වවුනියාවේදී ත‍්‍රීවිලයක් දුම්රියක හැපී අයෙක් මරුට.. යාපනේදී හෙණ වැදී අයෙක් මරුට..

August 15, 2017 at 12:40 pm | lanka C news
වවුනියාවේදී ත‍්‍රීවිලයක් දුම්රියක හැපී අයෙක් මරුට.. යාපනේදී හෙණ වැදී අයෙක් මරුට..

කොලඹ සිට යාපනය බලා ධාවනය වූ සීග්‍රගාමී දුම්රියට වව්නියාව තාණ්ඩික්කුලම් දුම්රිය ස්ථානය අසල ඊයේ (14) සවස පිහිටි දුම්රිය හරස් මාර්ගයකදී ත්‍රී රෝද රථයක් ගැටීම හේතුවෙන් තරුණයෙකු මිය ගිය බවට වව්නියාව පොලීසිය කියා සිටියේය.

යාපනය සිට කොළඹ බලා ධාවනය වූ සීග්‍රගාමී දුම්රියට ඊයේ සවස 4.30 ට පමණ තාණ්ඩික්කුලම් දුම්රිය ස්ථානයට නුදුරින් පිහිටි අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයකදී ත්‍රී රෝද රථයක් ගමන් කිරීමට ගත් උත්සහයේදී මෙම අනතුර සිදුව ඇති බවට වව්නියාව පොලීසිය කියා සිටියේය.

අනතුර සිදු වූ ස්ථානය අනාරක්ෂිත වන අතර දුම්රිය ගෙට්ටුවක් හෝ ආරක්ෂකයෙකුත් නොමැති හෙයින් මෙම අනතුර සිදුවූ බවටත් මෙම ස්ථානයේදී මීට පෙරද මෙවැනිම අනතුරු සිදු වූ බවට ප්‍රදේශවාසීන් කියා සිටිති.

මේ අතර හය මසකට පසුව යාපනය ඇදහැලුනු වර්ෂාව සමග ඇති වූ අකුණසැර වැදීමකින් අද (15) අළුයම පුද්ගලයෙකු මිය ගොස් ඇති බවට යාපනය පොලීසිය කියා සිටියේය.

යාපනය ගුරු නගර් ප්‍රදේශයේ පදදිංචි එස්.පැට්‍රික් නැමිති 28 හැවිරිදි පුද්ගලයා වර්ෂාව ඇදහැලුනු අවස්ථාවේදී මාර්ගයක ගමන් කරමින් සිටි අතර එම අවස්ථාවේ ඇදහැලුනු වර්ෂාව් සමග ඇති වූ අකුණසැර වැදීමකින් අදාල පුද්ගලයා මිය ගොස් ඇත.

අකුණසැර වැදීමෙන් සු අදාාල පුද්ගලයා යාපනය රෝහලට ඇතුලත් කරද ඒ වන විටත් මිය ගොස් සිටි බවට යපෙනය රෝහල් ප්‍රකාශයකයෙකු කියා සිටියේය.

කෙසේ වෙතත් පසුගිය හය මාසයක් පුරාවට යාපනය වර්ෂාව නොමැති වීමෙන් දැඩි නියං තත්වයක් ඇති වූ අතරම උතුරු පලාතේ නියං තත්වය වැඩි වශයෙන්ම බලපෑවේ යාපනය දිස්ත්‍රීක්කයටයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

113 views