වවුනියාවේ නැවත පදිංචි ගම්මානයකට යුද හමුදාවෙන් චෛත්‍යක් හා බුද්ධ මන්දිරයක්…

January 23, 2019 at 8:02 am | lanka C news
වවුනියාවේ නැවත පදිංචි ගම්මානයකට යුද හමුදාවෙන් චෛත්‍යක් හා බුද්ධ මන්දිරයක්…

වවුනියාව බෝගස්වැව සැලලිහිණගම ප්‍රදේශයේ සුදර්ශනාරාම පන්සලට වසර ගණනක්ව අඩුපාඩුවක්ව පැවති චෛත්‍යක් හා බුදුමැදුරක් වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේ මැදිහත්වීම මත ඉදිකොට දීමට පියවර ගෙන ඇත.

සුදර්ශනාරාමයේ අභිනවයෙන් ඉදිවූ චෛත්‍යරාජයන් වහන්සේට කොත් පැළඳවීම හා ඝර්භයේ ධාතූන්වහන්සේලා තැන්පත් කිරීමත් ඉදිවූ බුදු මැදුරතුල පිළිම වහන්සේ තැන්පත් කිරීමත් වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් කුමුදු පෙරේරා මහතාගේ ප්‍රධානත්යෙන් පැවත්වුණි.

ඉදිවූ චෛත්‍යරාජයාණන් වහන්සේ ඉදිකිරීම වෙනුවෙන් අශෝකා රාමනායක මහත්මිය විසින් ධන පරිත්‍යාග කළ අතර චෛථ්‍ය රාජයාණන් වහන්සේ ඉදිකිරීමට 56 වන සේනාංකයේ සෙබලුන්ගේ ශ්‍රම දායකත්වය ලබාදුණි. එමෙන්ම බුදු මැදුර වෙනුවෙන් ධන පරිත්‍යාග කිරීම සඳහා 56 වන සේනංකාධිපති මේජර් ජෙනරල් ඩී.ඒ.පී.එන්. දෙමටන්පිටිය මහතා සහ චමත් අබේගුණවර්ධන යන අය දායකත්වය ලබා දී ඇත.

උත්සව අවස්ථාවන් වෙනුවෙන් ප්‍රදේශයේ සංඝයා වහන්සේලා ඇතුලු ජනතාවද වන්නි දිසාව භාර නියේජ්‍ය පොලිස්පති අනුර අබේවික්‍රම මහතා යන අය සහභාගී විය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

170 views