වසංගතයක් නිසා ආයෝජන නතර කිරීම මෝඩ වැඩක්…

July 21, 2021 at 2:20 am | lanka C news
වසංගතයක් නිසා ආයෝජන නතර කිරීම මෝඩ වැඩක්…

දළඳා සමිදුන් වැඩවෙසෙන ඓතිහාසික කන්ද උඩරටට ප‍්‍රධාන පිවිසුම් මාර්ගයක පිහිටා ඇති කඩුගන්නාව නගරයේ ඓතිහාසිකත්වය සුරකිමින් නව ලොවට ගැලපෙන අයුරින් නගරය සැලසුම් කිරීම පිළිබඳව සොයා බැලීම සහ පිළිමතලාවේ ඉදිකිරීමට යෝජිත ඇවිදින මංතීරුව සඳහා යෝජිත ස්ථාන පරීක්ෂාවක රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා නිරත විය.

එහිදී කඩුගන්නාව නගර සංවර්ධන වැඩසටහන යටතේ නාගරික සංවර්ධන අධිකාරිය මගින් කි‍්‍රයාත්මක සහ කි‍්‍රයාත්මක කිරීමට යෝජිත ව්‍යාපෘති පිළිබඳව සොයා බලමින් ව්‍යාපෘති කඩිනම් කිරීම සඳහා නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ට අවශ්‍ය උපදෙස් ලබාදීම සිදු කරන ලදි. එම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත‍්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා ද සහභාගී විය.

එහිදී මාධ්‍යවේදියෙකු ඇසූ ප‍්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා පවසා සිටියේ, ‘‘ ඕනෙම රටක වියදම් වර්ග දෙකක් තිබෙනවා. එකක් තමයි පුනරාවර්තන වියදම්, එදිනෙදා වියදම් අනෙක තමයි ආයෝජන. යම් රටක් අර්බුද තිබෙනවා කියල ආයෝජන සියල්ල නතර කරනවා නම් මම හිතන්නේ එය ඉතාමත් මෝඩ වැඩක්. මොකද වසංගතයක් කියලා කියන්නේ සදාකාලික දෙයක් නෙමෙයි. වසංගතය ඉවර උනහම මේ රට ඉදිරියට යා යුතුයි. මේ රටේ ආර්ථිකය සකි‍්‍රය විය යුතුයි. ජන ජීවිතය සාමාන්‍ය විය යුතුයි. ඒ නිසා ඒ අනාගතය වෙනුවෙන් කරන ආයෝජන නතර කරන එක බුද්ධිමත් කි‍්‍රයාවක් නොවෙයි. ඒකයි අපි ආයෝජන සියල්ල ඒ ආකාරයෙන්ම කරගෙන යන්නේ.

රනිල් වික‍්‍රමසිංහ මහත්මයා 2015 බලයට එනකොට මේ රටේ විදේශ සංචිත ඇමරිකානු ඩොලර් බිලියන 8.3 ක් තිබුණා. අපි 2019 වෙනකොට සැලසුම්කරලා තිබුණේ ඇ.ඩො. බිලියන 15 ක් වෙනවා කියලා. නමුත් රනිල් වික‍්‍රමසිංහ මහත්මයා අපට භාර දුන්නේ අපි බාර දුන්නටත් වඩා අඩුවෙන් විදේශ සංචිත ඇ.ඩො. බිලියන 7.2 යි. ඒ නිසා රනිල් වික‍්‍රමසිංහ මහත්මයාට කියන්නේ තමුන්ට කරන්න බැරි වූ දෙවල් අනුන්ට කියන්න එපා කියලා’’ බවයි.

– ඩබ්. ඒ. උදිත පුෂ්පකුමාර

15,166 views

6 Comments to “වසංගතයක් නිසා ආයෝජන නතර කිරීම මෝඩ වැඩක්…”

  1. Cheenapatas says:

    “Daladaa samindun weda wasana ” ! Methanadith boruwata minisunwa rawatannaa agama adinawa. Hora thakkadiyaa! Tho ara komisamen “Namahge Accout ekata ” miliyana gaanak maaru karapu bawa tho hithuwada apita amathaka welaa kiyala. Minissu thopita kiyanne HORU kiyalayi. Thopi hithanne thopi niyama Sinhala Bawuddhayo kiyalayi!

  2. ලොණ්ඩපතුරු says:

    ගම්පහ මෝඩ මිනිස්සු කරපු දෙයක්

  3. Neela says:

    භාගෙට හෝ ඇත්ත කීවට ස්තූතියි. 2015 දී $ බිලියන 8.3 ඹබලා ගන්න විට 7.2 වූයේ 2018 දින 52 පෙරලියෙන් වූ බිලියන 1 හානියත්, සහරාන් ලවා සිදුකළ (?) පාස්කු ප්‍රහාරයත් නිසා බවත්, අපි ඒක අවුරුදු දෙකෙන් බිලියන 2.2 ට අඩු කලා කියා ඉතිරි භාගයත් කීවා නම් අපූරුයි.

  4. Meya maha his minisek. Ewidina mantheeruk heduwama Nuwara bebalenawada manussayo. Traffic jam eka ahosi karanna. Nagaraya alankara karanna kiyath manga ara pass ewunta SIR kiyamin oluwa namanawa

  5. janatha says:

    රාජ්‍ය ඇමති යනවා මංතීරු හදන්න තියන ස්ථාන බලන්න​.. මීඩියා ශෝ? . යකෝ මුන් වැඩ නැති නිකමුන්නේ… රට අගාදෙට නොයයිද​?.

  6. සුනිල් says:

    ඇත්ත.

Leave a Comment