වවුනියාවේ ගම්මාන මැදට ගෙනවිත් දැමූ හීලෑ අලින් ගම් වනසයි…

October 22, 2019 at 5:30 pm | lanka C news
වවුනියාවේ ගම්මාන මැදට ගෙනවිත් දැමූ හීලෑ අලින් ගම් වනසයි…

ගෙවී ගිය මාසයක කාලය තුලදී වවුනියාව පෙරියඋළුක්කුලම් ඇතුලු ගම්මාන කිහිපයකට වන අලින් තිදෙනෙකු කඩා වැදී සියලු බව බෝගයන් විනාශ කිරීම හේතුවෙන් එම ගම්මානවල වැසියන් දැඩි අසීරුතාවයන්ට පත්ව සිටිති.

පෙරියඋළුක්කුලම් වැසියන් කියා සිටින්නේ වන අලින් තිදෙනෙකු දිවා රාත්‍රි දෙකේම ගම්මාන වෙතට කඩා වදින බවටත් එම වන අලින් මිනිසුන් කොතෙක් සිටියද ගම්මාන වෙතට කඩා වැදී බව බෝගයන් විනාශ කරන අතරම වෙනත් ප්‍රදේශයක් සිට එම අලින් ගෙනවිත් දමා ඇති බවටත් වන අලි තිදෙනා හීලෑ වී සිටීම හේතුවෙන් මිනිසුන් සිටින ප්‍රදේශ වෙතටම පැමිණ කල් ගෙවීම හේතුවෙන් ප්‍රදේශයේ ජනතාව දැඩි භීතියකින් හා අසීරුතාවයකින් සිටින බවටත්ය.

වෙනත් ජනතාව සිටි ප්‍රදේශයක සිට මෙම අලින් රැගෙනවිත් දැමීම හේතුවෙන් ගම්මානවල එලවලු පළතුරු ඇතුලු සියලු වගාවන් විනාශ කර දමන අතරම මේ මාස් කන්නයේ ගොවිතැන් කටුයුතු වලටද එම වන අලින්ගෙන් දැඩි තර්ජනයක් එල්ල විය හැකි බවටත් ඇතම් අවස්ථාවලදී ගම්වාසීන් විසින් වල් අලින් එලවා දැමීමට උත්සහ දැරීමේදී එම අලින් කෝප වූ අවස්ථාද තිබීම නිසා ඉදිරියේදී ජීවිද අවධානමක්ද පවතින බවට ගම්වාසීන් පවසති.

පවතින තත්වය වනජීවි නිලධාරීන්ට දැනුම් දුන්නද මෙතෙක් කිසිදු විසඳුමක් නොමැති බවටත් සියලු ගම්වාසීන්ගේ ඉල්ලීම වන්නේ එම අලින් අල්ලා ආසන්නයේ පිහිටි විල්පත්තු වනයට හෝ රැගෙන ගොස් දැමීඹට වන ජීවි නිලධාරීන් කටයුතු කරන ලෙසටය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

11,390 Viewers

5 Comments to “වවුනියාවේ ගම්මාන මැදට ගෙනවිත් දැමූ හීලෑ අලින් ගම් වනසයි…”

  1. Lakshman says:

    Not only four-legged Elephants are wild even two legged Elephants are more wild as they know that they will be no where after the 16th of Nov.

  2. sirimal says:

    රෝයල් ගිහිල්ලත් සාපෙළ වත් සමත් නැති. ජීවිතේට රස්සාවක් කරලා නැති. අමුතුම හීන මානයකින් පෙලෙමින් ගස් නගින ඒ දණ්ඩේ යන්න දඟලන, අම්මගේ සංගීත ලෙඩේ ඒ විදියටම තියෙන, යටට අදින්නේ නැතිව රෑට ගෙවල් වලට පැනල සතුට හොයන, අණදීලා පඩි වැඩි කරන්න , බඩු මිල අඩුකරන්න පුළුවන් කියල හිතන, ආර්යාව මැදුරේ තියල වෙනම ජීවත් වුන තාත්තගේ ලෙඩ තියෙන, බොත්තමකින් රටේ තොරතුර දැනගන්න හිතන පිස්සු මිනිහෙක් ට චන්දෙ දෙන්න අපට පිස්සුද ?

  3. Sarath says:

    Sirimal, you are a Rajapakse slave.

    • හින්බබා says:

      ඇතින්නියන් 7 මැරූ පුද්ගලයෙක් රටේ ජනපති අපේක්ෂකයෙක් වෙනකොට වල් අලි කුලප්පු නොවී සිටීද ? සජිත් විල්පත්තුවේ නිධන් හාරපු පාපෙට ලගදීම වැසි නැති හෙන පාත්වෙයි ….
      කොල අලින්ගේ අවසානය ලග ලගම එනවා බොලව්

    • Master says:

      And you are whose slave? May be just a carabou with poo filled head.

Main News