වවුනියා ගෙවත්තකින් කඩු හමුවේ..

May 1, 2019 at 8:40 am | lanka C news
වවුනියා ගෙවත්තකින් කඩු හමුවේ..

වව්නියාව පට්ටානිචූර් ප්‍රදේශයේ පිහිටි ගෙවත්තේ සඟවා තිබූ තියුණු කඩු දෙකක් සමග පුද්ගලයා අත්අඩංගුවට ගත් බවට වව්නියාව නෙලුක්කුලම් පොලීසිය පවසයි.

වවුනියාව නෙලුක්කුලම් පොලීසියට ලද තොරතුරකට අනුව එහි නිලධාරීන් පිරිසක් විසින් අදාල ගෙවත්තේ සිදු කරන ලද සෝදිසි මෙහෙයුමකදී ගෙවත්තේ අපජලය ගලායන කානුවක් තුල නොපෙනන අයුරින් ප්ලාස්ටික් බටයක් තිබී සොයාගෙන ඇත.

පසුව එය පරික්ෂා කිරීමේදී ඉතා තියුණු කඩු දෙකක් තිබී හමු වී ඇති අතර නිවසේ හිමිකාර 37 හැවිරිදි පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීන් පයවර ගනු ලැබිණි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

15 views

One Comment to “වවුනියා ගෙවත්තකින් කඩු හමුවේ..”

  1. Nihal says:

    Dont worry – This is to clean the back yard

Main News