රක්ෂිතයක අක්කර 36 ක් එලිපෙහෙලි කරයි..

June 19, 2021 at 4:40 pm | lanka C news
රක්ෂිතයක අක්කර 36 ක් එලිපෙහෙලි කරයි..

වව්නියාව සෙට්ටිකුලම් පොලිස් වසමේ මුසල්කුට්ටි රක්ෂිත ප්‍රදේශයේ ඉතා රහසිගතිව පස්කපන යන්ත්‍ර යොදා ගනිමින් මහපරිමාණයෙන් රක්ෂිතයක් රලිපෙහෙලි කරමින් සිටි පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් බවට සෙට්ටිකුලම් පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුර පවසයි.

සෙට්ටිකුලම් පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන්ට ලැබුනු තොරතුරකට අනුව එහි නිලධාරීන් පිරිසක් විසින් මුසල්කුට්ටි රක්ෂිතයේ සිදුකරන ලද වැටලීමකදී රක්ෂිතය එලිපෙහෙලි කරමින් සිටි සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පියවර ගනු ලැබීය.

ඒ වන විටත් අදාල සැකකරුවන් විසින් මුසල්කුට්ටි රක්ෂිතයේ අක්කර 36 ක පමණ භූමියක් සම්පූරණයෙන්ම එලිපෙහෙලි කොට තිබූ බවටද රක්ෂිතය එලි පෙහෙලි කිරීම සඳහා යොදාගත් කැටපිලර් යන්ත්‍ර 04 ක්ද අත්අඩංගුවට ගත් බවට පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව් දෙනා අවුරුදු 28 ත් 40 ත් අතර පසුවන පුදුකුඩිඉරිප්පු, ඔඩ්ඩුසුඩාන්, මරඳන්කඩවල සහ මලුතිව් යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් වන අතර ඔවුන් වැඩිදුර පරික්ෂණ සිදුකිරීම සඳහා සෙට්ටිකුලම් පොලිස් ස්ථානයට භාරදීමට පියවර ගත් බවටද පොලිස් විශේෂ කාර්ය බලකාය වැඩිදුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

13,605 views

8 Comments to “රක්ෂිතයක අක්කර 36 ක් එලිපෙහෙලි කරයි..”

  1. Ruhdtug says:

    Should be hanged!!!

  2. Shyam says:

    Badurdeen kiyana kalakanniyaa lankawata karapu vinaashayata uoota kiwwe ewata ayema gas wavanna kiyala … eka hinda munuth gas kapala usaviyen kiwwoth ayema wavayi…? Badurdeen kiyana kalakanniyaa Basil ge , Nandasenage , Mahindage pihiten thaama nidalle… .. kalakanniyo ehen mun rata wikunanawaa , thambi pakayo kalaa kapanawaaa…!

  3. Shyam says:

    Badurdeen kiyana kalakanniyaa lankawata karapu vinaashayata uoota kiwwe ewata ayema gas wavanna kiyala … eka hinda munuth gas kapala usaviyen kiwwoth ayema wavayi…? Badurdeen kiyana kalakanniyaa Basil ge , Nandasenage , Mahindage pihiten thaama nidalle… .. kalakanniyo ehen mun rata wikunanawaa , thambi pakayo kalaa kapanawaaa…! Dakka thena eta walin ekla palla…! Badurdeen kariyaa balapalla inna lassana eliye

  4. Janaka says:

    Badudeen must me assassinated along with all the fundamentalists

    • LION says:

      බදියුදින්ට වගේ ගස් සිටුවීමට නීතියෙන් අණක් ලැබෙයිද ? විල්පත්තු වන රක්ෂිතය විනාශකරපු බදියුදීන් නිදැල්ලේ නිසයි මේ සුලුජාතිකයින් අපේ වනරක්ෂිත විනාශ කරන්නේ …අධිකරණ ඇමති සබ්රි ඔවුන්ව රැක ගනීවි

  5. yvonne- chul says:

    tamil and tammbi

  6. සහොදරය says:

    අක්කර 36ක් එලිපෙහෙලි කරනකම් පොලීසිය දෙනුවත් නෙත්නම් උතුර නගෙනහිර බුද්දි බලකා හා ජාතික ආරාක්සා වට අබ සරනයි

    • Love nature says:

      ඒ පළාතේ පොලිසිය නිදිද ? ඒ පළාතේ පොලිසිය මෙයට වගකිව යුතුයි වහාම ඔවුන්ගේ රාජකාර්ය තහනම් කලයුතුයි