වව්නියාව මණඩපයේ කලමනාකරණ පීඨයේ ගැටලු විසඳන්න පියවර..

April 27, 2018 at 2:04 am | lanka C news
වව්නියාව මණඩපයේ කලමනාකරණ පීඨයේ ගැටලු විසඳන්න පියවර..

යාපනය විශ්ව විද්‍යාලයේ වවුනියාව මණ්ඩපයේ කලමනාකරණ පීඨයට දින නියමයක් නොමැතිව නිවාඩු ලබා දීමෙන් පසුව එම පීඨයට අයත් සිසුන් නේවාසිකාගාරයන්ගෙන් ඉවත් නොවීමත් සමග ඇතිවූ ගැටලුව විසඳීමට මේ වන විට පියවර ගෙන ඇත.

පසුගිය 23 වනදා වව්නියාව මණ්ඩපයේ කලමනාකරණ පීඨයේ නේවාසිකාගාරය තුලදී පාලනාධිකාරය සමග එහි සිසුන් ඇතිවූ නොසන්සුන්තාවයක් මත එම පීඨයට නැවත දැනුම්දෙන තුරු නිවාඩු ලබාදෙනු ලැබුවේ අවුරුදු නිවාඩුව අවසන් වී නැවත අධ්‍යන කටයුතු ආරම්භ කල දිනයේදීමය.

කෙසේ වෙතත් ගල්ල මාතර හම්බන්තොට වැනි පලාත්හි සිට නිවාඩුව අවසන් වී නැවත පැමිණි සිසුන් නිවාඩු හෙයින් ආපසු යාමට නොහැකි බව පැවසීමත් පාලනාධිකාරියේ තීරණය ඉවත් කරගන්නැයි ඉල්ලමින් පසුගිය දින දෙක පුරාම කලමණාකරණ පීඨයේ සිසු සිසුවියන් පාලනාධිකාරිය ඉදිරිපිටට රැස් වී ඉල්ලීම් කරනු ලැබීය.

මේ අතර 24 දිනයේදීද වන්නි දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන මහතා පැමිණ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂණ් සභාව සමග සාකච්ඡා කලඅතර පසුව පාලනාධිකාරිය සමගද සකාච්ඡා කරනු ලැබීය.

අනතුරුව වව්නියාව මණ්ඩපයේ පාලනාධිකාරිය විසින් කලමණාකරන පීඨයේ සිසුන්ට දැනුම් දී ඇතිතේ නිවාඩු ලබා දුන් හෙයින් නැවත නිවෙස් වෙත යන ලෙසටත් සතියක් වැනි කෙටි කාලයක් ඇතුලත විසඳුම් සමග නැවත අධ්‍යන කටයුතු ආරම්භ කරන බවට පැවසීමත් සමත 25 දින කලමණාකරන පීඨයේ සිසුන් මණ්ඩපයේ නේවාසිකාගාර වලින් ඉවත්ව නිවෙස් වෙතට යනු ලැබීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

80 views
Main News