වව්නියාවේ ව්‍යාපාරිකයෙකු ඝාතනය කරයි..

May 10, 2019 at 2:05 am | lanka C news
වව්නියාවේ ව්‍යාපාරිකයෙකු ඝාතනය කරයි..

වවුනියාව සාලම්භකුලම් ප්‍රදේශයේදී මුස්ලිම් ව්‍යාපාරිකයෙකු තියුණු ආයුධයකින් කපා ඝාතනය කොට පලා ගිය සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු අත්අඩංගුවට ගත් බවට වව්නියාව පොලිස් නොවිසුඳුනු අපරාධ විමර්ශන ඒකකය කියා සිටියි.

පසුගිය 03 වනදා වව්නියාව සාලම්භ කුලම් ප්‍රදේශයේදී නිවසක් තුල 43 හැවිරිදි මෙහොමඩ් සයිනුධීන් ඉමිතියාප් අමාම් නැමති මුස්ලිම් ව්‍යාපාරිකයා ඝාතනය කොට ඝාතකයන් පලා ගොස් තිබුණි.

ඝාතනයට ලත් වූ මුස්ලිම් ව්‍යාපාරිකයා රෙදිපිලි ව්‍යාපාරයක නිරත වන අතර ඔහු ඝාතනය කොට සැකකරුවන් දෙදෙනෙකු යතුරුපැදියකින් පලා ගොස් තිබූ අතර අදාල ඝාතනයට සමබන්ධ මුස්ලිම් සහ සිංහල සැකකරුවන් දෙදෙනෙකු පොලීසිය විසින් අනාවරණය කොට ගෙන තිබුණි.

මේ අනුව අදාල ඝාතනයට සමබන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා නොවිසුඳුනු අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් පුලුල් පරික්ෂණයක් ආරම්භ කල අතර එහිදී සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු පාදුක්ක ප්‍රදේශයේ හෝටල් කලමනාකරුවෙකු වශයෙන් සේවය කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදු කරන ලද පරික්ෂණ වලදී  ඝාතනය සිදු කොට පලා ගිය යතුරුපැදිය සාලිය වැව ප්‍රදේශයේ තිබී පොලීසිය විසින් සොයාගෙන ඇති අතර ඝාතනයට සමබන්ධ අනෙක් මුස්ලිම් සැකකරු සැඟව සිටින අතර ඔහුද අත්අඩංගුවට ගැනීමට පරික්ෂණ කටයුතු සිදු කරමින් සිටියි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

8,877 Viewers