වවුනියාව රක්ෂිතයක ගිනි අවි ඇතුලු යුද උපකරන තොගයක් හමුවෙයි…
March 18, 2019 at 2:06 am | lanka C news
වවුනියාව කුඩකච්චකොඩි ප්රදේශයේ රක්ෂිතයක තිබී දිරා ගිය ගිනි අවි ඇතුලු යුද උපකරණ තොගයක් හමු වූ බවට වවුනියාව පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් පැවසූහ.
වවුනියාව පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් පිරිසක් විසින් සිදු කරන ලද මුර සංචාරයක් අතරතුරදී මෙම යුද උපකරණ තොගය හමු වී ඇති අතර අදාල යුද උපකරණ තොගය යුද සමයේදී කොටි සංවිධානය විසින් දමා යන්නට ඇති බවට පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් සැක පල කර සිටියහ.
එහිදී හමු වූ යුද උපකරණ අතර එම.පී.එම.ජී. තුවක්කු බැරල් 59ක්, ටී.56 තුවක්කු බැරල් 05ක්, එච්.කේ.11 ගිනිඅවි බැරල් 02ක්, මිලිමීටර් 60 මෝටාර් උණ්ඩ 01 ක් මේ අතර වෙයි.
මෙසේ හමු වූ යුද උපකරන තොගය පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් වව්නියාව පොලීසියට භාර දී ඇති අතර අධිකරණ නියෝගයකින් අදාල යුද උපකරණ තොගය විනාශ කිරීමට පියවර ගෙන ඇති බවටද වව්නියාව පොලීසිය පවසයි.
– වන්නි රොමේෂ් මධුෂංඛ
STF eka monawa karanawada… ara Bathiudeen ge aayuda thogayak allagena