වව්නියාව හා යාපනය ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ වසා දමයි… නිරෝධායනයට…

October 12, 2020 at 5:30 pm | lanka C news
වව්නියාව හා යාපනය ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ වසා දමයි… නිරෝධායනයට…

වව්නියාව සහ යාපනය ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයන් අද (12) සිට වසදමා තාවකාලික නිරෝධායන මධ්‍යස්ථාන වශයෙන් පිහිටුවීමට යුද හමුදාව විසින් පියවර ගෙන ඇත.

පවතින කොවීඩ් 19 වයිරසයේ බලපෑම හා අවධානම හේතුවෙන් අධ්‍යාපන විද්‍යාපීඨයන්හි සිසු සිසුවියන්ට නිවාඩු ලබා දී ඊයේ සවස සිට එම වද්‍යාපීඨයන්හි අධ්‍යාපනය ලැබූ සිසු සිසුවියන් ඔවුන්ගේ නිවෙස් වෙතට රැගෙන යාම යුදහමුදාව විසින් සිදු කරනු ලැබීය.

වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේ අධීක්ෂණය යටතේ වව්නියාව ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ නිරෝධායන මධ්‍යස්ථානය පාලනය අධීක්ෂණය කරනු ලබන අතර යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් යාපනය අධ්‍යාපන විද්‍යාපීඨයේ නිරෝධායන මධ්‍යස්ථානයන් අධීක්ෂණය කරනු ලබයි.

මේ අතර වව්නියාව විද්‍යාපීඨයේ පිහිටුවා ඇති නිරෝධායන මධ්‍යස්ථානයට අද දිනයේදී නිරෝධායනය වන පිරිස් 350 කට අධික පිරිසක් රැගෙනවිත් නිරෝධායනය කරවීමට පයවර ගෙන ඇති බවටද වාර්ථා වෙයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

10,645 views

One Comment to “වව්නියාව හා යාපනය ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ වසා දමයි… නිරෝධායනයට…”

  1. kamal says:

    ගුරුදෙව් සමග ව්‍යවස්ථා අර්බුදය ගැන සාකච්චාවක් කිරිබත්ගොඩ හිමි හා කමල්
    රුපයට ඒකිය භාවයක් තියෙනවද පුතේ. නැ ගුරුදෙව්
    වේදනාවට ඒකිය භාවයක් තියෙනවද නැ පුතේ ඒත් නැ
    සංඥාවට ඒකිය භාවයක් තියෙනවද නැ පුතේ
    නමුත් ප්‍රඥාවට ඒකිය භාවයක් තියෙනවා
    අමරපුර හාමුදුරුවො ඒක දන්නෙ නැද්ද ගුරුදෙව්
    ඔවු පුතේ ඒකට්ටිය රාජාණ්ඩුවට කැමති නැනමුත් පුතා හා මම කැමතියි
    අපි දෙන්නා කියන්නෙ විසිවෙනි සංශෝධනය උපරිම බලයක් ඇතිව අනුමත කල යුතුයි.

Main News