වවුනියාවේ වෙළඳසැලක් කොල්ල කෑ අයෙකු වසර දෙකකට පසු අත්අඩංගුවට…
July 18, 2019 at 2:02 am | lanka C news
වවුනියාව සිදම්බරපුරම් ප්‍රදේශයේ පිහිටි වෙළඳසැලක් කඩා එහි තිබූ මුදල් කොල්ල කෑ පුද්ගලයෙකු වසර දෙකකට පසුව අත්අඩංගුවට ගත් බවට වව්නියාව පොලිස් නොවිසුඳුනු අපරාධ විමර්ශන අංශය පවසයි.
අදාල කොල්ලකෑම සිදු කොට වසර දෙකක කාලයක් පුරාව සැඟව සිටි අදාල සැකකරු සම්බන්ධයෙන් ලැබුනු තොරතුරකට අනුව පොලිස් නොවිසුඳුනු අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් මැදවච්චිය ඇටවිරගොල්ලෑව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු එම ප්‍රදේශයේ පදිංචි කරුවෙකු වන අතර ඔහු දරුණු ලෙසින් මත්ද්‍රව්‍යට ඇබ්බැහි වී සිටින අයෙකු ලෙසටද පොලීසිය විසින් අනාවරනය කොට ගෙන ඇති අතර සැකකාර තරුණයා වවුනියාව අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇත.
– වන්නි රොමේෂ් මධුෂංඛ