේ ගිනි නීවීමේ ඒකකය විසින් හා ප්රදේශවාසීණ්ගේ සහය ඇතිව ගින්න මැඩපැවත්වීමට පියවර ගෙන ඇති අතර ගින්නෙන් විනාශ වී ඇත්තේ බෑග් අලෙවි කරන වෙළඳසැල් දෙකකි.
කෙසේ වෙතත් අදාල වෙළඳසැල් පෙල මුස්ලිම් පල්ලිය ඉදිරිපිට පිහිටා ඇති හෙයින් එම වෙළඳසැල් ඉවත් කරන ලෙසටද දැනුම් දී ඇති අතර එහි කිසියම් කණ්ඩායමක් විසින් මෙම ගිනි තැබීමට වගකිව යුතු බවට වෙළෙන්ඳන් කියා සිටි අතර සිද්ධිය සම්බන්ධයෙන් වව්නියාව පොලීෂිය වැඩි දුර පරික්ෂණ ආරම්භ කොට ඇත.
– වන්නි රොමේෂ් මධුෂංඛ
අපරාදේ ජුම්මා පල්ලියටයි ගහන්න තිබුනේ ..මුස්ලිම් ජාතිකයන්ගේ මොලේ අවුල් කරනවට ..ඒකෙ කරන්නේ ආගමක් ඇදහීම නොවේ අනුන්ගේ රටවල් කොල්ලා කෑමට,අල්ලාහ් දෙවියන්ගේ නාමයෙන් මිනීමැරීමට ඉගැන්වීම
මේ ගහල තියෙන්නේ පල්ලිය ඉසර තිබුන සිංහල කඩ ටිකට . මිට කලින් මේ කඩ ඉවත් කරගන්න උත්සහ කරලා තිබුනේ පල්ලිය අවහිර වෙනවා කියලා
OWA SINHALA KADA