වවුනියාවෙන් කොරෝනා පොකුරක්..

April 26, 2021 at 8:02 am | lanka C news
වවුනියාවෙන් කොරෝනා පොකුරක්..

වව්නියාව දිස්ත්‍රීක්කයේ නැවත කොරෝණා ව්‍යාප්තියේ අවධානමක් ඇති බවටත් නව කොරෝණා වෛරසය ආසාදිතයින් 12 දෙනෙකු මේ වන විට හඳුනාගෙන ඇතැයි වව්නියාව මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය පවසයි.

වව්නියාව කට්පගපුරම් ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් ත්‍රීකුනාමලයේ උත්සව අවස්ථාවකට සහභාගී වී පැමිනීමෙන් පසුව ඔවුන් පී.සී.ආර් පරික්ෂණයන්ට යොමුකිරීමේදී කොරෝනා ආසාදිතයින් 09 දෙනෙකු හඳුනාගෙන ඇති අතර සෙසු පිරිස් වව්නියාව නගරයේ වෙළඳසැලකින් හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය පරික්ෂක වරුන් පෙන්වා දෙති.

මේ අතර වව්නියාව නගරයේ පවතින කොරෝණා අවධානම මැඩපැවත්වීම සඳහා වව්නියවා දිස්ත්‍රීක් ලේකම් කාර්යාලයේදී වව්නියාව දිසාපති සමන් බන්ධුලසේන මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්ද පැවත්විණි.

ඒ සඳහා පොලීසිය, යුදහමුදාව, සෞඛ්‍ය නිලධාරීන් සහභාගී වී සිටි අතර කොරෝණා ව්‍යාප්තිය මැඩපැවත්වීම උදෙසා විරෝධායන නීති ක්‍රියාත්මක කිරීමටද එහිදී තීරණය විය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

4,349 views

One Comment to “වවුනියාවෙන් කොරෝනා පොකුරක්..”

  1. fass says:

    මගුලක් කරන්නේ නැතුව තද නීතී ක්‍රියාත්මක කරපල්ලා බං.

Main News