වවුනියාවේ වෙළඳසැල් දෙකක් ගිනිගෙන සම්පූර්ණයෙන් විනාශයි.. මහ විනාශයක් නූලෙන් බේරේ..

December 2, 2017 at 12:40 pm | lanka C news
වවුනියාවේ වෙළඳසැල් දෙකක් ගිනිගෙන සම්පූර්ණයෙන් විනාශයි.. මහ විනාශයක් නූලෙන් බේරේ..

වව්නියාව වේප්පංකුලම් ප්‍රදේශයේ වෙළඳසැල් දෙකක ඊයේ (01) රාත්‍රියේ ඇති වූ ගිනිගැනීමක් හේතුවෙන් වෙළඳසැල් දෙකම සම්පූර්ණයෙන් විනාශ වී ඇති බවට වව්නියාව පොලීසිය කියා සිටියේය.

එක් වෙළඳසැලක ඊයේ රාත්‍රි  7.00 ට පමණ ඇති වූ ගින්න ඉතා සුලු වෙලාවකදී තවත් වෙළඳසැලකට ගිනි ගැනීමත් සමග අසල්වැසියන්ට ගින්න මැඩපැවත්වීමට නොහැකි වී ඇත.

පසුව ගුවන් හමුදාව,යුදහමුදාව , පොලීසිය හා නගරසභාවේ නිලධාරීන් හා ගිනි නිවිමේ ඒකකයන් විසින් එම අවස්ථාවේම පැමිණ ජලබවුසර් කිහිපයක් යොදාගනිමින් මහත් පරිශ්‍රමයක් දරා ගින්න නිවා දැමීමට පියවර ගැනුණි.

ගිනි ගත් වෙළඳසැල් දෙකේ ගින්න නිවා නොදැම්මේ නම් ඊට යාබදව පිහිටා ඇත්තේ ගෑස් වෙළඳසැල්ක් හෙයින් යම් හෙයකින් එම වෙළඳසැලට ගිනි ගත්තේ නම් විශාල විනාශයක් සිදු වීමට ඉඩතිබූ බවට වවුනියාව පොලීසිය කියා සිටියේය.

වෙළඳ සැලේ ගින්න ඇති වීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර විදුලි කාන්දුවකින් සිදු වූ බවට වව්නියාව පොලීසිය සැක පල කර සිටියේය.

නමුත් වෙළඳසැල් අවට වෙළෙන්ඳන් විසින් කියා සිටියේ මෙවැනි ගිනිගැනීමක් එකවර සිදුවන්නේ කිසියම් පුද්ගලෙයෙකු විසින් ගිනි තබන්නට ඇති බවට සැකයක් අතිව තිබෙන බවටයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

21 views
Main News