වවුනියාවේ අතුරුදහන් කරවූවන්ගේ ඥාතී සංගමයේ ලේකම් වරයාට පහරදීමට එරෙහිව විරෝධයක්…

January 3, 2020 at 2:05 am | lanka C news
වවුනියාවේ අතුරුදහන් කරවූවන්ගේ ඥාතී සංගමයේ ලේකම් වරයාට පහරදීමට එරෙහිව විරෝධයක්…

වව්නියාවේ දැනට දින 1047 ක් පුරාවට සත්‍යග්‍රහයක නිරත වෙමින් තම ඉල්ලීම් වෙනුවෙන් සත්‍යග්‍රහයක නිරත වෙන අතුරුදහන් කරවූවන්ගේ ඥාතීන් සොයන සගමයේ ලේකම් කේ.රාජ්කුමාර්ට පහරදීම හෙලාදකිම් එම සංගමයේ ඥාතීන් විසින් විරෝධතාවක් සංවිධානය කොට තිබුණි.

වව්නියාව තැපල්කාර්යාලය ඉදිරිපිටදී මෙම විරෝධතාවය සංවිධානය කොට තිබූ අතර ඒ සඳහා දැනට සත්‍යග්‍රහයේ නිරත ඥාතීන් සහභාගී වී සිටියහ.

විරෝධතාවයේ නිරත වූවන් කියා සිටියේ තම සංගමයේ ලේකම් කේ.රාජ්කුමාර් මහතාට පසුගිය දෙසැම්බර් 30 වනදා පහරදුන්නේ අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාගේ ආධාරකරුවෙකු බවටත් අදාල පුද්ගලයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතු බවටත් එමෙන්ම තමන්ගේ ඉල්ලීම් වෙනුවෙන් ජාත්‍යන්තරයේද සහය ලැබී ජත්‍යන්තරය විසින් ශ්‍රීලංකා රජයට බලපෑම් කොට තමන්ට විසඳුම් ලබා දිය යුතු බවටය.

කෙසේ වෙතත් අදාල පහරදීමට සමබන්ධ සැකකරු පහරදීම සිදු කල දිනයේදීම වව්නියාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලදි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

1,562 Viewers
Main News