වවුනියාවේ යුද හමුදා කඳවුරක් අසලින් ජීව පතුරම් තොගයක් හමුවෙයි…

March 27, 2019 at 8:02 am | lanka C news
වවුනියාවේ යුද හමුදා කඳවුරක් අසලින් ජීව පතුරම් තොගයක් හමුවෙයි…

වවුනියාව බෝගස්වැව වෙහෙරතැන්න ප්‍රදේශයේ පිහිටි යුද හමුදා කඳවුරක් ආසන්නයෙන් ගම්වාසීන් පිරිසකට ටී.56 වර්ගයේ ජීව උණ්ඩ 750 ක් තිබී හමු වූ බවට බෝගස්වැව පොලීසිය පවසයි.

වෙහෙරතැන්න ගම්වාසීන් විසින් පස්කපන යන්ත්‍රයක් යොදාගනිමින් ප්‍රදේශයට පොළක් ඉදිකිරීම සඳහා යුද හමුදා කඳවුර හා මහවැලි ප්‍රාදේශීය කාර්යාලය අතර පිහිටි ඉඩමක් සකස් කරමින් සිටියදී අදාල ටී.56 උණ්ඩ ඇසුරු යකඩ පෙට්ටිය හමු වීමෙන් පසුව ප්‍රදේශවාසීන් විසින් බෝගස්වැව පොලීසියට දැනුම් දී ඇත.

අනතුරුව බෝගස්වැව පොලිස් නිලධාරීන් විසින් වලදමා තිබූ අදාල ජීව උණ්ඩ තොගය අඩංගු යකඩ පෙට්ටිය ගොඩ ගෙන ඇති අතර යුද සමයේදී කොටි සංවිධානය විසින් ආරක්ෂක අංශ වෙතට පහර දීමට පැමිණි අවස්ථාවකදී මෙසේ වලදමන්නට ඇති බවට පොලීසිය සැක පල කර සිටින අතර අදාල උණ්ඩ තොගය පිළිබඳව වවුනියාව මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දීමට පියවර ගෙන ඇති බවටද පරික්සණ සිදු කරන බෝගස්වැව පොලීසිය වැඩිදුරටත් පවසයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

16 views
Main News