වව්නියාව පිරිසක් නිරෝධායනය…

October 8, 2020 at 2:27 am | lanka C news
වව්නියාව පිරිසක් නිරෝධායනය…

ගම්පහ ඇඟලුම් ආයතනයේ සිට වව්නියාවට පිරිසක් පැමිණ ගොස් ඇති බවට අනාවරණය වීමත් සමග වව්නියාව තේක්කවත්ත හා තෝණික්කල් ප්‍රදේශයේ පවුල් කිහිපයක් නිවෙස් තුලම නිරෝධායනය කිරීමට පියවර ගෙන ඇති බවට වව්නියාව මහජන සෞඛ්‍ය පරික්ෂඛ කාර්යාලය පවසයි.

ඊට අමතරව අදාල පවුල් වල සාමාජිකයින් සියලුම දෙනා පී.සී.ආර්. පරික්ෂණයකට යොමු කිරීමට පියවර ගෙන ඇති බවටද වව්නියාව සෞඛ්‍ය නිලධාරීන් වැඩි දුරටත් පෙන්වා දෙයි.

මේ අතර වව්නියාවේ පිහිටි සියලුම රාජ්‍ය ආයතනවල රාජකාරී කටයුතු නියමිත් සෞඛ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය කරමින් රජකාරි කටයුතු සිදු කිරීමට පියවර ගන්නා ලෙසට දැනුම් දී ඇති බවට වව්නියාව දිසාපති සමන් බන්ධුලසේන මහතා පවසා සිටියේය.

එමෙන්ම සේවා කටයුතු වෙනුවෙන් පැමිණෙන සාමාන්‍ය ජනතාවද නිවසින් පිටවන විටදී පූර්ණ සෞඛ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය කරමින් කටයුුතු කරන ලෙසටද වව්නියාව දිසාපතිවරයා වැඩිදුරටත් ඉල්ලා සිටියි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

16,116 views
Main News