වවුනියාවේ ගෙවතු වගා 30,000ක සාර්ථකව අස්වනු නෙලයි.. අතිරික්ත එළවළු වෙළඳ පොලට…

September 22, 2022 at 2:13 am | lanka C news
වවුනියාවේ ගෙවතු වගා 30,000ක සාර්ථකව අස්වනු නෙලයි.. අතිරික්ත එළවළු වෙළඳ පොලට…

ආහාර අර්බුධයට පිළියමක් ලෙස රජයේ වැඩපිළිවෙල යටතේ ගෘහ අවශ්‍යතාවය වෙනුවෙන් වවුනියාව දිස්ත්‍රික්කයේ ආරම්භ කල ගෙවතු වගාවෙන් සාර්ථක අස්වැන්නක් නෙලා ගැනීමට හැකිවූ බවත් අතිරික්ත එළවළු වෙළඳ පොළට නිකුත් කරන බවත් ගොවීන් පවසයි.

වවුනියාව දිස්ත්‍රික්කයේ ගෙවතු වගා 30,000ක් වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා වවුනියාව ශාසනාරක්ෂකබල මණ්ඩලයේ දායකත්වය ඇතිව ආරම්භ කල බවත් එහි සාර්ථකව අස්වනු නෙලීම මේ වන විට ආරම්භ කර ඇති බවත් වවුනියාව දිසා ලේකම් පී.ඒ.සරත්චන්ද්‍ර මහතා පවසයි.

ඒ මහතා මේ බව සඳහන් කළේ ආරම්භ කරන ලද ගෙවතු වගා නිරීක්ෂණ චාරිකාවට එක්වෙමිණි.

වවුනියාව දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ දායකත්වයෙන් වවුනියාව දිස්ත්‍රික්කයේ දහම් පාසල් කේන්ද්‍ර කරගනිමින් ගෙවතු වගා 300කට අධික ප්‍රමාණයක්ද ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ මට්ටමින් ග්‍රාමසේවා වසම් 102ක ගෙවතු වගාව ක්‍රියාත්මක කරතිබේ.

වෙළඳපොලේ පවතින එළවළු මිලගනන් වලට වඩා ඉතා අඩුමුදලට වසවිස නැති එළවළු පාරිභෝගිකයින්ට ලබා දීමට හැකියාව ඇති බව ගොවීන් පවසයි.

තම පරිභෝජනයට මෙන්ම අතිරික්ත එළවළු වෙළඳ පොලට නිකුත් කිරීමට ද හැකියාව පවතින බව ඔවුන් පවසයි.

මෙ හේතුවෙන් විශාල පිරිසකට සෙත සැලසෙන බවයි ගොවීන් සඳහන් කරන්නේ.

– එස්.එම්.ඩී.චන්ද්‍රනාත් බංඩාර

20,655 views

7 Comments to “වවුනියාවේ ගෙවතු වගා 30,000ක සාර්ථකව අස්වනු නෙලයි.. අතිරික්ත එළවළු වෙළඳ පොලට…”

  1. vis8 says:

    Whoever started this should get credit.
    The goo jepi toiyas must be jealous. They want the country to be ruined.

  2. Kalu Albot says:

    ඔය අරගල කරපු බැල්ලිගෙ පුතාලත්, ඩයසපෝරාව නිකම්
    දුන්න බුරියානි කකා හිටපු වෙලාවෙ මේ වගේ වගාවක්
    කලානම් පාසැල් ලමයින්ට කලටි පොල්වත් බුද්ධ පූජාවවත්
    කන්ඩ වෙන්නෙ නෑ.

  3. DOC says:

    වවුනියාවේ පඩත්තර ජෙප්පො නෑ. ඒකයි මූලික කාරණය.
    දියවු දියවු අපට දියවු කියනවා වෙනුවට ඒ මිනිස්සු ගනිවු, ගනිවු, අපෙන් ගනිවු කියලා එලවලු විකුණනවා රටටම.
    හිගන මානසිකත්වයෙන් මිදී ධනවාදීව හිතමු.

  4. niru says:

    Wow 🤩
    This is the way to go

  5. ජනජය says:

    හරි …එහෙත් චොරගලේ පටන් ගන්න කාලෙ හරි ….රායිට් …කෝ ගන්න ස්ක්‍රිප්ට් එක …කපා…කපා..කෑලි කපා………!!

  6. SL says:

    නෑ ,බෑ දියවූ කියා කියා පාරේ ජෙප්පන්ට කඩේ යන චීවරධාරීන්ට වවුනියාව ශාසනාරක්ෂක මණ්ඩලයෙන් හොඳ පණිවිඩයක්

  7. ආයුබෝවන් says:

    Hats off to these farmers they didn’t support or didn’t waste their time protesting. This is the way to recover unfortunately rest of the country still going after different parties & supporting to different agendas.

Leave a Comment

Main News