වවුනියාවේ වැවක් පිලිසකර කරන විට බෝම්බයක් හමු වෙයි….

September 1, 2018 at 8:02 am | lanka C news
වවුනියාවේ වැවක් පිලිසකර කරන විට බෝම්බයක් හමු වෙයි….

වවුනියාව මඩුකන්ද වැව පිලිසකර කරන ලද පිරිසකට මඩ යට තිබූ අත්බෝම්බයක් හමුවී ඇති බවට මඩුකන්ද පොලීසිය කියා සිටියේය.

මඩුකන්ද වැව මේ දින වල පිලිසකර කෙරීම් සිදු කෙරෙන අතර එහිදී වැවේ පහල කොටසේ පිලිසකර කිරීමේ කටයුතු වල නිරත සේවක පිරිසකට මඩ යට තිබූ අත්බෝම්බය හමු වී ඇති අතර පසුව ඒ පිළිබඳව මඩුකන්ද පොලීසියට දැනුම් දී ඇත.

අනතුරුව අදාල ස්ථානයට පැමිණි මඩුකන්ද පොලිස් නිලධාරීන් විසින් බෝම්බය ගෙන අදිකරණ නියෝගයකින් වව්නියාව පොලිස් විශේෂ කාර්ය බලකායේ බෝම්බ නිශ්ක්‍රීය අංශයට භාරදීමට පියවර ගෙන ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

31 views
Main News