වව්නියාව හා මන්නාරමේ හමුදාව බාරයේ තිබූ ඉඩම් අක්කර හත්දාහක් (7194) නිදහස් කරයි..

January 31, 2019 at 8:40 am | lanka C news
වව්නියාව හා මන්නාරමේ හමුදාව බාරයේ  තිබූ ඉඩම් අක්කර හත්දාහක් (7194) නිදහස් කරයි..

යුද්දය අවසන් වීමෙන් පසුව වව්නියාව හා මන්නාරම් දිස්ත්‍රීක්කයන්හි යුද හමුදාව පරිහරණය කරන ලද ඉඩම් අක්කර 7194.86 ක ප්‍රමාණයක් මේ වන විට නිදහස් කොට අවසන් බවට වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය කියා සිටියේය.

වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් කුමුදු පෙරේරා මහතාගේ උපදෙස් පරිදි 29 දින මන්නාරම 61 වන සේනාංකය විසින් පරිහරනය කරන ලද ඉඩම් අක්කර 4.5 ක ප්‍රමාණයක් 54 වන සේනංකාධිපති බ්‍ර්ගේඩියර් සෙනරත් බංඩාර සහ 61 වන සේනංකාධිපති බ්‍රිගේඩියර් ජයම්පති තිලකරත්න යන අයගේ ප්‍රධානත්වයෙන් ඉඩම් ලියකියවිලි මන්නාරම් දිසාපති සී.ඒ. මොහන්රාස් මහතා වෙතට භාර  දෙන අවස්ථාවේදී වන්නි ආරක්ෂක සේනා මූළස්ථානය විසින් අදාල නිදහස් කරන ලද ඉඩම් තොරතුරු අනාවරනය කොට සිටියේය.

මේ අනුව මන්නාරම් දිස්ත්‍රීක්කයේ රජයේ ඉඩම් අක්කර 839.73ක් සහ පුද්ගලික ඉඩම් අක්කර 50.51 ක් ද වව්නියාව දිස්ත්‍රීක්කයේ රජයේ ඉඩම් අක්කර 6218.74ක් සහ පුද්ගලික ඉඩම් 85.88 ක් මේ වන විට නිදහස් කොට ඇති බවට වන්නි ආරක්ෂක සේනා මූළස්ථානය විසින් කියා සිටියේය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

63 views

2 Comments to “වව්නියාව හා මන්නාරමේ හමුදාව බාරයේ තිබූ ඉඩම් අක්කර හත්දාහක් (7194) නිදහස් කරයි..”

  1. david milibanda says:

    These are crown lands. (Rajaye idam)
    Kaatada bola mewa baara denna yanne? (To whom are you going to handover these)

    Hora oppu kaarayantada ? (People with hora deeds)

  2. Dayani says:

    They are making bogus deads and getting all the land in North, East, and lands everywhere
    thru various fraudlent ways.!!!
    What about those landless Sinhalese?? Are they treated in the same way and can the Sinhalese demand by showing a piece of land that it belongs to them??
    Bloody liars and violators grabbing land through fraudlent methods.!!!

Main News