වවුනියාවේ වැව් 90%ක් සම්පූර්ණයෙන්ම හිඳිලා.. නියගය දරුණුයි..

August 3, 2017 at 12:40 pm | lanka C news
වවුනියාවේ වැව් 90%ක් සම්පූර්ණයෙන්ම හිඳිලා.. නියගය දරුණුයි..

වැව් නිමා පුරවරය නොහොත් වව්නියාවේ පිහිටි කුඩා වැව් 90% කටත් වැඩියෙන් සම්පූරණයෙන්ම සිඳී යාම නිසාවෙන් වව්නියාවේ වැසියන් දැඩි පීඩාවන්ට පතිව සිටිති.

වව්නියාව දිස්ත්‍රීක්කයේ කුඩා වැව් සියල්ලක්ම සිඳීයාමේ දැඩි අවධානමකට පත්ව ඇති නිසාවෙන් වවුනියාව දිස්ත‍්‍රික්කයේ ග‍්‍රාම නිළධාරි වසම් 102 ක පවුල් 24507 ක පුද්ගලයින් 85771 දෙනෙකු පීඩාවට පත්ව සිටින අතර ඉන් වැඩි පිරිසක් පීඩාවට පත්ව ඇත්තේ වව්නියාව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් වාර්තාවන අතර එහි පවුල් 11306 කට අයත් පුද්ගලයින් 39570 දෙනෙකු පීඩාවට පත්ව ඇති බවටද වව්නියාව ආපදා කලමනාකරන ඒකකය පෙන්වා දෙයි.

ඉදිරි දින කිහිපයේදීද වර්ෂාව නොලැබුනහොත් වව්නියාවේ පිහිටි කුඩා වැව් සියල්ලක්ම සම්පූරණයෙන්ම සිඳී යන අතරම මේ හේතුවෙන් පීඩාවට පත්වන ප්‍රමාණය දිනෙන් දින වැඩි වනු ඇති බවටද ආපදා කලමනාකරන නිලධාරීහු පෙන්වා දෙති.

මේ අතර වව්නියාවේ මහ වැව් 6 ක්පිහිටා ඇති අතර එම වැව්වලද ජල මට්ටම සීග්‍රෙයන් පහල බැස ඇති අතර වෙනත් වර්ෂවල අඩු නොවූ අයුරින් ජල මට්ටම අඩුවී ඇති බවටද වව්නියාව වාරිමාර්ග නිලධාරීහු කියාසිටිති.

කෙසේ වෙතත් පවතින නියං තත්වය හේතුවෙන් වැව් ආශයෙන් දෛනිකව ජීවත්වූ වැසියන්ගේ ජීවිකාව සම්පූරණයෙන්ම අඩාල වී ඇති අතරම මේ වන විට එම වැව් වලින් මිරිදිය මත්ස්‍ය කර්මාන්තය ගෙන ගිය ධීවරයින්ගේ ජීවිකාවද සම්පූරණයෙන්ම අඩාල වී ඇති හෙයින් එම වැසියන් ගැටලු රැසකට මුහුණ පා සිටිති.

පවතින තත්වයන් අනුව වව්නියාව දිස්ත්‍රීක් ලේකම් කාර්යාලයේ අධීක්ෂණයන් යටතේ ප්‍රදේශීය ලේකම් කාර්යාල හරහා ජලය නොමැති ගම්මාන වලට ජල ටැංකි යොදා ජල බවුසර මගින් පානීය ජලය ඇතුලු අනෙකුත් අවශ්‍යතා වෙනුවෙන් ජලය සැපයීමට කටයුතු කොට ඇති බවට වව්නියාව දිසාපති එම්.බී.ආර්.පුෂ්පකුමාර මහතා කියා සිටියේය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

473 views
Main News